වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරයක මහිම

ආදරයක මහිම

පසුගිය සතියක ‘සරසවිය’ පත්තරේ ලිපියක් පළ වුණා. එහි මාර්තෘකාව වුණේ ‘ලෝකේ ඉන්න හොඳම අම්මා නිල්මිණි’ නමින්.

නිල්මිණි ගේ මවු සෙනෙහස ගැන අපි හැමදාම අහලා තියෙනවා. පසුගිය සතියක ඉරිදා දවසක උදේ 8.30 ට වැල්ලවත්ත හින්දු විද්‍යාලයේ දී දරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර ඉංගී‍්‍රසි අධ්‍යාපන ආයතනයක් පවත්වන පරීක්‍ෂණයක් පැවැත්වුණා.

නිල්මිණිත් ඇයගේ දියණිය ශ්වේතාත් මේ සඳහා කැඳවාගෙන ඇවිත් තිබුණා. රංගන ශිල්පිනියක් කියන්නේ තම රූපය ගැන ගොඩක් සැලකිලිමත් වෙන කෙනෙක්නේ. නිල්මිණිත් රංගන ශිල්පිනියක් වගේම රූපලාවණ්‍ය ශිල්පිනියක්.

ඒ වුණාට එදා ශ්වේතාව ගේට්ටුවෙන් ඇතුළට යවලා ඒ විභාගය ඉවර වෙනකල් නිල්මිණි ගිනි ගහන අව්වේ හිටගෙන බලාගෙන ඉන්නවා අපි ඇස් දෙකෙන්ම දැක්කා. එදා අපි දැක්කේ නිල්මිණි තම පණ වැනි දියණිය වෙනුවෙන් වූ අපරිමිත වූ මවු සෙනෙහසයි.