වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




නිම නොවන පෙම් කතා

නිම නොවන පෙම් කතා

ටේලර් ස්විෆ්ට් ගායන ලොව දිග් විජය කරමින් සිටින සුරූපිනියකි. තවමත් විසිතුන් හැවිරිදි වුවත් ගායනයෙන් වගේම අදහස් අතරින් ද ඇය පරිපූර්ණය. ආදරවන්තයන් ගැන ඇයට ඇති අත්දැකීම් ද කිසිසේත්ම අඩු නැත.

මුලින්ම ඇය මිතුරු වී සිටියේ ගායක ජෝ ජෝනස් සමඟය. එය 2008 ජූලි සිට ඔක්තෝබර් දක්වා පමණක් පැවැත්වුණු සබඳතාවක් විය. ඊළඟට ඇයගේ සිත ගත්තේ නළු ටේලර් ලෝට්නර්ය.

ඒ ඇසුර ද පැවතුණේ මාස දෙක තුනකි. ගායක ජෝන් මේයර් සමඟ පැවැති ප්‍රේමයට ද වැඩි ආයුෂ නොතිබුණි. ජේක් ජිලන්හාල් නළුවා සමඟ සබඳතාව 2010 ඔක්තෝබර් මාසයේ ඇරැඹී දෙසැම්බර් මාසයේ නිම විණි.

දේශපාලනඥයකු වූ හෙයාර් කෝනර් කෙනඩි හා පැවැති ආදර අන්දරය 2012 ජූලි සිට සැප්තැම්බර් මාසවලට සීමා විය.

2012 ඔක්තෝබරයේ සිට 2013 ජනවාරි දක්වා ටේලර්ගේ පෙම්වතා වූයේ ගායක හැරී ස්ටයිල්ස්ය. ඇයට පෙම් බැඳි ජොනාස්, මේයර් දෙදෙනාම ඇය වෙනුවෙන් ගීත ලියා තිබේ.

මෙතරම් පෙම්වතුන් ගණනකට හිමිකම් කියන ටේලර් ස්විෆ්ට් ප්‍රේමය ගැන කියන්නේ මෙබඳු කතාවකි.

‘සබඳතාවක් අවසන් කරන්න ඕන කුමන වෙලාවක ද කියලා මට ඉවෙන් වගේ තේරෙනවා. හරි පුද්ගලයා මුණ ගැසුණු විට ඒ බව දැනෙනවා. ඔහු හරිම විශේෂයි.’

ටේලර්ට ඇය පතන මේ වෙනස තවම අත්දකින්නට ලැබී නැත.

ෆෝබ්ස් සඟරාවට අනුව ටේලර් 2009 සිට මේ වසර වෙනතුරුම වැඩිම ආදායමක් ලබන සියය අතර සිටින්නීය. ඇය 2013 වසරේ ලැබූ ආදායම ඩෙලර් මිලියන 55 කි. ඒ වාගේම ඇය වැඩිම නිදන කාමර ගණනකට හිමිකම් කියන ගීත තාරකාවක ද වන්නීය.

ඇයට ටෙනෙසි හි නිවෙසේ නිදන කාමර 3 ක්ද, කැලිෆෝනියාවේ බෙවර්ලිහිල්ස්් නිවෙසේ නිදන කාමර 3 ක් ද, රෝඩ් දූපතේ වෙරළබඩ නිවෙසේ නිදන කාමර 8 ක් ද තිබේ. මෙතරම් ධනයකට සහ නිදන කාමර ගණනකට හිමිකම් කියන ටේලර් ස්විෆ්ට තවමත් විශේෂ පුද්ගලයා මුණ නොගැසීම පුදුමයකි.

 

ඒ වගේ වෙන්න නම්

දහනව හැවිරිදි කොලු ගැටයකු වූ ජස්ටින් බීබර්, තිස්තුන් හැවිරිදි ගීත රචකයාගේ සිතෙහි ඇඳුණු රූපයයි. ලොස් ඇන්ජලීස්හි ඹ්වත්වෙන ටොබී ෂෙල්ඩන් ගීත රචකයා පස් වසරක්ම මේ පොප් තරුව වීමට උත්සාහ ගත්තේය. ඒ ඔහුගේ හඬ අනුකරණය කරමින් නොව රුව අනුකරණය කරමිනි. ජස්ටින්ගේ රුවට සමාන රුවක් ප්‍රතිනිර්මාණය කිරීමට මොහු පස් වසරක් පුරා ඩොලර් ලක්ෂයකට වැඩි මුදලක් වැයකර තිබේ.

තමන්ට වියපත් පෙනුමක් ඒවියි යන බිය නිසා මෙසේ කළ බව ෂෙල්ඩන් පවසන්නේය. ජස්ටින්ගේ මූණ තාරුණ්‍යයෙන් පිරී ඇත්තේ ඔහුගේ සිනහව නිසයි පවසන ඔහු සිනාව වෙනුවෙන් සැත්කමට වැය කළ මුදල ඩොලර් 15,000 කි. සිනහ සැත්කමෙන් සුවවීමට මාසයකට වැඩි කාලයක් ගත වී තිබේ.

ජර්මනියේ ජීවත්වන ෂෙල්ඩන්ගේ පවුලේ අය මේ කිසිවක් නොදනිති.

මෙහෙමත් තුවාල

තිරයේදී දකින සටන බිහිසුණුයි වාගේම දර්ශන තලයේදී දකින සටනත් දරුණුය. ඒ ඔවුන් සැබෑවටම තුවාල ලබන නිසයි. චාලිස් තෙරෝන් ඉයෝන් ෆ්ලක්ස් ක්‍රියාදාම සිනමාපටය රූගත කරද්දී වසර 2005 දී තුවාල වූවාය.

පසුගිය වසරේදී ද දර්ශන තලයකදී ඇයගේ උගුර දණ්ඩ තුවාල විය. එය ද සැත්කමකින් සුවකර ගැනීමට හැකි විය. බෙල්ලේ සිදු කළ සැත්කම නිසා ගෙල පෙදෙස ලේන්සුවකින් වසාගෙන කැලිෆෝනියාවේ බලවන්ත කාන්තාවන් වෙනුවෙන් පැවැති වාර්ෂික උත්සවයට සහභාගිවීමට ඇයට සිදු වූවාය.

තිස් අට හැවිරිදි චාලීස් තෙරෝන් මොන්ස්ටර් (2003) සිනමා රංගනයට ඇකඩමි, සිල්වර් බෙයාර්, ගෝල්ඩන් ග්ලෝබ්, ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සම්මාන දිනූ අප්‍රිකානු අමෙරිකානු තාරකාවකි. ඇය රැඟූ නෝත් කන්ට්‍රි, යංග් ඇඩල්ට්, ද රෝඩ් වැනි සිනමාපට ද අති සාර්ථක විය.

පරමාදර්ශී ජැක්මන්

ලක්ෂමීත්, සරස්වතීත් එත තැන නොරැෙඳන බවට ඇති මතය අපට පසක් කරන්නේ කිසිවකු සියල්ලෙන්ම සම්පූර්ණ නොවන බවයි. එහෙත් හියු ජැක්මන්ට ඒ මතය බොරු කිරීමට හැකි වෙලා ද?

මෑතකදී කළ සමික්ෂණයකින් හෙළි වී ඇත්තේ හියු ජැක්මන් සියල්ලන්ගෙන් සම්පූර්ණ පරමාදර්ශී පිරිමි චරිතය බවයි. වෘත්තිය, විවාහය, සාර්ථකත්වය, පිරිමිකම මේ කිසිිවකින් ඔහුට අඩුවක් නැති බව බොහෝ දෙනාගේ අදහසයි.

එක්ස් - මෙන් සිනමාපට මාලාවේ වීරයා, වොල්වරින්, මෙසේ ලොව ජය ගැනීම ඔහුගේ රසිකයන්ට ප්‍රීතිමත් ආරංචියක් වූවා නිසැකයි. ලෙස් මිසරාබ්ලේ රංගනයට ඔහු ඔස්කා සම්මානයට පවා හොඳම නළුවා ;ලසින් නිර්දේශ විය. 2008 දී ඔහු පීපල්ස් සඟරාව මඟින් ලොව සරාගීම පුද්ගලයා ලෙසින් ද නම් කෙරුණි.

හතළිස් පස් හැවිරිදි හියු ජැක්මන් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි.