වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




නර්තනයෙන් රංගනයෙන් පෙරටම යන රුවනි

නර්තනයෙන් රංගනයෙන් පෙරටම යන රුවනි

යංග් ටැලන්ට් තීරුවෙන් අද ඔබට හදුන්වා දෙනු ලබන්නේ ජාතික යෞවන සම්මාන 2012 ප්‍රදානෝත්සවයේදී නිපුණ යෞවන සමාජය , කළුතර දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත නියෝජනය කරමින් පහතරට නැටුම් ඒකල කාන්තා අංශයේ දී සම්ප්‍රදායික නර්තන අංගයක් වන, ශ්‍රද්ධ මාත්ත්‍රා නර්තන අංගය ඉදිරිපත් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගත් කළුතර පදිංචි එස්.රුවනි තක්ෂිලා පිළිබඳවයි.

වයස අවුරුදු 10 දී රුවනි නර්තනයේ මුල් අත්පොත් තබන්නීය . නෘත්‍ය ප්‍රදීප කලායතනයේ ටයිටස් පෙරේරා ගුරුවරයා යටතේ උඩරට, පහතරට, කථක් නර්තනයන් ප්‍රගුණ කර, 2002 වසරේදී ශ්‍රී සංඛ ප්‍රදීප කලායතනයට බැඳි යු. ඩී. මහේෂ් ප්‍රියංක ගුරුවරයා යටතේ නර්තනය හදාරා 2003 අගෝස්තු 02 වන දින කලඑළි මංගල්‍යයක් පවත්වා පාහිම්පත් තබා ඇත.

කළුතර අගමැති බාලිකා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගයන් සඳහා නර්තනය විෂයයක් ලෙස හදාරා ඉහළ ප්‍රතිඵල ලබමින් 2008 වසරේ දී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී උඩරට ,පහතරට ,සබරගමු ,කථක් ,මණිපූරි සහ වෙනත් විෂයන් කිහිපයක් හදාරා

ප්‍රාසංගික කලා විශේෂවේදී උපාධියක් සහිතව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කර තිබේ.

රංග කලා කේන්ද්‍රය සහ එහි අධ්‍යක්ෂ මහාචාර්ය එන්.එම්.සවරි පියතුමා ඇයට තවත් විශේෂිත ගුරුවරයකු වූයේ නර්තනය, ගායනය,

නාට්‍ය යන කලා හැකියාවන් වර්ධනය කර ගැනීමටත් ලංකාව පුරා විසිර තිබෙන්නා වූ රංග කලා කේන්ද්‍ර මඟින් පවත්වනු ලැබූ නාට්‍ය වැඩමුළු, නර්තන ප්‍රසංග, තරගාවලි සඳහා ඉදිරිපත් වී බොහෝ අත්දැකීම් සහ හැකියාවන් වර්ධනය කර ගැනිමටත් අවස්ථාව වුදා වුණු හෙයිනි.

පානදුර රංග කලා කේන්ද්‍රයේ 2007 වසරේ දක්ෂතම නර්තන ශිල්පිනිය වූ රුවනි අද එම ආයතනයේ පානදුර ශාඛාවේ නර්තන ගුරුවරියක ලෙස වසර 4ක් පුරාවට කටයුතු කරයි.

2006 වසරේදී ජර්මන්, ඕස්ට්‍රියාව, පැරිස්, ඉතාලිය වැනි යුරෝපීය රටවල් කිහිපයකටත්, 2008,2011 , වර්ෂ වලදී ඉන්දියානු සංචාර කිහිපයකටත් සහභාගි වී දේශීය සංස්කෘතිකාංග ලොවට පෙන්වීමට ද ඉඩ හසර උදා කරගෙන ඇත. .

2008 වසරේදී ජාතික තරුණ සේවා සභාවේ නර්තන පුහුණු පාඨමාලාව සම්පුර්ණ කළ රුවනි ට මහරගම තරුණ සේවා සභාවේ විශේෂ නර්තන කණ්ඩායමට

ඇතුළත් වීමේ වරම් ලැබිණි.

දැනට ඉන්දියානු කථක් නර්තනය ප්‍රගුණ කරමින් දෙවන අදියරෙහි නියැළී සිටින රුවනි Latin,Jive,Cha-Cha,BaLL Room, Free Style,බටහිර නර්තන ශෛලීන් ද හදාරා ඇත.

හයිඩි , සාමයේ විල්තෙර , භවාන්තරණ , අශ්ව පැටියගේ නුවණ , බිදුම , අශෝකා , දර්ශනා යන වේදිකා නාට්‍ය හා සිංහල,දෙමළ එකතුවෙන් කළ මුද්‍ර නාට්‍ය,

හුරුළු වහල , විල් බැදි දනව්ව යන ටෙලි නාට්‍ය මෙන්ම මහින්දාගමනය සිනමා පටයේද රුවනි රංගනයෙන් දායක වී ඇත.

ජාතික යෞවන සම්මාන 2012, පහතරට නැටුම් ඒකල කාන්තා තරග අංශයෙන් ප්‍රථම ස්ථානය , එම තරගයේ ම උඩරට නර්තන ඒකල කාන්තා අංශයෙන් පස්වන ස්ථානය ,

2011- රාජ්‍ය නර්තන තරගාවලිය (සමුහ) ප්‍රථම හා දෙවන ස්ථානය , 2005- පාසල් සමස්ත ලංකා නැටුම් හා මුද්‍ර නාට්‍ය තරග දෙවන ස්ථානය , 2002 දී ප්‍රථම ස්ථානය ,

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පැවැත් වූ 2006-2007 ප්‍රවේනි නර්තන තරගාවලියේදී ( විවෘත හා සමුහ ) ප්‍රථම ස්ථානය , දෙරණ ඛ්ඪබර ධට ච්චදජඥ තරගයේ ඉඥචඵධද-1 තරග වටයේ 5වන ස්ථානය , ඇතුළුව ජයග්‍රහණ රැසක් දිනා ගෙන තිබේ .

තමන් ඉගෙන ගත් දෑ සහ ලද අත්දැකීම් තුළින් ගොඩනගාගත් දක්ෂතා එක්තැන්කොට අපගේ සංස්කෘතිය රැකෙන අයුරින් නව නිර්මාණයේ යෙදෙමින් ඊළග පරම්පරාවට

නර්තනය කියා දීම රුවනිගේ බලාපොරොත්තුවයි.

තමන් ආ මේ ගමන් මග සාර්ථක කරලන්නට උපකාර වූ පාසලේ දී නර්තනය කියාදුන් චන්ද්‍රානි , නාමලී , දේවිකා යන ගුරු මෑණිවරුන්ටත් , කලායතනවල ගුරු පියවරුන්ටත්

අම්මා එස්. රනසිංහ , තාත්තා එන්.ප්‍රදීප් , තරගයන් සදහා ඉදිරිපත් වීමට උදව් කළ සැමටත් , විශ්වවිද්‍යාලයේ සියලු ගුරුවරුන් ටත් ඇය ස්තූති කළාය.