වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සන්නාලි සිහිනයක සේද කිරුළ

සන්නාලි සිහිනයක සේද කිරුළ

වැඩමුළුවකදී කලාව ගැන කියන කමල්

සංගීත වැඩමුළුව කසුන්ගෙන්

හයිඩ්‍රාමනී සේද කිරුළ කාටද? තීරණය 22 දා ...

මාස ගණනාවක් තරු කිරුළ වෙනුවෙන් සුන්දරව සටන් කළ ඔවුන් දැන් නැවතී බලා හිඳින්නේ මේ කිරුළ කාට හිමි වේද යන හැඟීමෙනි. විවිධ පළාත්වලින් එකම ආයතනයක සේවයට පැමිණි ඔවුන් දැන් තමා තුළ සැඟ වී සිටි සැබෑ නිර්මාණකරුවා හඳුනාගන අවසන්ය.

අපේ රටේ සුවහසක් සන්නාලියන්ගේ තරු සිහිනය සැබෑ කිරීම පෙරදැරි කොට ගනිමින් හයිඩ්‍රාමනී සේද කිරුළ සන්නාලි සිහිනය ඇරැඹුණේ දහස් ගණනක තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙනි. දිවයිනේ ප්‍රකට ඇඟලුම් ආයතනයක් වන හයිඩ්‍රාමනී ආයතනයේ සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් ඇරැඹි මේ දැවැන්ත රියැලිටි තරග සන්දර්ශන මංගල්‍යයේ දැන් කූටප්‍රාප්තියට පැමිණ තිබේ.

ගායන, නිවේදන, නර්තන, කෙටි කතා, පද්‍ය, චිත්‍ර වැනි තරග අංශ සියල්ලෙන්ම තරග පවත්වා ඒ ඒ අංශයන්ට සුවිශේෂී දස්කම් පෑ තරු වෙනුවෙන් කිරුළ පළඳවන්නේ 22 දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදීය.

ප්‍රවීණ විනිසුරු මඬුල්ලකගේ සහභාගිත්වයෙන්, වෘත්තීයමය ශිල්පීන්ගේ මඟ පෙන්වීමෙන් සිදු කළ මේ රියැලිටි වැඩසටහනේ අවසන් වටය සඳහා 12 දෙනකු තේරී පත්ව ඇත.

තරුණ සන්නාලියන්ගේ සෞන්දර්ය හා සාහිත්‍ය හැකියාවන් මනාවට විදහා පාන මෙම වැඩසටහන ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ ගේ නිර්මාණ සංකල්පයකි. ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ ගුරුහරුකම් පැසසුම් හමුවේ දිගු ගමනක් පැමිණි ඔවුන් තමාගේ ක්ෂේත්‍රයේ දැනුම ප්‍රගුණ කර ගැනීමට ද මේ රඟමඬල පාඨශාලාවක් බවට පත් කර ගත්තෝය.

සීතල දෙසැම්බර් මාසයේ තරු බැබළෙන 22 දා රාත්‍රියේ මේ එක් එක් කිරුළ කවුරුන් පළඳීවිද?

අප මේ හඳුනාගන්නට සැරසෙන්නේ අවසන් රාත්‍රියේ ගායන හා නර්තන අංශ සඳහා තරග වැදීමට සුදුසුකම් ලද වාසනාවන්ත සන්නාලියන්ය. දිවයිනේ විවිධ දෙසින් පැමිණ සහෝදරත්වයෙන් එකම ආයතනයක සේවය කරන මේ පිරිස එකම වේදිකාවකට ගොඩ වන්නේ සිහින පොදි බැඳ ගනිමිනි.

ප්‍රේක්ෂකයන්ගේ දෑස, දෙකන මවිතයට පත් කරවන්නට තරම් හැකියාවෙන් පිරි ඔවුන්ගෙන් කවුරුන් මේ සේද කිරුළ තමාගේ කර ගනීවිද? ගායන හා නර්තන අංශයෙන් කිරුළ පළඳින්නේ අනිවාර්යයෙන්ම පහත එක් අයකු විසිනි.

ඔවුන්ගේ හැකියාව ඔපමට්ටම් කළ සහ උරගා බැලූ ප්‍රවීණ විනිශ්චය මණ්ඩලය

රත්න ශ්‍රී විජේසිංහ (ප්‍රවීණ ගීත රචක)
ජයතිලක කම්මැල්ලවීර (ප්‍රවීණ සාහිත්‍යධර)
ආචර්ය ප්‍රණීත් අභයසුන්දර (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)
තිස්සසිරි පෙරේරා (ප්‍රවීණ සංගීතවේදී)
එච්. එස්. සරත් (ප්‍රවීණ චිත්‍ර ශිල්පී)
රවිබන්ධු විද්‍යාපති (ප්‍රවීණ නර්තනවේදී)
නේමාලි බුදවත්ත (නර්තනාචාරිනී)
පාලිත සිල්වා (ප්‍රවීණ රංගධර)
චන්දන වික්‍රමසිංහ (ප්‍රවීණ නර්තනවේදී)
සමිතා එරන්දතී මුදුන්කොටුව (ප්‍රවීණ ගායිකා)
නීලා වික්‍රමසිංහ (ප්‍රවීණ ගායිකා)
නෙලූ අධිකාරි (ප්‍රවීණ ගායිකා)
ශෂිකා නිසංසලා (ප්‍රවීණ ගායිකා)
ධම්මිකා බණ්ඩාර (ප්‍රවීණ ගායිකා)
කලාවතී (ප්‍රවීණ ගායිකා)
කසුන් කල්හාර (ප්‍රවීණ ගායක)
මොරිස් විජේසිංහ (ප්‍රවීණ ගායක)
රෝහණ බෝගොඩ (ප්‍රවීණ ගායක / වාදක)
රාජු බණ්ඩාර (ප්‍රවීණ ගායක / වාදක)
අශෝක තිලකරත්න (ප්‍රවීණ මාධ්‍යවේදී)
විපුල් ධර්මප්‍රිය ජයසේකර (ප්‍රවීණ මාධ්‍යවේදී)
අසේල රංගදේව
නදිරා චන්දිමානි (නර්තනාචාරිනී)
ජයන්ත පුෂ්පකුමාර (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)
සරත් පේ‍්‍රමරත්න (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)
නිහාල් චන්ද්‍රසිරි (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)
වික්‍රමසිංහ බණ්ඩාර (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)
අනුපමා සමරනායක ((ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)
රංජන අමරදේව (ප්‍රවීණ වාදක)
කේ. ශෛලානි මයිනිවානිගල් (ප්‍රවීණ මාධ්‍යවේදිනී)
කේ. දර්ශනී (ප්‍රවීණ මාධ්‍යවේදිනී)

 

ගායන අංශයේ විනිශ්චය මණ්ඩලය සහ කමල් දස්කම් නරඹමින්

පාලිත සිල්වාගෙන් තරගකරුවන්ට උපදෙස්

නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහගේ ගුරුහරුකම්

වැඩමුළුවක් සඳහා සියල්ල සූදානම්

නවා සහ නිරෝෂාගෙන් තරගකරුවන්ට දැනුම

එම්. ඒ. ඩී.

කෝලිත ක්‍රිෂාන්ත ගුණතිලක

ගම – කළුතර

උපන් දිනය
– 1988. 04. 24

පාසල – කළුතර විද්‍යාලය

විනෝදාංශ - ගායනය සහ වාදනය

ගයාන් අරෝෂ

ගම – මහරගම

උපන් දිනය
– 1988. 11. 02

පාසල – ජනාධිපති විද්‍යාලය, මහරගම

විනෝදාංශ - ගායනය

 

රෙජී ජයවීර

ගම – ගැටහැත්ත

උපන් දිනය 1982. 08. 24

පාසල – ර/උඩුවක සිද්ධාර්ථ

මහා විද්‍යාලය

විනෝදාංශය –ගායනය

 

චානුක රිද්මාල් ප්‍රේමසිංහ

ගම – යටියන්තොට

උපන් දිනය – 1992. 01. 14

පාසල – තනන්ගමුව රාජසිංහ මහා විද්‍යාලය / යටියන්තොට මධ්‍ය මහා විද්‍යාලය

විනෝදාංශ - ගායනය

ලෝනිතා ජයංගනී
ගම - දෙහිවල
උපන් දිනය – 1985.05. 09
පාසල - ප්‍රෙස්බෙටේරියන් බාලිකා විද්‍යාලය - දෙහිවල
විනෝදාංශ - ගායනය

එස්. දනුෂාන්

ගම – වත්තල

පාසල - ශාන්ත අන්තෝනි විද්‍යාලය - කොළඹ 14

විනෝදාංශ -

ගායනය, නර්තනය

 

ලක්මාල් සිල්වා

ගම – ගම්පහ

පාසල – බණ්ඩාරනායක විද්‍යාලය – ගම්පහ

විනෝදාංශ -

ගිටාර් වාදනය, ගායනය

 

චාමලී අශෝකා

ගම – කුරුවිට

උපන් දිනය – 1993. 06. 11

විනෝදාංශ -

ගීත ඇසීම

 

දයානි සඳරුවනි රොයෙල්

ගම – කුලියාපිටිය

පාසල –

ධර්මරාජ ජාතික

පාසල – කුලියාපිටිය

 

සාලිය නිරෝමන් ද සිල්වා

ගම - දෙහිඅත්තකණ්ඩිය

පාසල – බක්මීදෙණිය විද්‍යාලය

උපන් දිනය - 1989. 04. 02

මයොන්දි ශශිකලා

ගම – මාලඹේ

උපන් දිනය –

1986. 06. 01

 

චම්මි ඉරෝෂා

පාසල –

ලින්ඩ්සේ විද්‍යාලය -

කොළඹ 03