වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

හලෝ මයි ඩාලිං

තිරගත වූ දිනය - 1994 දෙසැම්බර් 12

ඉදිරිපත් කිරීම - එස්. ආර්. චිත්‍රපට

නිෂ්පාදනය - ගාමිණී චන්ද්‍රරත්න, රුවන් මෙන්ඩිස්, එම්. ප්‍රේමශාන්ත, සුනේත්‍රා චන්ද්‍රරත්න

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම

සහාය අධ්‍යක්ෂණය හා සංස්කරණ සහාය - ධනේෂ් ලංකා පීරිස්

කැමරාකරණය - ජී. නන්දසේන

කැමරා සහාය - ඩබ්ලිව්. මාටින්, ඩබ්ලිව්. පියසේන, එම්. අනුර, සුජිත් සුභසිංහ, සරත් කරුණාරත්න, එම්. ප්‍රියන්ත, නිමල් තංගයියා

සංස්කරණය - එම්. ඒ. අලිමාන්

අංග රචනය - බෙනට් ජයතුංග

කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්

සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - උපාලි අරම්පොල, සුනිල් උපාලි, ඩී. ඩබ්ලිව්. ඒ. ජයමාන්න. රංජිත් පෙරේරා, ඩබ්ලිව. ජී. පොඩිරත්න, පී. ජයවිර, කේ. බී. නන්ද කුමාර

රසායනාගාර පාලක - අයි. ඒ. ජොහාර්

ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)

අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක

දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග

දෙබස් පටිගත කිරීමේ සහාය - සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන, පාලිත සිල්වා

කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන

සහාය - අසංක හෙට්ටිආරච්චි

නිෂ්පාදන විධායක - අරුණ සමන් මැන්ඩිස්

නිෂ්පාදන කළමනාකරණය - ජී. වී. ප්‍රේමරත්න, නේරියස් ජේ. පෙරේරා

නිෂ්පාදන සැකසුම - චන්ද්‍ර මුතුන්ත්‍රි

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට (නව ගීත)

ගීත හා ගායන ශිල්පීන් -

හිටියත් හිර වී අපි ගේ මුල්ලේ - ලතා වල්පොල, චම්පා කල්හාරි
හොඳ සිරියාවයි ආකාසේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
තරුණ නෙත් ජය මංගලේ - එච්. ආර්. ජෝතිපාල
ආදරෙන් ඉමුකෝ - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල

නළු නිළියන් - රන්ජන් රාමනායක, සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ඩිලානි අබේවර්ධන, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, මර්වින් ජයතුංග, නිරෝෂා කුමාරි, බර්ටි ගුණතිලක, තිලක් රණතුංග, බෙනට් ජයතුංග, ලක්ෂ්මන් සිල්වා, යසෝද් ඉද්දමල්ගොඩ, ජනක පීරිස්, වජිර දේශප්‍රිය

ඉන්ස්පෙක්ටර් ගීතා

තිරගත වූ දිනය - 1995 ජනවාරි 13

ඉදිරිපත් කිරීම - ලක්දිව ෆිල්ම්ස්

නිෂ්පාදනය - තිලක් ඈපාආරච්චි

දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය - කුසුම් චන්ද්‍ර ගමගේ

කතාව - 'ආන්දා කානුන්' හින්දි චිත්‍රපටය ඇසුරිනි

කැමරාකරණය සහ කාර්මික අධ්‍යක්ෂණය - ඩැනී ඩබ්ලිව්. පතිරණ

සංස්කරණය - ඇම්. ඇස්. අලිමාන්

අංග රචනය - බෙනට් ජයතුංග, රොහාන් මුදන්නායක, ලක්ෂ්මන් පෙරේරා, මෛත්‍රීපාල

කලා අධ්‍යක්ෂණය - ආනන්ද පොල්ගහවෙල

සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා, ගාමිණී කුමාර්

නැටුම් අධ්‍යක්ෂණය - ආනන්ද පොල්ගහවෙල

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, කේ. පී. කේ. බාලසිංහම්

ශබ්ද සහාය - උපාලි අරම්පොල, සුනිල් උපාලි, ඩී. එච්. ඒ. ජයමාන්න, රංජිත් පෙරේරා, ඩබ්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර

රසායනාගාර කටයුතු - ඩිල්මන් ජයරත්න, ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්

සැකසුම - සරසවි චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය

නිෂ්පාදන අධිකාරි - චන්න දහනායක

නිශ්චල ඡායාරූප - ඩොනල් ජෑන්ස්, මුත්තාලි

ඇඳුම් නිර්මාණය - තිලකා දැරණියගල

කොණ්ඩා සැරසිලි - ලලිත් ධර්මවර්ධන, රංජිත්

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

ගීත ප්‍රබන්ධය - සිරිල් ඒ. සීලවිමල, අජන්තා රණසිංහ, සෝමපාල ලීලානන්ද, හේමසිරි හල්පිට

ගීත - මල් වසන්තේ උයනක - මිල්ටන් මල්ලවආරච්චි, මායා දමයන්ති
කෝ එදා - රෝහණ බෝගොඩ
පෙම් සිහිනේ කුමාරි - නුවන් ගුණවර්ධණ, මායා දමයන්ති
පොඩි දුවේ හඬනු එපා - මිල්ටන් මල්ලවආරච්චි, ලතා වල්පොල
පොඩි දුවේ හඬනු එපා - උරේෂා රවිහාරි
ලස්සන ලොවකට මට ඔබ - මායා දමයන්ති
රටේ වෙද්දු - ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, ක්‍රිස්ටීන් ගුණවර්ධන

නළු නිළියන් - සනත් ගුණතිලක, ගීතා කුමාරසිංහ, ලයනල් දැරණියගල, නිහාල් සිල්වා, මොරිස් දහනායක, පතිරාජ එල්. එස්. දයානන්ද, සෝනියා දිසානායක, මැණික් කුරුකුලසූරිය, රන්ජන් රාමනායක, ලිලියන් එදිරිසිංහ, ශ්‍රීමතී රසාදරී, විල්සන් කරුණාරත්න, මාක් සැම්සන්, ක්ලීටස් මෙන්ඩිස්, මර්වින් ජයතුංග, මහින්ද ගාල්ලගේ, ශ්‍රීනාත් මල්දෙනිය, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, තිලක් රණතුංග, දයා රත්නායක, මල්කා දමයන්ති, විෂ්ණා ගුණවර්ධන, ලතා ලුම්බිණි, ළමා - අර්ශනී දිසානායක, රුවන් ප්‍රියදර්ශන, සුභානි ප්‍රියදර්ශිකා

වාසනා වේවා

තිරගත වූ දිනය - 1995 ජනවාරි 27

ඉදිරිපත් කිරීම - සෝනියා දිසා චිත්‍රපට

නිෂ්පාදනය - සෝනියා දිසානායක, සුනිල් ටී. ප්‍රනාන්දු

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස්

කතාව - 'ඒක් පූල් දෝ මාලි' හින්දි චිත්‍රපටයේ අනුකරණයකි

සහාය අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස්

කැමරා අධ්‍යක්ෂණය - ඇම්. ඒ. ගෆූර්

කැමරා සහාය - බන්දුල කුරේ, ඊ එම්. ලක්ෂ්මන්, එම්. ඇරෆන්, පත්මසිරි පීරිස්, ෂෙල්ටන් කොස්තා, එච්. ආරියරත්න

කැමරා ක්‍රියා කරවීම - නිමල් නාකන්දල

සංස්කරණය - කුමාරසිරි ද සිල්වා

අංග රචනය - ජී. ඩී. නන්දසිරි

කලා අධ්‍යක්ෂණය - සරත් දහනායක

සහාය - ප්‍රසන්න සටන් අධ්‍යක්ෂණය - සැන්ඩෝ හැරිස්

නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය - ඩී. එච්. එම්. ජයමාන්න, ඩබ්ලිව්. ඩී. පොඩිරත්න, රංජිත් පෙරේරා, සුනිල් උපාලි, කේ. වී නන්ද කුමාර්

දෙබස් පටිගත කිරීම - උපාලි අරම්පොල ශබ්ද මිශ්‍රණය - ලයනල් ගුණරත්න

අතිරේක ශබ්ද - ලෙස්ලි රණවක ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)

සහාය - මුදිත කුඹුකගේ රසායනාගර කටයුතු - අයි. ඒ. ජොහාර් (ඩිල් ප්‍රොසේ)

රසායනාගාර සහාය - මහින්ද සෙනෙවිරත්න, කීර්ති පුෂ්ප කුමාර, සංජීව බණ්ඩාර, දීපානි රාජපක්ෂ, තිලකරත්න

රසායනාගාර නඩත්තු නිලධාරි - කේ. ඒ. ඇන්ඩි සිංඤෝ

සහාය - අනිල් වීරසූරිය කොණ්ඩා මොස්තර - ලලිත් ධර්මවර්ධන

සහාය - අසංක හෙට්ටිආරච්චි ඇඳුම් නිර්මාණය- සෝනියා දිසානායක, සුපර් පොප් ටේලර්ස්

සම්බන්ධීකරණය - යූ. ඩබ්ලිව්. ප්‍රේමරත්න සහාය - අනුර විජේවර්ධන

සැකසුම - සරසවි චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - ජයලත් ප්‍රනාන්දු, චතුර පෙරේරා, රංජිත් කරුණාතිලක, මයිකල් පෙරේරා

නිෂ්පාදන අධිකාරි - කරු දිසානායක

නිශ්චල ඡායාරූප - නිමල් නාකන්දල

නාමාවලිය - ඩික්සන් ෆොන්සේකා

කැමරා උපකරණ සැපයුම - සිනෙක්විප් සර්විස්

ස්වර්ණාභරණ සැපයුම - සෝනියා - තොම්සන් ජුවලරි

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට

අතිරේක හඬ කැවීම් - නිහාල් ජයවර්ධන, සුනිල් සෝම පීරිස්

ගීත - මේ අසරනුන්ට දෙවියෝ ද - ග්‍රේෂන් ආනන්ද
චුට්ටං චුට්ටං චුට්ටං චූටියා - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක
ප්‍රේමේ මේ සිහින ලොවේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
තාත්තා මගේ තාත්තා - ග්‍රේෂන් ආනන්ද, හර්ෂනී දිසානායක
 පුතුනේ මාගේ - ග්‍රේෂන් ආනන්ද

නළු නිළියන් - දමිත් ෆොන්සේකා, සංගීතා වීරරත්න, සෝනියා දිසානායක, බන්දුල දිසානායක, කුසලා පෙරේරා (ළමා), මර්වින් ජයතුංග සුනිල් හෙට්ටිආරච්චි, චිත්‍රා වාකිෂ්ඨ, විජය ජයවර්ධන, ගුණවර්ධන හෙට්ටිආරච්චි, රංජිත් රුද්‍රිගූ, සැන්ඩෝ හැරිස්, කීත් රංග, ඩැනී සමරවීර කැළුම් අල්විස්, රූපා මෙන්ඩිස්, අජිත් කුමාර

විජේ සහ අජේ

තිරගත වූ දිනය - 1995 පෙබරවාරි 10

ඉදිරිපත් කිරීම - එස්. එල්. එන්ටර්ප්‍රයිසස්

නිෂ්පාදනය - ශෂි විජේන්ද්‍ර, ලාල් වීරසිංහ

දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා

කතාව - ඩී. කීරගලආරච්චි

සහාය අධ්‍යක්ෂණය - රංජිත් ජයසිංහ

කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා

කැමරා සහාය - මාෂල් ස්ටැන්ලි, යාපා විජය බණ්ඩාර, අනිල් පෙරෙරා, මයිකල් ක්‍රිස්ලි

සංස්කරණය - ඩෙන්සිල් ජයවීර

අංග රචනය - නිමල් දයාවංශ

කලා අධ්‍යක්ෂය - ආනන්ද වික්‍රමකීර්ති

සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා

නැටුම් අධ්‍යක්ෂණය - සෙල්වින් ජප්පා

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය - සරත් සිරිබද්ධන, පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන

රසායනාගාර අධිකාරි - අයි ඒ. ජොහාර් (ඩිල් ප්‍රොසෙස්)

රසායනාගාර නිලධාරීන් - මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, එච්. ඒ. ඇල්බට්

සැකසුම - ටී. කේ. චිත්‍රාගාරය

ගීත පටිගත කිරීම - ක්‍රිස්ටි පෙරේරා (සව්සිරිපාය)

කොණ්ඩා සැකසුම - සරත් රණවීර

කැමරා උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්

නිෂ්පාදන කළමනාකරණය - ප්‍රේමදාස ජයකොඩි, ප්‍රේමචන්ද්‍ර කුරේ

නිශ්චල ඡායාරූප - අතුල ජයසුන්දර

නාමාවලිය - ජී. බී. නන්දසේන

පසුබිම් සංගීතය - සෝමපාල රත්නායක

සංගීත අධ්‍යක්ෂණය - නීල් වර්ණකුල සමඟ සන්ෆලවර්

ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, සුනිල් යෝගේන්ද්‍ර

ගීත - අපි කැමැති මේ වගේ - ග්‍රේෂන් ආනන්ද, නීල් වර්ණකුල
කියන්නකෝ සුදු මාමේ - කුෂාණි සඳරේඛා, ග්‍රේෂන් ආනන්ද, නීල් වර්ණකුල
මල් වසන්තේ - නීල් වර්ණකුල, චම්පා කල්හාරි
මේ ආදර මල් පලසේ - ග්‍රේෂන් ආනන්ද, මායා දමයන්ති පෙරේරා

නළු නිළියන් - ලාල් වීරසිංහ, අනෝජා වීරසිංහ, මැණික් කුරුකුලසූරිය, දිල්හානි ඒකනායක, රොබින් ප්‍රනාන්දු, ටෙනිසන් කුරේ, ක්ලීටස් මෙන්ඩිස්, විල්සන් කරුණාරත්න, මාක් සැම්සන්, සඳුන් විජේසිරි, පියදාස විජේකෝන්, සුසිලා කූරගම, ශාලිකා සුභසිංහ, නිහාල් ප්‍රනාන්දු, ලාල් කුමාර, පියතිලක අතපත්තු, හේමන්ත ඊරියගම, ලක්ෂ්මන් සිල්වා, සැන්ඩෝ හැරිස්, සචිනි නිරාශා

සෙයිලම

තිරගත වූ දිනය - 1995 මාර්තු 10

ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී. චිත්‍රපට

නිෂ්පාදනය - සෝමා එදිරිසිංහ

අධ්‍යක්ෂණය - එච්. ඩී. ප්‍රේමරත්න

කතාව, දෙබස්, තිර රචනය - සයිමන් නවගත්තේගම

සහාය අධ්‍යක්ෂණය - එල්. එස්. චන්ද්‍රසේකර, ඉන්දික අබේරත්න

කැමරාකරණය - ඇන්ඩෲ ජයමාන්න සහාය - එම්. ඩී. ඇන්ටනි

සංස්කරණය - එල්මෝ හැලිඩේ සහාය - ෂෙල්ටන් පෙරේරා, නාලක රත්නායක

අංග රචනය - රංජිත් මතඟවීර සහාය - ඉමල් ශානක පීරිස්

කලා අධ්‍යක්ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා සහාය - ප්‍රැටික් ඩේවිඩ්

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්දාගාර සහාය - රණවක, ඩබ්. ජේ පොඩිරත්න, කේ. යූ නන්ද කුමාර, පී. ජයවීර, ඩී. එච්. එම්. ජයමාන්න, උපාලි අරම්පොල, එස්. ඒ. ප්‍රේමදාස ආලීකකරණ

සහාය - මර්සලින් ඇන්තනි, කර්ලින් ඇන්තනි, ජයරත්න පෙරේරා, විජයරත්න

ගීත හා පසුබිම් සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය

අතුරු ශබ්ද පටිගත කිරීම - ලෙස්ලි රණවක, ෂෙල්ටන් පෙරේරා

වෙඩි පිපිරවීම් - කරුණාදාස අතුරුගිරිය, කුමාර අතුරුගිරිය

නිෂ්පාදන අංශයේ සහාය - ඊ. කේ. එම්. පෙරේරා, රංජිත් ජෝන්, ඩබ්. එම්. ලොකු බණ්ඩාර, ඩී. ඒ. සුමිත්, අමරපාල, ජයවර්ධන, නිහාල්

නිෂ්පාදන කළමනාකරණය - නිහාල් සංජය

නිශ්චල ඡායාරූප - ලීනස් කල්දේරා

සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ

ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න

ගීත - එඩ්ව්ඩ් ජයකොඩි, ශ්‍රියාණි කාරියවසම්, දීපිකා ප්‍රියදර්ශනී, අනූෂා නානායක්කාර

ගීත - මේ කොයි යන්නේ

නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙණිය, අනෝජා වීරසිංහ, සිරිල් වික්‍රමගේ, දයා තෙන්නකෝන්, ඩිලානි අබේවර්ධන, ඩබ්. ජයසිරි, ග්‍රැන්විල් රොඩ්රිගෝ්, රිචාඩ් වීරක්කොඩි, චන්ද්‍රා කළුආරච්චි, මැණිකේ අත්තනායක, එල්සන් දිවිතුරගම, ජී. ගුණවර්ධන, පද්මිණී දිවිතුරගම, ඥානාංග ගුණවර්ධන, ගීතාල් පෙරේරා, අවන්ත මහතන්තිල (ළමා), විනී වෙත්තසිංහ, ධර්මදාස කුරුප්පු, ප්‍රදීප් සේනානායක, කේ. ඒ. මිල්ටන් පෙරේරා, ශාලිකා සුභසිංහ, ඩී. එස්. දයාරත්න, ප්‍රැටික් ඩේවිඩ්, සුමිත් සුරංග, දමිත් තිසේරා, ශ්‍රියාණි මහතන්තිල, චන්ද්‍රිකා මුණසිංහ, හිල්ඩා ඇග්නස්, උපතිස්ස පෙරේරා, බර්නාඩ් පරණවිතාන, රොහාන් කරුණාරත්න, නිහාල් සංජය, විමලා කුමාරි, ගුණපාල පෙරේරා, නිමල් රාජපක්ෂ

රෝදය

තිරගත වූ දිනය - 1995 අප්‍රියෙල් 01

ඉදිරිපත් කිරීම - සිංහ සිනෙරු

කතාව, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - බන්දු සමරසිංහ

දෙබස්, තිර රචනය සහ සහාය අධ්‍යක්ෂණය - සරත් ධර්මසිරි

කැමරාකරණය - ජී. නන්දසේන

කැමරා සහාය - මාටින් රණසිංහ, එච්. අනුර, ඩබ්. පියසේන, ඊ. එම්. ප්‍රියන්ත, සුජිත් සුභසිංහ, නිමල් නන්දසිරි

සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්

අංග රචනය - ජේ. සෙල්වරාජා

කලා අධ්‍යක්ෂණය - ඩික්සන් ෆොන්සේකා සහාය - සිසිර විජේසිංහ, උපාලි තන්තිරිගේ

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග (ටී. කේ. ශබ්දාගාරය)

ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන

රසායනාගාර කටයුතු - අයි. ඒ. ජොහාර්

රසායනාගාර සහාය - ඩබ්. ඒ. එම්. තිලකරත්න, මහින්ද සෙනෙවිරත්න, දීපානි රාජපක්ෂ, එච්. ඩී. කේ. පුෂ්පකුමාර, සංජීව බණ්ඩාර

රසායනාගාර නඩත්තු නිලධාරි - කේ. ඒ. ඇන්ඩි සිංඤෝ සහාය - අනිල් වසන්ත වීරසූරිය, බන්දුල අතුකෝරල

ගීත පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු - ටරිටා ශබ්දාගාරය

අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක

කැමරා උපකරණ සැපයුම - සමරසිංහ චිත්‍රපට

නිෂ්පාදන කෘත්‍යාධිකාරි - ස්වර්ණ සමරසිංහ

නිශ්චල ඡායාරූප - ලින්ටන් අබේසේකර නාමාවලිය - එඩ්වඩ් විජයසිරි

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, හේමසිරි හල්පිට, හෙක්ටර් විජයසිරි

ගීත - මේ සංසාරේ - මිල්ටන් මල්ලවආරච්චි සහ පිරිස
නව හිරු සඳ පායලා - මිල්ටන් මල්ලවආරච්චි, බන්දු සමරසිංහ සහ පිරිස
ආලෙන් වෙලී සුවඳ - ලතා වල්පොල
මේ කුමාරි කුරුලු ආදරේ

නළු නිළියන් - බන්දු සමරසිංහ, නදීකා ගුණසේකර, විල්සන් කරුණාරත්න, ටෙනිසන් කුරේ, විමල් කුමාර ද කොස්තා, මාක් සැම්සන්, තලතා ගුණසේකර, සුසිලා කෝට්ටගේ, සිසිර කුමාරතුංග, රහල් බුලත්සිංහල, ලලිත් කුමාර, පුෂ්පා ගුණවර්ධන, සරත් සිල්වා, සනත් ෆොන්සේකා, චතුරංග (ළමා)