වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ග්‍රැවිටි තවමත් පෙරමුණේ

TOP 10 CHART FROM  H O L L Y W O O D

ග්‍රැවිටි තවමත් පෙරමුණේ

ඇමරිකානු බොක්ස් ඔෆීස් චිත්‍රපට අතර තවදුරටත් පෙරමුණ ගෙන සිටීමට අල්ෆොන්සෝ ක්වරන් අධ්‍යක්ෂණය කළ Gravity චිත්‍රපටය සමත්ව ඇත. පසුගිය සති දෙක තුළම ප්‍රථම ස්ථානය හිමිකර ගෙන සිටි මෙම චිත්‍රපටය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් 30ක්.

පසුගිය සතියේ මෙන්ම මෙම සතිය තුළදීත් දෙවැනි ස්ථානයේ රැඳී සිටීමට Captain Phillips චිත්‍රපටය සමත් වී ඇත. මෙම සතිය අවසානයේදී එය වාර්තා කළ ආදායම ඩොලර් 16.4ක්. මෙම සතිය තුළ තිරගතවීම ආරම්භ කළ Carrie චිත්‍රපටය ඇමරිකානු බොක්ස් ඔෆීස් වාර්තා චිත්‍රපට අතර තෙවැනි ස්ථානයට පැමිණ ඇත. සතිය අවසානයේදී එය වාර්තා කළ ආදායම මිලියන 16.1ක්.

ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන Escape Plan මෙවර සිව්වැනි ස්ථානයට පත්ව ඇති චිත්‍රපටය යි. මයිකල් හැන්ස්ට්‍රෝම් අධ්‍යක්ෂණය කළ මෙහි සිල්වෙස්ටර් ස්ටැලෝන් සහ ආර්නෝල්ඩ් ස්වාසනේගර් ප්‍රධාන චරිත නිරූපණය කරති.

පසුගිය සති දෙන තුළම තෙවැනි ස්ථානයේ රැඳී සිටි Cloudy With a Chance of Meatballs 2 චිත්‍රපටය මෙවර පස්වැනි ස්ථානය දක්වා පැමිණ ඇත. හයවැනි ස්ථානයේ රැඳී සිටින්නේ පසුගිය සතියේදි එම ස්ථානයේම පසු වූ Prisoners චිත්‍රපටය යි.

නිකොලේ හොලොන්සෙනර් අධ්‍යක්ෂණය කළ හාස්‍යජනක චිත්‍රපටයක් වන Enough Said චිත්‍රපටය හත්වැනි ස්ථානයේ සිටින අතර අටවැනි ස්ථානයේ සිටින්නේ බිල් කොන්ඩොන් අධ්‍යක්ෂණය කළ The Fifth Estate ත්‍රාසජනක චිත්‍රපටය යි.

ඇමරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට පෙළෙහි නවවැනි ස්ථානයට පැමිණ ඇත්තේ පසුගිය සතියේ පස්වැනි ස්ථානය හිමිකර ගෙන සිටි Runer Runer චිත්‍රපටය යි. පසුගිය සතියේ හත්වැනි ස්ථානයේ පසු වූ Insidious : Chapter 2 චිත්‍රපටය මෙහි දසවැනි ස්ථානයට පැමිණ තිබේ.