වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




FeedBack

නාමල් යළි එන්න

අසූව දශකයේ ජනප්‍රිය ගායකයා වූ නාමල් උඩුගම නිහඬ නොවී අප සිත් සනසන්න. වෙස්සන්තර බිසෝ, රෑ සිහිනේ, ලොවම නිදන රාත්‍රියේ මෙවැනි ගී ගයා යළි එන්න.
 

වියානි ගුණවර්ධන

නිලන්ති ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

වෙන්නප්පුව

මනෝජ් හරි අපූරුයි

මනෝජ් පීරිස් දක්‍ෂ තබ්ලා වාදකයකු මෙන්ම සංගීතය මෙහෙයවන සුප්‍රකට පුද්ගලයකි. දෙරණ ලිට්ල් ස්ටාර්, ස්වාධීන රූපවාහිනියේ චැට් ඇන්ඩ් මියුසික් ආදී විවිධ නාලිකාවල ප්‍රසංග සඳහා සංගීතය සපයන අයුරු අපූරුය.

නිතර අව්‍යාජ සිනහවකින් මුව සරසාගෙන තබ්ලා වයන සංගීත ශිල්පියාණෙනි, කලා පවුලක පුරුකක් වූ ඔබ අපට මහඟු සම්පතකි.

කරුණාදාස දොඩංගොඩ
ඇරැව්වල

ජනප්‍රිය කිරුළ දිනුවෝ

අප සිනමාවේ චිත්‍රපට පසුබිම් ගායනයේ ජනප්‍රිය කිරුළ දිනුවෝ මෙසේය.

50 දශකය – අල්හාජ් මොහිදීන් බෙග්
60 දශකය – ධර්මදාස වල්පොල
70 දශකය – එච්. ආර්. ජෝතිපාල
80 දශකය – මිල්ටන් මල්ලවාරච්චි
90 දශකය - ග්‍රේෂන් ආනන්ද

අහෝ දුකකි.
2000 සිට මේ දක්වා කවුරුත් නැත.

ඈන් නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල

සිනමාවේ අඩසිය වසක් සපුරන අනුලා

තම සිනමා ගමනේ අඩසිය වස සපුරන අනුලා කරුණාතිලක නම් රංගධාරිනිය සිනමාවට පිවිසුනේ ගම්පෙරළිය සිනමා පටයෙනි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අධ්‍යක්‍ෂණය යටතේ සිනමාවේ අත් පොත් තැබූ ඇය ඉන් පසුවද රංගනයේ යෙදුණේ ප්‍රවීණ අධ්‍යක්‍ෂවරුන් යටතේ වීම විශේෂත්වයකි.

සිනමා ලෝකයෙත් ප්‍රේක්‍ෂක හදවත් තුළත් විශාල ආන්දෝලනයක් කරමින් ගොළු හදවතේ දම්මිගේ චරිතය තුළ ඇය ජීවත් වූ අන්දම කිසිදු දිනෙක මැකී නොයනු ඇත. එය එතරම්ම විශිෂ්ට රංගනයකි.

චිත්‍රපට අතලොස්සක රංගනයේ යෙදුණත් ඒ හැම චරිතයකටම ඇය පූර්ණ ලෙස සාධාරණයක් ඉටු කළාය.

කරු මන්දාවල

නාත්තන්ඩිය

රිදම් ගුවන් විදුලියට සුබ පැතුම්

රිදම් ගුවන් විදුලියේ හතරවැනි සංවත්සරයට මගේ සුබ පැතුම් එක් කරමි. එමෙන්ම අමිල, චමිල, ජානක, සංජීව, ලහිරු, ගනෙෂ් ඇතුළු රිදම් ටීම් එකේ හැමෝටම තව දිගු ගමනක් යාමට ද ආසිරි පතමි.

ගයාන්, වරකපොල

ලක්මාලි

ගව ඝාතන දැන්වීම් යළි පළ කරන්න

ගව ඝාතනයෙන් වැලකී සිටීම තේමා කරගත් දැන්වීම් කිහිපයක් රූපවාහිනී නාලිකාවල පෙර නිතර නිතර ප්‍රචාරණය වනවා දක්නට ලැබුණත් මෑත කාලීනව එම දැන්වීම් කිසිවක් දක්නට නොලැබේ.

ගව ඝාතනයෙන් යම්තාක් දුරකට හෝ මිනිසකු මුදවාලීමට හැකිව තිබූ අවස්ථාව එම දැන්වීම් විකාශය නොවීමෙන් මග හැරී යයි. එම දැන්වීම් යළිත් මිනිසුන්ට ලබා දෙන්නේනම් එය මහත් වූ පුණ්‍යකර්මයකි.

චම්පිකා නේරංජනී ගලප්පත්ති

ගාල්ල
 

ධනංජය සිරිවර්ධන ලබන වසරෙත් ජනප්‍රිය නළුවා වේවා.

දුෂ්නි

ගාල්ල

සුරාජ් – මංජුලා ඕලු ටෙලි නාට්‍යයේ රඟපෑවා වගේ ආයෙත් එවැනිම වූ නාට්‍යයකින් හමුවන්න.

අශෝක, වත්සලා, චන්දන
අම්බලන්තොට

චිත්‍රපට නිළියකට උචිතම ලක්‍ෂන ශේෂාද්‍රිට තියනවා.

දිමුත්

ගාල්ල

රොෂාන් රවීන්ද්‍රගේ දක්‍ෂතාවයන්ට සෑම නළුවෙක්ම පරදිනවා.

සුගත් ලාල්

ක්වේට්

ඉසුරු සංග්‍රාමය ටෙලි සිතුවමේ රොෂාන් පිළපිටිය අපූරු රංගනයක යෙදෙනවා.

සරත්

මතුගම

මම හිතුවෙ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සිතුම් වෙයි කියලා.

ධනු

මහරගම

මුත්තුසාමි මාස්ටර් අමරණීයයි.

නිමල් කුලසේකර

අඟුලාන

කුමා අත්තනායකගේ නවතම ගීතය වූ ත්‍රීවිල් මිතුරෝ ගීතය ඉතා අගෙයි.

සිසිර කුමාර

මාරවිල

සිරස සුපර් ස්ටාර් විනිශ්ච මණ්ඩලය ක්‍රියා කරන අයුරු සාර්ථකයි.

සසංක

මාතර

අපේ සිනමාවේ සිටි ආදරණීය තරු යුගලකි විජය කුමාරණතුංග සහ කමල් අද්දරආරච්චි.

සම්පත්

මීගොඩ

ඉඳුවරී ටෙලි නාට්‍යයේ රංගනයේ යෙදෙන නවක රංගන ශිල්පිනී භාග්‍යාගෙන් කිසිදු නවක බවක් පේන්නේ නැහැ.

චමරි

මොරටුව

කුසපබා ආයෙ පෙන්වන්න

කටුවැල්ගම ගම්වාසීන්

කීර්ති පැස්කුවෙල් මහතා මේ ළඟදී රූපවාහිනී වැඩසටහනකට ඇවිත් ගැයූ ගීත අපිව කුල්මත් කළා. ඒවා ඉතාම මිහිරියි. ඇත්තටම ඔහු ළයාන්විතයකි.

ගීතානි ජයසිංහ

ධර්මරාජගම

ලාංකේය රසික හදවත් ගීතයෙන් සුවපත් කළ නිහතමානී පැවතුම් රටාවෙන් ඈත් අප වෙනුවෙන් ගී ගයන ජාතික තරුණ සේවා සභාව තුළින් කලා ලොව වෙත දායාද වූ ආදරණීය ගායන ශිල්පි චන්දන ලියනාරච්චිට ජය පතමි.

සම්පත්

තුන්නෑන

ශි‍්‍රයන්ත මෙන්ඩිස් ගේ රංගනයට කියන්න වචන නැහැ. ගැමි චරිත ඔහුට හොඳට පුළුවනි රඟපාන්න.

ඉන්දික

කෙහෙල් ඇල්ල.

ලලිත් පොන්නම්පෙරුම ගේ ගැයුම් අපව එදත් පිනවූවා. අදත් පිනවූවා.

කපිල ජයවිලාල් හේරත්

කුලියාපිටිය

නෙහාරා තමයි පුංචි තිරයේ මනමාලි

රේණුකා

වැල්ලම්පිටිය.

අපේ රසික පිරිස් නැවත පැරැණි ටෙලි නාට්‍ය ඉල්ලා සිටීමෙන් පෙනී යන්නේ වර්ථමානයේ පෙර මෙන් සාර්ථක නිර්මාණ බිහිනොවන බව නේද. හැමදාමත් ආදරය වෙනුවෙන් හඬා වැටෙන අරුත්සුන් ඒකාකාරී නිර්මාණ බිහිවීම මෙයට හේතුවකි.

දමයන්ති

හොරණ

අපට සිටින අති දක්‍ෂ විකට නළුවකු වන බන්දු සමරසිංහ අගයා නොමැතිවීම කණගාටු දායකය.

මුණසිංහ

රොෂාන් රණවන අයියා හැම විටකම හරිම ලස්සනයි.

සස්මිතා

කොළඹ