වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




ෂාරුක්ගේ ප්‍රසිද්ධිය දරුවන්ට කරදරයක්

ෂාරුක්ගේ ප්‍රසිද්ධිය දරුවන්ට කරදරයක්

‘තිරයට පරකාසේ. ගෙදරට මරගාතේ’, ඒ බොහෝ සුපිරි තරුවල ජීවන නීතියයි. එහෙත් මැදි වයසේ පසු වෙතත් ජීවිතය දීමට තරම් සැදී පැහැදී සිටින සුරූපී නව යෞවනියන් සහස් සුවහස් ගණනින් සිටියත් ෂාරුක් ඛාන් නම් ගත කරන්නේ දයාබර සැමියකුගේ, පියකුගේ භූමිකාවයි. එකම දියණියට තමන් වැනි පිරිමියකු ආදරය කිරීමට තෝරා ගන්නා ලෙසට ඔහු ඉල්ලා සිටින්නේ එනිසයි.

කවදත් ෂාරුක් ආර්යන්ට, සුහානාට දැඩි නීති රීති පනවන පියකු නොවී මිතුරකු වීමට උත්සාහ ගත් අයෙකි. ‘සුහානාට පෙම්වතෙක් අවශ්‍ය නම් මා වාගේ කෙනකු තෝරා ගන්නා ලෙස නොබියව පවසනවා. මඳක් කෝපයට පත්වීම හැර මගේ වෙන වරදක් නැහැ. ලෝකයේ ඕනෑම දියණියකට මේ උපදේශය දෙන්න පුළුවන්.’

දූ දරුවන් ෂාරුක්ගේ හොඳම මිතුරන්ය. මිත්‍රත්ව දිනය ඔහු සමරන්නේ ආර්යන් සහ සුහානා සමඟය.

දරුවන් තමන්ගේ ආරක්ෂිත පොරෝනය බව ෂාරුක්ගේ විශ්වාසයයි. කෙසේ වෙතත් ෂාරුක්ගේ සුපිරි තරු ප්‍රතිරූපය වැඩිමල් දරුවන් දෙදෙනාට නම් කරදරයක් වී අවසානය. පැපරාසීන්ගෙන් නිතරම මුහුණ සඟවා ගැනීමට උත්සාහ ගන්නා මේ දෙදෙනාට පසුගිය රාමසාන් දිනයේදී නම් එලෙසින් සැඟවීමට ඉඩක් නොලැබුණි. උත්සව අවස්ථාවන් රසිකයන් සමඟ සමරන්නට මං කවදත් කැමැතියි. මාව මේ තැනට ගෙනාපු රසිකයන්ට ආචාර කරද්දී ඔවුනුත් මා සමඟ සිටිය යුතුයි. පළමුවරට ඔවුන් සමඟ ‘මන්යත්’ මැදුරේ සිට රාමසාන් ප්‍රීතිය බෙදා හදා ගැනීමට ඔහු ජනතාව හා එක්වූයේ් ඒ නිසයි. ඔවුන්ට අපහසුවක්, ලජ්ජාවක් හෝ කෝපයක් ඇති වුණත් මේ අවස්ථාවන්ට මුහුණ දිය යුතු බව ෂාරුක්ගේ අදහසයි.

ෂාරුක්ගේ රාමසාන් සාදයට පැමිණි සුවිශේෂී අමුත්තන් අතර අයිශ්වර්යා, අභිෂේක්, මෙගා තරුව අමිතාබ් බච්චන් ද වූහ. අමිතාබ්, අබ්‍රම්, ෂාරුක් පවුලේ පුංචිම සාමාජිකයා බැලීමට ද අමතක නොකළේය. අමිතාබ් ද ෂාරුක් මෙන්ම දරුවන් මිතුරන් ලෙස ඇසුරු කරන්නෙකි.

ෂාරුක් මේ දිනවල ගත කරන්නේ ජීවිතයේ ප්‍රීතිමත්ම කාලයකි. සිතූ පැතූ අයුරින්ම ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ සියවසක බොලිවුඩ් සිනමාවේ ස්වර්ණමය මතකයක් වෙමින් පවතී. එය සල්මන් ඛාන්ගේ ‘ඒක් තා ටයිගර්’ සිනමාපටය ආරම්භක දිනයේදී ඉපයූ ආදායමට වැඩි ආදායමක් උපයා අවසන්ය. කෝටි 33.12 ක ආදායමක් පළමු දිනයේදී ඉපැයීමට ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ සමත් වී ඇත. එදා මෙදාතුර බොලිවුඩ් සිනමාවේ දෙවැනියට, පළමු දිනයේදී වැඩිම ආදායමක් ලැබූ සිනමාපටය බවට මෙය පත් වී අවසානය. සිනමාපටයේ සාර්ථකත්වය ගැන වචනයක් කිව හැක්කේ ඉදිරියේදී බව ෂාරුක් පවසයි. වැඩිම ශාලා ගණනක තිරගත වෙන බොලිවුඩ් සිනමාපටය ද ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ය. ඉන්දියාවේ ශාලා 3,500 කත්, අන්තර්ජාතිකව ශාලා 700 කත් දැනට සිනමාපටය තිරගත කෙරේ.

දුම්රියේ වාසනාව

තමන් රැඟූ දුම්රිය හා බැඳුණු සෑම සිනමා අත්දැකීමක්ම අති සුන්දර බව ෂාරුක් පවසයි. ඔහු ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ ලෙස සිනමාපටය නම්කර ඇත්තේ ද එනිසාය. දුම්රිය ගමන් ගැන සැබෑ ජීවිතයේ ද ඔහුට ඇත්තේ අපූරු අත්දැකීම්ය. ‘කොල්ලා කාලෙ දිල්ලිවල සන්දර්ශනයක වැඩක් ලැබුණා. රුපියල් 50 ක ආදායමක් ද ඉපයූවා. ඒ තමයි මගේ කුලුඳුල් වැටුප. ඒ මුදලින් මිතුරන් සමඟ දුම්රියෙන් ටජ්මහල් බලන්න අග්‍රා ගියා. හරියට සතුටු වුණා.

අග්‍රා බැලූ පසු කුසගින්නක් දැනුණා. ඒත් කෑම ගන්න සල්ලි නැහැ. ලැසී (යෝගට් පානයක්) පානයකින් කුස පුරවා ගත්තා. දිල්ලි එනතුරුම හැමෝම වමනය දැම්මා. ඒක තමයි හොඳම හා නරකම දුම්රිය අත්දැකීම’ හා හා පුරා කියා ගිය ඒ දුම්රිය ගමන කවරදාකවත් ෂාරුක්ගේ මතකයෙන් ගිලිහී යන්නේ නැත. එදා ළමයකු විලස දුම්රියෙන් යාමට අතේ මිටේ සල්ලි නොතිබුණත් අද ඔහුට දුම්රිය ජවනිකා ආදායම් උල්පතක් බවට පත් වී අවසන්ය.
 


අලුත්ම පෙම් කතාව රන්බීර් – කත්‍රිනා

කත්‍රිනා කායිෆ් දැන් තාරකාවකට වඩා පුවත් මවන්නේ රන්බීර් කපූර්ගේ පෙම්වතිය ලෙසයි. රන්බිර් සමඟ ඇය රඟනු දැකීමට රසික රසිකාවන් පමණක් නෙව අධ්‍යක්ෂවරුන් ද කැමැති පාටය. සජීඩ් නදියද්වාලා යනු සල්මන් ඛාන්ගේ අතිජාත මිතුරෙකි. වෘත්තීය වශයෙන් මෙන්ම පෞද්ගලිකව ද මේ බැඳීම පවතී. ඔහු කිසිදු විටක සල්මන්ගේ පෙම්වතියන් හෝ හිටපු පෙම්වතියන් තම සිනමා නිර්මාණවලට තෝරා ගත්තේ නැත.

එහෙත් ඔහුගේ නවතම නිෂ්පාදනයට කත්‍රිනා කායිෆ් සම්බන්ධ කරගෙන අවසන්ය. සජීඩ්ගේ සිනමාපටයේ අධ්‍යක්ෂ කබීර් ඛාන්ගේ තෝරා ගැනීම කත්‍රිනා කායිෆ් වීම ඊට හේතුවයි. මුලින් චරිතය සඳහා යෝජනා වී තිබුණේ දීපිකා පදුකෝන්ගේ නමයි. එහෙත් සිනමාපටයට වඩාත් සුදුසු තාරකාව කත්‍රිනා බවට කබීර් කළ යෝජනාව සජීඩ්ට ද ප්‍රතික්ෂේප කළ නොහැකි විය. කත්‍රිනා ද සිනමාපටයට සම්බන්ධ වීම සඳහා මහත් කැමැත්තකින් පසුවන්නීය. ඇය කිහිපවරක්ම සජීඩ්ට සහ කබීර්ට දුරකථනයෙන් අමතා තිබේ. ඇය දෙදෙනා හමුවී සිනමා චරිතය ගැන කතා කළ බව ද රහසක් නොවේ.

මේ අතර දීපිකා, කත්‍රිනාට චෝදනා පිට චෝදනා එල්ල කරන්නීය. ඒ තමන්ගේ හිටපු පෙම්වතා රන්බීර් සමඟ කත්‍රිනා ස්පාඤ්ඤයේදී බිකිනියකින් සැරසී මුහුදු වෙරළේ විනෝද වෙන දර්ශන අන්තර්ජාලයෙන් දැකීම නිසයි. තාරකාවන් මීට වඩා වගකීමෙන් යුතුව හැසිරිය යුතු බව ඇය මාධ්‍යයට පැවසුවාය. කත්‍රිනා නම් කියා සිටියේ තමන්ට තිරයටවත්, පෞද්ගලිකවත් බිකිනි ඇඳීමේ පුරුද්දක් නැති බවයි.

කෙසේ වුවත් දැන් කති‍්‍රනා, රන්බීර් පෙම ස්ථිරය. මේ ප්‍රේමයට දෙන නම කුමක්දැයි කියා බොහෝ දෙනා සිතති. කතා කරති. කරීනා - සායිෆ් පෙම ‘සායිෆීනා’ විය. හොලිවුඩයේ ඇන්ජලිනා - බ්‍රෑඩ් පෙම ‘බ්‍රැන්ජලිනා’ විය. කත්‍රිනා - රන්බීර් පෙමට රන්බ්‍රිනා, රන්ක්‍රිනා, රබීනා, රන්ට්‍රිනා, ආදී විවිධ නම් යෝජනා වෙමින් පවතී.

කත්‍රිනා කායිෆ් දැන් තාරකාවකට වඩා පුවත් මවන්නේ රන්බීර් කපූර්ගේ පෙම්වතිය ලෙසයි. රන්බිර් සමඟ ඇය රඟනු දැකීමට රසික රසිකාවන් පමණක් නෙව අධ්‍යක්ෂවරුන් ද කැමැති පාටය. සජීඩ් නදියද්වාලා යනු සල්මන් ඛාන්ගේ අතිජාත මිතුරෙකි. වෘත්තීය වශයෙන් මෙන්ම පෞද්ගලිකව ද මේ බැඳීම පවතී. ඔහු කිසිදු විටක සල්මන්ගේ පෙම්වතියන් හෝ හිටපු පෙම්වතියන් තම සිනමා නිර්මාණවලට තෝරා ගත්තේ නැත. එහෙත් ඔහුගේ නවතම නිෂ්පාදනයට කත්‍රිනා කායිෆ් සම්බන්ධ කරගෙන අවසන්ය. සජීඩ්ගේ සිනමාපටයේ අධ්‍යක්ෂ කබීර් ඛාන්ගේ තෝරා ගැනීම කත්‍රිනා කායිෆ් වීම ඊට හේතුවයි. මුලින් චරිතය සඳහා යෝජනා වී තිබුණේ දීපිකා පදුකෝන්ගේ නමයි. එහෙත් සිනමාපටයට වඩාත් සුදුසු තාරකාව කත්‍රිනා බවට කබීර් කළ යෝජනාව සජීඩ්ට ද ප්‍රතික්ෂේප කළ නොහැකි විය. කත්‍රිනා ද සිනමාපටයට සම්බන්ධ වීම සඳහා මහත් කැමැත්තකින් පසුවන්නීය. ඇය කිහිපවරක්ම සජීඩ්ට සහ කබීර්ට දුරකථනයෙන් අමතා තිබේ. ඇය දෙදෙනා හමුවී සිනමා චරිතය ගැන කතා කළ බව ද රහසක් නොවේ.

මේ අතර දීපිකා, කත්‍රිනාට චෝදනා පිට චෝදනා එල්ල කරන්නීය. ඒ තමන්ගේ හිටපු පෙම්වතා රන්බීර් සමඟ කත්‍රිනා ස්පාඤ්ඤයේදී බිකිනියකින් සැරසී මුහුදු වෙරළේ විනෝද වෙන දර්ශන අන්තර්ජාලයෙන් දැකීම නිසයි. තාරකාවන් මීට වඩා වගකීමෙන් යුතුව හැසිරිය යුතු බව ඇය මාධ්‍යයට පැවසුවාය. කත්‍රිනා නම් කියා සිටියේ තමන්ට තිරයටවත්, පෞද්ගලිකවත් බිකිනි ඇඳීමේ පුරුද්දක් නැති බවයි.

කෙසේ වුවත් දැන් කති‍්‍රනා, රන්බීර් පෙම ස්ථිරය. මේ ප්‍රේමයට දෙන නම කුමක්දැයි කියා බොහෝ දෙනා සිතති. කතා කරති. කරීනා - සායිෆ් පෙම ‘සායිෆීනා’ විය. හොලිවුඩයේ ඇන්ජලිනා - බ්‍රෑඩ් පෙම ‘බ්‍රැන්ජලිනා’ විය. කත්‍රිනා - රන්බීර් පෙමට රන්බ්‍රිනා, රන්ක්‍රිනා, රබීනා, රන්ට්‍රිනා, ආදී විවිධ නම් යෝජනා වෙමින් පවතී.