වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




රන්ජන්ගෙන් මහඟු මෙහෙවරක්

රන්ජන්ගෙන් මහඟු මෙහෙවරක්

පිට පිට නව වැනි වතාවටත් ස්ලිම් නීල්සන් ජනතා සම්මන උළෙලේ ජනප්‍රියතම හා ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කලාකරුවන් වෙනුවෙන් ඉඩම් බෙදා දීමේ මහඟු කටයුත්තකට මුල පුරා තිබේ. නිවාස සහ සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඔහු කළ ඉල්ලීමක් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත. සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන් වූ දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කලාකරුවන් වෙනුවෙන් ඉඩම් හා නිවාස ව්‍යාපෘති ගණනාවක්ම දියත් කළ රාජ්‍ය නායකයෙකි.

එතුමාගේ අඩි පාරේ යමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රන්ජන්ගේ මෙම සංවේදී ඉල්ලීමට අනුබල දෙමින් කලාකරුවන් වෙත මෙම ඉඩම් ප්‍රදානයට සහායක් ලබා දී තිබේ. එහි පළමු පියවර වශයෙන් රන්ජන් එම තෝරා ගත් ඉඩම වෙත ගොස් එහි පාරිසරික තත්ත්වය පිළිබඳව විමසා බැලීය. එය පනාගොඩ ඉඹුල්ගොඩ පාරේ පිහිටා ඇති අතර එයට ජලය සහ විදුලිය ද මේ වන විට සපයා ඇත. ගොඩගමින් සහ පනාගොඩින් වඩාත් පහසුවෙන් ළඟා විය හැකි අතර කොළඹ නගරය වෙත පැයක පමණ කාලයකින් පැමිණිය හැකිය.

මෙම ඉඩම් කැබලි ලබා ගැනීම සඳහ අපේක්ෂා කෙරෙන කලාකරුවන් තම විස්තර සහිත අයැදුම්පතක් සමාජ සේවා සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, දෙවන මහල, දෙවන අදියර, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට බාර දෙන මෙන් ඉල්ලයි. මේ පිළිබඳ වැඩි විස්තර 0773624927 යන රන්ජන්ගේ අංකයෙන් ලබා ගත හැකිය.