වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




සරච්චන්ද්‍ර නාට්‍ය උළෙලක් 21 දා

සරච්චන්ද්‍ර නාට්‍ය උළෙලක් 21 දා

වේදිකා නාට්‍ය කලාව නව මාවතකට යොමු කළ මහා ඇඳුරාණන් වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ‘සරච්චන්ද්‍ර සමරු නාට්‍ය උළෙල’ මෙම මස 21 වැනිදා සිට 30 වැනිදා දක්වා බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේදී වේදිකා ගත වේ.

එහිදී වේදිකා ගත වනුයේ මහ ඇඳුරු සරච්චන්ද්‍රයන්ගේම වේදිකා නාට්‍ය කිහිපයකි. ඒ අතර,

අගෝස්තු 21 වැනිදා සහ 25 වැනිදා – මනමේ, 22 වැනිදා – කදා වළලු සමඟ එලොව ගිහින් මෙලොව ආවා, 23 වැනිදා – මහාසාර, 24 වැනිදා සහ 27 වැනිදා - සිංහබාහු, 26 වැනිදා – හස්තිකාන්ත මන්තරේ, 28 වැනිදා – මඟුල් ප්‍රස්තාව සමඟ ඒකට මට හිනා හිනා, 29 වැනිදා – කපුවා කපෝති, 30 වැනිදා – රත්නාවලී වේදිකා ගත වේ.

ඩ්‍රැකියුලා සොහොනෙන් නැඟිටියි

Dracula has Risin from the Grave’ චිත්‍රපටය ඇසුරින් ජයශංඛ කරුණාරත්න රචනා කළ ‘ඩ්‍රැකියුලා සොහොනෙන් නැඟිටියි’ ග්‍රන්ථය අගෝස්තු 21 වැනිදා කොළඹ මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.