වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




වැටුනාට මොකෝ ?

වැටුනාට මොකෝ ?

බිග් බී හෙවත් අමිතාබ් බච්චන් රංගනයෙන් දායක වූ ආර් බල්කී අධ්‍යක්ෂණය කළ Shamithab බොක්ස් ඔෆිස් ඛේදවාචකයක් වෙලා. ඒ වුණත් දෙන්නාටම ඒ ගැන වගක් නැහැ. Shamithab අමිතාබ් සහ බල්කි එක්ව කටයුතු කළ තෙවැනි චිත්‍රපටය යි. ඒ වුණත් දෙන්නාම එකතුව ඔවුන්ගේ සිව්වැනි චිත්‍රපටයත් නිර්මාණය කරන්න සූදානම් වෙන බව ආරංචියි.

අමිතාබ්, බල්කීගේ නිර්මාණ සඳහා දායක වෙන්න ගොඩක් ලොකු කැමැත්තකින් පසු වෙනවාලු. ඒ ඔහු බිග් බීහට අභියෝගාත්මක චරිත ලබා දෙන නිසා. “සාමාන්‍ය චරිතයක් නිරූපණය කරනවාට වඩා අභියෝගාත්මක චරිතයක් නිරූපණය කිරීමෙන් ලබන තෘප්තිය ඉහළයි” අමිතාබ් පවසනවා. බල්කිගේ Cheenikum, Paa වැනි නිර්මාණවල අමිතාබ් නිරූපණය කළ චරිත දෙස බලන විට එය අමුතුවෙන් පහදන්න උවමනා නැහැ.

Shamithab චිත්‍රපටයේ පාඩුවත් අමිතාබ් බොහොම නිහතමානීව පිළිගෙන තියෙනවා. “බොක්ස් ඔෆිස් අතින් Shamithab සාර්ථක වුණේ නැහැ. ප්‍රේක්ෂකයන් එයට අකමැති ඇත. අසාර්ථක වීමත් හැරවුම් ලක්ෂ්‍ය වේවි” කියලා අමිතාබ් පවසනවා. සමාජ වෙබ් අඩවි සහ මාධ්‍ය මෙම චිත්‍රපටයේ ප්‍රචාරය වෙනුවෙන් දැක්වූ සහායට අමිතාබ් සිය ස්තූතිය පළ කරන්න අමතක කළේ නෑ.