වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




සංජය දෙවෙනි වේදිකාවට ගොඩ වෙයි

සංජය දෙවෙනි වේදිකාවට ගොඩ වෙයි

සංජය ගුණවර්ධනගේ ‘දෙවන වේදිකාව’ ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල පසුගිය දා කොළඹ Oheraou atje Club හිදි පැවැත්විණ. මීට ප්‍රථම ‘මතක මං පෙත’, ‘අමායා’, ‘ලාබයි ඇපල්’, ‘හිරුට පිපෙන සූරියකාන්ත’, ‘ඉසිර භවය’, ‘ඉහිරුණු කිරි’ වැනි ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ සංජයගේ 11 වැනි ටෙලි නිර්මාණය ‘දෙවැනි වේදිකාවය’.

උමයංගනා වික්‍රමසිංහ, විශාඛා සිරිවර්ධන, ශ්‍රීමාල් වෙඩිසිංහ, ධර්මප්‍රිය ඩයස්, සුරංගි රුවන්මලී, ලක්ෂිකා ෆොන්සේකා, හර්ෂ තෙන්නකෝන්, රුවන් කණ්ඩලම, රෝහණ අධිකාරි, කීර්ති රංජිත් පීරිස්, ශාලිකා එදිරිසිංහ, කුමාර වදුරැස්ස ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන මෙහි තිර පිටපත හා කතාව ප්‍රියංකා අමරතුංගගෙනි. මාලිකා මල්කුමාරි නිෂපාදනය කරන දෙවැනි වේදිකාව සංගීත අධ්‍යක්ෂණය විශාරද රෝහණ ධර්මකීර්තිගෙනි.

මේ මුහුරත් උළෙල හා ඊට සහභාගි වූ කලාකරුවන් පිරිසගේ රුව කැමරා ඇසට හමු වූ මොහොතක්.

‘පැතුම් මල් වසන්තය’ ඇරැඹෙයි

ඩෝෂන් බාලගේ නිෂ්පාදනය කරන අනුරුද්ධ ගාම්භීරආරච්චි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘පැතුම් මල් වසන්තය’ දීර්ඝ ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා බොරැල්ල ශ්‍රී රාහුල නාට්‍ය පාසලේදී පැවැත්විය.

සුනන්ද සිල්වාගේ කතා සංකල්පයට නිර්මාණය වන මෙහි බන්දුල විතානගේ, අවන්ති අපොන්සු, තිලක් කුමාර රත්නායක, මනිශා නාමල්ගම, මංජුල මොරගහ, කුමාර ජයකාන්ත, සරත් දික්කුඹුර, ගීතා කාන්ති ජයකොඩි, මධු නිත්‍යානි, දයාසිරි හෙට්ටිආරච්චි, සෝමවීර ගමගේ, කපිල සිගේරා, රුචී දිසානායක, කුමාර රනේපුර, ජේ. එම්. සී. ජයසේකර, නදුන්මලී ශාක්‍යා, රාධිකා සෙව්වන්දි, ඉඳුනිල් මල්වත්ත, දේශාන් පැතුම් බාලගේ, ගිෂාන් ළහිරු, නලීන් ප්‍රේමජීව, ප්‍රසාද් කරුණාරත්න, ඉන්ද්‍රා පත්මිණී, නිලූ කෝරලගේ ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි.

තුෂාර රණසිංහගේ කැමරා අධ්‍යක්ෂණයකි. ලක්ෂ්මන් පෙරේරා සහ ඩෙරික් ප්‍රනාන්දු අංග රචනා ශිල්පියෝය. ධනුෂ්ක බණ්ඩාර සහාය අධ්‍යක්ෂවරයාය.