වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ධර්මසිරි බණ්ඩාරනායකට උපන්දින තෑග්ගක්

ධර්මසිරි බණ්ඩාරනායකට උපන්දින තෑග්ගක්

ප්‍රවීණ සිනමාවේදී සහ නාට්‍යකරු ධර්මසිරි බණ්ඩාරනායකගේ උපන් දිනය පසුගිය දිනක යෙදී තිබුණා. එදිනට ලැබුණු උපන් දින සුබ පැතුම් අතරට උදෑසනම සුබ පැතුමක් රැගත් සුවිශේෂ දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ සුබපැතුම සමඟින් කතා කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. උපන් දින සුබපැතුම පිරිනැමූ ජනපතිතුමා ධර්මසිරි බණ්ඩාරනායකගේ කලා කටයුතු ගැනත් විමසන්න අමතක කළේ නැහැ.

එහිදී ජනපතිතුමා විමසා සිටියේ ඔහුගේ ඉදිරි නාට්‍ය කටයුතු ගැනයි. ඒ වෙනුවෙන් විශේෂ ත්‍යාගයක් දෙන්නත් ජනාධිපතිතුමා ධර්මසිරිට පොරොන්දු වෙලා. ඒ ඔහුගේ අලුත්ම නාට්‍ය වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහල ලබා දෙන්න. මේ බව අපට විශේෂයෙන් පැවසූ ධර්මසිරි බණ්ඩාරනායක ඒ පිළිබඳ ජනාධිපතිතුමන්ට ස්තුතිවන්ත වෙනවා කියලා සරසවියට පැවසුවා.