වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ගෑනු කුඩයක් කාර් එකේ

ගෑනු කුඩයක් කාර් එකේ

රංගන ශිල්පී සරත් දික්කුඹුරටත් පසුගිය දවසක අපූරු ඇබැද්දියකට මුහුණ දෙන්න සිදුවෙලා. සරත් දවසක් ෂූටින් ඉවර වෙලා ගෙදරට ඇවිත් කාර් එකෙන් බහින්න සූදානම් වෙනකොට දැක්කාලු කාන්තාවක් පාවිච්චි කරන කුඩයක්.

මේක දැක්ක ගමන් ඔහු එකපාරටම තිගැස්සුනාලු. කොහොමද මේ කුඩය මෙතෙන්ට ආවේ. ගැහැනු කෙනෙක් කාර් එකේ ආවෙත් නැහැනේ. දැන් මේ කුඩය කාර් එකේ තියන්නත් බැහැ. ගෙදරට අරගෙන යන්නත් බැහැ. නෝනා බැන්නොත් එහෙම.

සරත්ට බයත් හිතුණලු. කොහොම හරි අන්තිමට කුඩය හොරෙන්ම විසිකරලා දාන්න හදනකොටම සරත්ට දුරකථන ඇමතුමක් ඇවිත්. කතා කරලා බලනකොට කුඩය ඔහුගේ හිතවතකුගේ.

හිතවතාගේ බෑග් එක අමතක වෙනවට ඔහුගේ බිරිඳ තමයි මේ කුඩය බෑග් එකට දාලා තියෙන්නේ. ඔහු වැස්සෙම කොහෙද යන ගමන් තමයි සරත් ඔහු කාර් එකට නංවාගෙන තියෙන්නේ. හිතවතා බැහැලා තියෙන්නේ කුඩය සරත්ගේ කාර් එකේ තියලා.