වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ගින්දරී නිසා ඇතුගල උණුසුම්

ගින්දරී නිසා ඇතුගල උණුසුම්

උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී සිනමාපටය තිරගත වී දින තිස්පහක් පිරෙද්දී කුරුණෑගල ඉම්පීරියල් සිනමාශාලාව වාර්තා පොතට එක්විය. ඒ මේ දිනවල තිරගත වන සිනමාපටයක් එක් ශාලාවක තිරගත කිරීමෙන් ලැබූ ඉහළම ආදායමකට හිමිකම් කියමිනි. එය මේ වන විට ගින්දරී තිරගතකොට තිස්තුන් ලක්‍ෂ පනස් පන්දහස් හත්සිය හැත්තෑතුනක ආදායමක් ලබා තිබේ.

උදය කාන්ත පවසන පරිදි ගින්දරී සමස්ත ආදායම ලක්‍ෂ 450 ක් වේ. එය ඉහළ ප්‍රතිචාර ලබමින් තිරගත වන බව ඔහු පවසයි.

පබෝධා සංදීපනී, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, ශි‍්‍රයන්ත මෙන්ඩිස්, ලෝචනා ඉමාෂි, රිචඩ් මානමුදලි ඇතුළු නළු නිළියන් රැසක් ගින්දරී රංගනයෙන් රස ගන්වති.

ගින්දරී කතාව දෙබස් තිර රචනය උදය කාන්ත ගෙනි. මෙය ඔහු මීට ප්‍රථම නිර්මාණය කළ බහු භූතයෝ සිනමාපටයේ දෙවැනි කොටසවේ.