වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

විවිධත්වයෙන් යුතු අදහස්  ප්‍රතිචාර පිටුවට ක්ෂණිකව එවන්න. එස්. එම්. එස්. 0752805047 තැපැල් හෝ සටහන්පත් ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.

සුගත්ට දීඝායු වේවා!!!

හන්තානේ කතාව චිත්‍රපටයෙන් විජය කුමාරණතුංග ඇතුළු කලාකරුවන් රැසක් ක්ෂේත්‍රයට හඳුන්වා දුන් ‘ඉන්දුට මල් මිටක්’, ‘පෙම්බර මධු’ වැනි සිනමාපට ජනතාවට දායාද කොට ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටයෙන් ලංකාවට රජත මයුර සම්මානයක් ප්‍රථම වතාවට ලබා දුන් සුගතපාල සෙනරත් යාපා නම් වූ විශිෂ්ට කලාකරුවා අද රෝගාතුරව සිටී. ඔහුට නිරෝගී සුව පතමු.
 

එස්. රණසිංහ

රත්නපුර

ලස්සනම ලස්සනයි, ඇත්තටම

මහේෂි පුංචි තිරයේ ලස්සනම ලස්සන අහිංසකම නිළියයි.
 

නිලුකා

කුඩගම

අවිස්සාවේල්ල

සිහින විලේ සුපිපි මලයි හිමාලි

දක්ෂ චරිතාංග නිළියක වන හිමාලි සිරිවර්ධන සිහින විලක් ටෙලි නාට්‍යයේ හොඳ රංගනයක යෙදෙයි.
 

නිමල් කුලසේකර

අඟුලාන

ඔය හැඩ රුව රිදී තිරයටමයි . . .

ජීවන් කුමාරතුංගයන්ට,

අමරපුරය, සුදු පරවියෝ වැනි ටෙලි නාට්‍යවල විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළ ඔබව ගැළපෙන්නේ රිදී තිරයටයි.
 

අනුලාවතී

අවිස්සාවේල්ල

සෑම දෙයක්ම විශිෂ්ටයි

පසුගියදා නිමා වූ අළු බඳුන ටෙලි සිතුවමට අප පාඨකයන් කිහිප දෙනෙකු මෙසේ අදහස් එවා තිබුණා.

දක්ෂ අධ්‍යක්ෂණයක්, දක්ෂ රංගනයත්, හොඳම පසුබිම් සංගීතයත්, හොඳම තේමා ගීතයත්, හොඳම නිෂ්පාදනයත් – අළු බඳුන.
 

සරත් රණසිංහ

කපුගොඩ

මාළිඳ

ආශා එදිරිසිංහගේ ප්‍රබල රංගනය සහ අළු බඳුන ඇයගේ නිෂ්පාදනයක් වීම යන කරුණු අපව සතුටු කළා.
 

ක්ලෝඩ් ද ලිවේරා

නාලනී ද ලිවේරා

මීගමුව

අළු බඳුන උතුම් වූ බුදු දහමෙන් ලැබෙන මානසික සහනය, අපේ විශ්වාස සහ ඇදහිලි උතුම් වූ හෙළ වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ දේශය දැනුවත් කළ සාර්ථක නිර්මාණයකි.
 

විමලසේන හපුතන්ත්‍රි

අත්තනගල්ල
 

වසන්ත නාමල් ගංගොඩගම

අංගම

සංහිඳ වගේ එකක්...

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ සංහිඳ වැඩසටහන ආකෘතිය යටතේ දැනට අසරණව සිටින ජීවතුන් අතර ඉන්නා කලාකරුවන්ගේ වැඩ සටහනක් කරන්න.
 

චිත්‍රා ජානකී විජේසේකර

නුගේගොඩ

චන්ද්‍රන් රත්නම් පසුගියදා ලබා ගත් ජයග්‍රහණයන්ට සුබ පතමි.
 

තිලකරත්න විල්වල

තටාකය පාර,

කෑගල්ල

චාන්දනීගේ ආදර්ශවත් රංගනය

අලුත්ම ආරක කතා තේමාවක් රැගත් ‘නිකිණි වැස්ස’ සිනමාපටය අපව අලුත්ම වෙනස් ලොවකට ගෙන ගියා. එහි චාන්දනී සෙනෙවිරත්නගේ රංගනය නිළියන්ට කදිම ආදර්ශයකි.
 

අයලීන් සෝවිස්

රාගම

සුදර්ශියේ රුක් සෙවණේ
නිමල රුවයි දිස් වන්නේ
අකලට වියෝ වූ නිමල්

ගුවන් ගැබේ පෙරළි කරන්
අලුත් දෙයක් තිළිණ කරන්
හඬ නළුවෙක් ලෙස එක්වී
කලා ලොවේ වැඩ කෙරුවේ

නරිබෑනා වේදිකාවේ
ගලබොඩ අප්පෝ විලසින්
ලන්දේසි දූපතෙ ඉඳන්
ළාහිරු දහසක් බැලුවෙමි

අකලට මිලින වුණත්
නුඹෙ අඩුව තේරෙන්නේ
සුදර්ශියේ රුක් සෙවණේ
නිමල රුවයි දිස් වන්නේ
 

ධම්මික දුමේන්ද්‍ර

පාමංකඩ

 

බිමල්, යශෝධා අංගනා ටෙලි නාට්‍යයේ අනුවේදනීය පෙම්වතුන් යුවළකගේ හැ¼ගුම්වලට අපූරුවට පණ දෙනවා. සරලව කිව්වොත් ඔවුන් දෙදෙනා එහි පෙම්වතුන් ලෙස රඟපානවා කියලා අපට දැනෙන්නේ නැහැ. එතරම්ම තාත්ත්විකයි.
 

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

මුතුපලස ටෙලි සිතුවමේ තේමා ගීතය ගායනා කරන දයාසිරි ජයසේකර සුපිරි ගායකයෙක් කියලා එම ගීතයෙන් ඔප්පු වුණා. ඒ වගේම මුතුපලස නාට්‍යයත් මරේ මරු.
 

තරිඳු

චතුරි

මාතර

වෙළෙඳ සේවයේ සෑම සෙනසුරාදාවකම විකාශය වන ‘මතකයේ රැඳුනු ගී’ වැඩසටහන ඉතා හොඳයි.
 

චාමර

මංජුල

බදුල්ල

අප අතරින් වෙන්ව ගිය ජෝතිපාලයන්ගේ විසිහය වැනි ගුණ සැමරුම වෙනුවෙන් නළු නිළියන් රැසක් සහභාගි වූ ජෝති රාත්‍රිය වැඩසටහන නැවත විකාශය කරන ලෙස ඉල්ලා සිටිමි.
 

චලනි

අවිස්සාවේල්ල

සිරි පැරකුම් චිත්‍රපටය මම බැලුවා. ඇත්තටම ලස්සනනයි. තවත් මෙවැනිම සිනමාපටයක් ගෙන එන්න කියලා සෝමරත්න මහතාගෙන් සහ ඔහුගේ දයාබර බිරිය රේණුකා බාලසූරියගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම ඔවුන්ට මා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
 

දිනී

නිලූ

රොෂාන් රණවන ඉන්න චිත්‍රපටයක් දකින්නට ආසයි.
 

ශ්‍යමි

නුවර

කොටස් 25 කින් හෝ 30 කින් අවසන් වන ටෙලි නාට්‍යවල ආරම්භයත් මැදත් අවසානයත් කතා වස්තුවත් අමතක නොවේ. මෙගා නාට්‍යයක අවසාන කාලය වන විට මුල හෝ මැද මතක නැත. මෑතකදී අවසන් වූ ‘මන්දාරමෙන් එහා’ නාට්‍යය ද මෙගා රැල්ලේම කතාවක් යැයි සිතුව ද එසේ නොවී සාර්ථක නිර්මාණයක් ලෙස අවසන් වීම සතුටට කරුණකි. එහි රඟපෑ නළු නිළියන් අතර අනුර බණ්ඩාර රාජගුරු සහ සංකේත් වික්‍රමගේ කැපී පෙනෙන රංගනයක් කළ බව ද කිව යුතුමය.
 

ඈන් නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල

ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය වන ‘දම්සාරි’ නාට්‍යයේ දම්සාරි ගේ චරිතයට ශෙරිල් ඩෙකර් වෙනුවට නෙහාරා පීරිස් යොදා ගැනීම අසාර්ථකයි.
 

රවී වසන්ත

මීටියාගොඩ

‘රඟපෑම් ඉවරයි’ වේදිකා නාට්‍යයේ කමල් අද්දරආරච්චිගේ රංගනය මල් හතයි.
 

විජය

අයගම

ලක්දේශයට අභිමානයක් එක් කොට, සංගීත සප්තස්වර අතර ස්වකීය ආත්මය නිධන් කොට, හුදී ජන පහන් සංවේගය උදෙසා ගී ගැයූ අපේ කාලයේ ගුත්තිල ප¼ඩිවරයාණෝ,

සෝමතිලක ජයමහ සූරීනි,

ඔබට තවත් ගීතයෙන් අපව පිනවන්නට නිර්මාණ කරන්නට ශක්තියත්, දීර්ඝායුෂත් පතමු.
 

චතුරංග සම්පත්

තුන්නැන

තූර්යා ටෙලි නාට්‍යය හරිම ශෝක්.
 

ගීතසේන ජයසිංහ

කුලියාපිටිලය

ධර්මරාජගම

ලංකාවේ සොඳුරු ඉසව් අලළා ගී ගැයූ චිත්‍රා සෝමපාල වියෝ වී විසි වසරකට ආසන්නය. ඇයගේ දඹුලු ගලේ, ලලිත කලා ඔප කරනා, දකුණු ලකේ අග නගරේ, දුන්හිඳ හැලෙනා වැනි ගීත කෙතරම් මනහර ද බලන්න. එහෙත් වත්මනෙහි සිටින ගුවන් විදුලි නිවේදක නිවේදිකාවන් ඇයව දන්නවාදැයි සැකයකි.
 

හේමන්ත

ගාල්ල

නව පරපුරේ ගායක විජිත කුමාර ගායකයාගේ ගීත කනට මිහිරියි.
 

තරිඳු

දෙවිනුවර

විනු උදානි තමයි නියම තරුමලී.
 

තරිඳු වැරනායක

දෙවිනුවර

හිරු ගුවන් විදුලියේ ජෝතිපාල මහත්තයාගේ ඔරිජිනල් ගීත ප්‍රචාරය කරන්න කියලා ඉල්ලීමක් කරනවා මං.
 

තමාරා කුමාරි

ගාල්ල

සෑම ඉරු දිනකම රාත්‍රී දහයට ස්වාධීන රූපවාහිනි සේවය මඟින් ඉදිරිපත් කළ සංහිඳ වැඩසටහන අපගේ ප්‍රියතම වැඩ සටහනයි. එය ඉදිරිපත් කළ ඉන්ද්‍රසිරි සුරවීර එම වැඩසටහනේ මුල සිට අග දක්වා ප්‍රේක්ෂකයන්ව රඳවා තබා ගැනීමට සමත් වුණා.
 

ඉන්ද්‍රපාල

තිලිනි මදාරා

මුතු මැණිකේ

සංඝමිත්තා මාවත,

මුංහේන

වර්තමානයේ තිරගත වන චිත්‍රපට ගැන කතා කරනවා නම් පෙර මෙන් පෙම්වතකු, පෙම්වතියක, දුෂ්ටයකු, සටන් නළුවකු, විකට රජකු බිහි වී නොමැති බවක් පෙනී යයි. ඉස්සර පූර්ව කථනයෙන්ම හඳුන්වා දෙන නළුවා නිළිය අපට හඳුනා ගත හැකි වන මුත් දැන් එසේ නැත.
 

ඩබ්ලිව්. දමයන්ති කුමාරි

හොරණ

අති දක්ෂ රංගන ශිල්පියකු වන ජැක්සන් ඇන්තනී හෙළ සිනමාවේ වසන්තයට බිහි වූ සුපිරි තරුවකි. අස්වැසුම, සූරිය අරණ, ගිනි අවි සහ ගිනි කෙළි වැනි චිත්‍රපටවල ඔහුගේ රංගනය අති විශිෂ්ටයි. ඔහු ප්‍රධාන භූමිකාව නිරූපණය කළ ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයේ දෙවැනි කොටස නිර්මාණය වනවා නම් අගෙයි.
 

කේ. ඒ. ඩී. නාමල්

අකුරැස්ස

ජයලත් මනෝරත්නගේ ‘තාත්තෙ අපි ආවා’ ටෙලි සිතුවම අපි ඛ්ැමෝගෙම ටෙලි නාට්‍යයයි.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

අතුල - සමිතා ගයන දෛවයේ සරදමින් ගීතය ඉතාම මිහිරියි. ඒ වගේම තීක්ෂණ අනුරාධගේ ‘ආයෙත් හඬන්න’ ගීය ද අපූර්වත්වයෙන් පිරුණු එකකි.
 

ලක්මාලි

වරකාපොළ