වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

හොඳ නමින් තිරගත චිත්‍රපට

හොඳම වෙලාව
හොඳට හොඳයි
හොඳයි නරකයි
හොඳ හිත
අදට වැඩිය හෙට හොඳයි
ඔහොම හොඳ ද
හිත හොඳ මිනිහෙක්
හොඳින් ඉන්න
හොඳම නළුවා
හිතත් හොඳයි වැඩත් හොඳයි
හිත හොඳ කොල්ලෙක්
හිත හොඳ චන්ඩියා
හොඳ හොඳ සෙල්ලම්
ඔක්කොම හොඳටයි
හිත හොඳ නම් වරදින්නේ නැහැ
හිත හොඳ ගැහැනියක්
හිත හොඳ සූරයෝ
හොඳින් නැත්නම් නරකින්
 

සමන් ගාල්ලගේ

කැටපල

කෝපි කඩේ සැරදේවා

අවුරුදු 28 ක් කියන්නේ සුළුපටු කාලයක් නොවේ. මේ කාලය පුරාවටම රසික ආකර්ශනය දිනාගත් 'කෝපි කඩේ' නාට්‍යය මාලාව වත්මන් නාට්‍ය කලා රචකයින්ට මහත් අස්වැසිල්ලකි. මේ කාලය පුරාවටම නාට්‍යයේ චරිත මවන රංගන ශිල්පීන්ගේ දායකත්වය ලබා ගැනීමත් පහසු දෙයක් නොවේ. නමුත් ශාන්ත සොයිසා මෙකී නිර්මාණ කාර්යය මැනවින් සිදු කරගෙන යන බව පෙනේ. රංගන ශිල්පින්ගේ දායකත්වයත් අගය කරමි.
 

පී. ඩී. හර්ෂ විරාජ්

නාලවලාන, ගෝනවිල

දිනූෂා හරිම අපූරුයි

වෙළෙඳ සේවයෙන් ගෙන එන ගී මින්නාද වැඩ සටහන ඔබ විසින් මෙහෙය වන ආකාරය හරිම අපූරුයි. අහන් ඉන්න ආසයි. වැඩ සටහන සාර්ථකව කරගෙන යාමට ඔබට තව තවත් ශක්තිය ධෛර්ය අපි ප්‍රාර්ථනා කරමු.
 

වික්‍රම සුන්දර දයාරත්න

රෝහිණී දයාරත්න

හොරගස්මුල්ල, දිවුලපිටිය

උද්දික ප්‍රේමරත්නට!

මහ රජ ගැමුණු චරිතය ඔබ ඉතා විශිෂ්ඨ ලෙස රඟපාන බවත් මුළු චිත්‍රපටය පුරාම ඔබේ චරිතය ඉතා ප්‍රබල රඟපෑමක් ලෙස දිස්වන අයුරුත් ඉතා ප්‍රශංසනීයයි. ඔබ ඉතා දක්ෂ චරිතාංග නළුවෙක් වී හමාරය. ඔබට ශක්තිය ධෛර්යය.
 

රංජනී අමරසිංහ

මල්වාන

පද්මසිරි කොඩිකාර අධ්‍යක්ෂණය කළ යොවුන් රංගන ශිල්පී විශ්ව කොඩිකාර විසින් අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ චරිතයට ජීවය දුන් සදාදර ජෝති සිතුවම්පටය මේ වසරේ ජූලි මස 07 වැනි දින යෙදෙන 28 වැනි ජෝති අනුස්මරණ දිනයේ හෝ රසිකයන්ට නැරැඹීමට හැකි වුවහොත් එය ඉතා අගය කොට සලකමු.
 

බදුල්ලේ කන්දෙගෙදර

කිත්සිරි ගුණසේන, රොෂාන් උදාර, උදේනි ඉන්දු කුමාරි, කොලොන්නාවේ විජේසිරි

ස්වර්ණා දැකීම සතුටකි

අභිරහස, රං ඔන්චිල්ලා, ලස්සන දවසක්, බිනරමලී වැනි චිත්‍රපටවලින් එදා රසික සිත් අමන්දානන්දයට පත් කළ ස්වර්ණා කහවිට වෙළෙඳ දැන්වීමකින් හෝ යළි දැකීම රසික අපට බලවත් සතුටකි. ස්වර්ණා මෙන්ම කැලැරිස්, එඩ්නා යළි රිදී තිරයෙන් දැකගන්නට ලැබේවායි පැරැණි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් ප්‍රාර්ථනය කරන්නෙමු.
 

චන්ද්‍රකාන්ති ධර්මරත්න

දළුගම, කැලණිය

S.M.S.

මට පෙනෙන පරිදි සනත් අබේසේකර තමයි අප රටේ බිහි වූ ඉතිහාස චිත්‍රපට නිර්මාණය කිරීමට හපන්කමක් දක්වන එකම කෙනා. ඔහු නිර්මාණය කළ චිත්‍රපට සෑම එකක්ම පාහේ මං බැලුවා. අන්න චිත්‍රපට.
 

වසන්ත හේවාවසම්

බොරැල්ල

ජනප්‍රිය ගායක Red වෙතටයි. හඳ වැටෙනා ලෝකයට ඔබ සිනහා මල් මුවගේ මවනා විඩාබර සිත් නිවා සිනාවෙන් සලා ගී ආසිරි පවන් උදා කරනා නැවුම් රසබර යුගය හරි වාසනාවන් පුද ආසිරි කුසුම් පතනෙමි. Red දිනි හද දුක් නිවනා. ජයෙන් ජය!
 

හර්ෂනාත බණ්ඩාර

නිකවැරටිය

ටී. එම්. ජයරත්නගේ උපන් බිමෙන් සහ මා වගේ යන ගීත දෙක හරිම ලස්සනයි. අහන්න අහන්න එපා වෙන්නේ නැහැ.
 

ෆාතිමා - වැලිගම

1970 දශකයේ අපේ ජනප්‍රිය ගායිකාවන් වූ සුජාතා, ඇන්ජලින් වගේ දක්ෂ ගායිකාවන් අතරට රැඳී ඉන්න පුලුවන් එකම ගායිකාව තමයි නිරෝෂා විරාජිනි. නිරෝෂා මම ඔබට සුභපතමි.


එස්. වීරසිංහ

අනුරාධපුර

ප්‍රතිචාර සඳහා
අලුත් දුරකතන අංකයක් 0773042834 ඔබේ ප්‍රතිචාර ඵථඵ මඟින් ඉහත අංකයට එවන්න. ප්‍රතිචාර තැපැල් හෝ සටහන්පත් මඟින් නම්
ප්‍රතිචාර, සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10
යන ලිපිනය විවෘතය.