වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රේමයේ අලුත් කතාව

ප්‍රේමයේ අලුත් කතාව

කරීනා සමග වූ ප්‍රේම කතාවට තිත තැබීමත් සමඟ ෂහිඩ් කපූර් ගැන කටකතා පැතිරුණේ නැති තරම්. ඒ වුණත් දැන් අලුත් ආරංචියක් ඇවිත්. ඒ ෂහිඩ් විවාහ වෙන්න සූදානම් වෙනවා කියලයි.

ශහිඩ්ගේ මනාලිය වෙන්න සූදානමින් සිටින්නේ දිල්ලියේ සිසුවියක්. ඇය ලේඩි ශ්‍රී රාම් කොලේජ් හි තෙවැනි වසරේ සිසුවියක්. මීරා රාජ්පුත් නම් ඇයගේ අත ගන්න මේ වසරේ අගදී සූදානම් බන බව පසුගිය දවසක ෂහීඩ් පැවසුවා. “ඒත් සමහරු හිතනවා මම විවාහ ගිවිසගෙන කියලා. ඒක නම් බොරුවක්” ඔහු පවසනවා.

කොහොම වුණත් ෂහිඩ් පසුගිය කාලයේ විශාල් භාරද්වාජ්ගේ Heyder චිත්‍රපටයට දායක වුණා. එය විලියම් ශේක්ෂ්පියර්ගේ හැම්ලට් නාට්‍ය ඇසුරෙන් නිර්මාණය වූවක්. එහි ෂහිඩ් සමඟින් ආලියා භාත් සහ පැරණි පෙම්වතිය කරීනාත් දායක වුණා.