වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් 07 දා

රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් 07 දා

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් එකොළොස් වැනි වරට පවත්වනු ලබන 2014 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල මෙම මස 07 වැනිදා සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වේ.

රූපවාහිනී නිර්මාණ ක්ෂේත්‍රයේ විශිෂ්ට කුසලතා දක්වන ලද නිර්මාණකරුවන් රාජ්‍ය මට්ටමෙන් ඇගයීමට ලක් කිරීම සඳහා පවත්වනු ලබන එකම සම්මාන උළෙල මෙය වන අතර මෙයට සමගාමීව රූපවාහිනී සමීක්ෂා ග්‍රන්ථයේ අටවැන්න ද එළිදැක්වීම සිදු කෙරේ.

සියලු රූපවාහිනී නාළිකාවන්හී 2013 දෙසැම්බර් 31 දිනට විකාශය අවසන් වූ රූපවාහිනී නිර්මාණ සහ වැඩසටහන් මෙම උළෙල සඳහා සලකා බැලේ. මෙම උත්සවය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සහ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක ඇතුළු සම්භාව්‍ය අමුත්තන් රැසක් සහභාගිවීමට නියමිතය.