වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




‘වෑදිය රැල්ල’ මුහුරත් දා

‘වෑ දිය රැල්ල’ මුහුරත් දා

ආදරියේ, වන්දනා, රන් සෙවණැලි, අවසරයි පියඹන්න, සඳ නුඹනම් වැනි ජනපි‍්‍රය ටෙලි නාට්‍ය රැසක් නිර්මාණය කළ සම්මානනීය අධ්‍යක්‍ෂ තිසුල දීප තඹවිට ගේ නවතම ටෙලි නිර්මාණය ‘වෑ දිය රැල්ල’ නමින් නම් කර ඇත. කේ. බී. හේරත් ගේ කතාවකට අනුව නිර්මාණය කෙරෙන මෙය ‘මුහුදු මනාලි, අවසරයි පියඹන්න, බාලොලි මල්’ වැනි ටෙලි නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කළ නිවුටන් විදානපතිරණ ගේ නිෂ්පාදනයකි. එහි මුහුරත් උළෙල පසුගිය දා රයිගම, බණ්ඩාරගම ‘ග්ලොරියා’ හෝටලයේදී සිදු කෙරිණ.

සම්පත් රෝෂණ ප්‍රධාන චරිතය මවන මෙහි උදයන්ති කුලතුංග, තිසුරි යුවනිකා, කිංස්ලි ලෝස්, රෙබෙකා නිර්මලී, ශ්‍රීමාල් වෙඩිසිංහ, සුසන්තා චන්ද්‍රමාලි, රූපා ගෝමස්, අජිත් ලොකුගේ, සංජු දිවාරත්න, නිව්ටන් විදානපතිරණ, උදය ශාන්ත ලියනගේ, ගුණවර්ධන හෙට්ටිආරච්චි, බියංකා ෆොන්සේකා, කවීෂා පෙරේරා, උමංග නිර්මාල්, මධුශාන් හත්ලහවත්ත, දිලින් මනෝහර, චන්දු ඉඹුලාන ලියනආරච්චි සහ ළමා නිළි මිනදි සහත්මා ප්‍රනාන්දු සෙසු චරිත නිරූපණය කරති.

චන්දන ප්‍රියංකර කලා අධ්‍යක්‍ෂණයෙන් ද, පි‍්‍රයංක රත්නායක වේශ නිරූපණයෙන් ද, රිහාන් රවීන්ද්‍ර සහාය අධ්‍යක්‍ෂණයෙන් ද, ලලිත් පුෂ්ප කුමාර නිශ්චල ඡායාරූපකරණයෙන් ද, උදය ශාන්ත ලියනගේ නිෂ්පාදන කළමනාකරණයෙන්ද එක්වන මෙහි ආලෝකකරණය, කැමරව සහ අධ්‍යක්‍ෂණය දිසුල දීප තඹවිට ගෙනි.