වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -92

සිංහල සිනමා විස්තරය -92

සුගන්ධි

තිරගතවූ දිනය – 1979 සැප්තැම්බර් 14
ඉදිරිපත් කිරීම - සීමිත අග්‍රා චිත්‍රපට
නිෂ්පාදනය- සුනිල් විමලවීර, අග්‍රා සජීවනී
කාර්මික තිරනාටකය, සටන් අධ්‍යක්‍ෂණය සහ අධ්‍යක්‍ෂණය – දයානන්ද රුද්‍රිගු
තිරනාටකය, දෙබස් සහ ගීත රචනය - සුනිල් විමලවීර
කතාව - ජනක රත්නායක
සහාය අධ්‍යක්‍ෂණය - ලෝරන්ස් කුරේ
සංස්කරණය – ඩබ්ලිව්. ඩී. කේ. රූබන්
වේශ නිරූපණය - ලෙනී කුරුප්පු
කලා අධ්‍යක්‍ෂණය - ලයනල් සිල්වා
කැමරා අධ්‍යක්‍ෂණය – ලලිත් ගුණවර්ධන
නිෂ්පාදන කළමනාකරුවෝ - තිලක් ගාමිණී, රාණී විමලවීර
සැකසුම – විජය චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – ඇස්. සාරංගරාජා
රසායනාගාර කටයුතු - එස්. තිරනාවුකරසු
සංගීත අධ්‍යක්‍ෂණය - සරත් බාලසූරිය

ගීත - පෙම් සිත මාගේ සංවර නෑනේ – ඉන්ද්‍රාණි පෙරේරා, සුනිල් විමලවීර
වේදනාව ඇයි මේ ලෝකේ – ලතා වල්පොල
සිහිනෙන් දැක්කා මනාලියක් වී – එච්. ආර්. ජෝතිපාල, අග්‍රා සජීවනී
ජීවනයේ සඳුන් රුකේ - ලතා වල්පොල
දෑසේ මැව්නාවේ සුගන්ධි – අග්‍රා සජීවනී
කොල්ලෝ මං ආදරෙයි – ඉන්ද්‍රාණි පෙරේරා

ගීත පොත් – ආනන්ද පොත්හල, ශාන්ති
පොත්හල - මරදාන
ගීත තැටි - ජෙම්ටෝන්

නළු නිළියන් – රවීන්ද්‍ර රන්දෙණිය (සුසන්ත) අග්‍රා සජීවනී (නයෝමි සහ සුගන්ධි) බන්දු මුණසිංහ (බෙනට්) සෙනරත් පෙරේරා (සුගන්ධිගේ පියා) පියදාස ගුණසේකර (දොස්තර) ටියුඩර් කරුණාතිලක (පොලිස් පරීක්‍ෂක) බී. ඇස්. පෙරේරා (වඩිවේල් - මෙහෙකරු) රෙක්ස් කොඩිප්පිලි, නිරංජලා ජයවීර, සොමී රත්නායක, නිර්මලා තරංගනී, බැසිල් ද සේරම්, විල්සන්කරුණාරත්න, චන්ද්‍රපාල විජේසූරිය.

ප්‍රදර්ශනය – ලිඩෝ, සෙයින්ස්තාන්, විජිත, රීගල් - මහනුවර, කුවින්ලන් – නුගේගොඩ ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී.
ප්‍රදර්ශන කාලය – විජිත දින 25,
සෙයින්ස්තාන් දින 41, ලිඩෝ දින 50 ක් වශයෙනි.
මංගල දර්ශනය - කොළඹ දිසා ඇමැති වීරසිංහ මල්ලිමාරච්චි මහතා සහ එම මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් ලිඩෝ සිනමා ශාලාවේ දී.

සවුදන් ජෙමා

තිරගත වූ දිනය – 1979 ඔක්තෝම්බර් 09
ඉදිරිපත් කිරීම – ලංකා මාතා චිත්‍රපට
නිෂ්පාදනය – ඩී. ජේ. කටුගම්පොල, ජී. ඩබ්. පෙරේරා, කේ. කරුණාසේන, සිරිල් පීරිස්, ඩී. එම්. ගුණසේකර
කතාව දෙබස් සහ අධ්‍යක්ෂණය – ජයන්ත පී. සමරසිංහ
තිර රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
කැමරා අධ්‍යක්ෂණය – එම්. වී. හේමපාල
කැමරා සහාය - චන්ද්‍රලාල් මනමේන්ද්‍ර
වෙස් ගැන්වීම – ගිල්ටන් මෙන්ඩිස්
සහාය අධ්‍යක්ෂණය – ඩී. ජේ. කටුගම්පොල
නිෂ්පාදන කළමනාකරණය – එම්. සිරිල් පීරිස්, කේ. කරුණාරත්න
සැකසුම – ලංකා චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
ගීත පටිගත කිරීම – ජෝර්ජ් මනතුංග
රසායනාගාර කටයුතු - අයි. ඒ. ජොහාර්
නිශ්චල ඡායාරූප – රංජිත් පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ, හඩ්සන් සමරසිංහ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ

ගීත සහ ගායන ශිල්පීන් -දෑසේ මල් හී වැදිලා ආදරෙන්– එච්. ආර් ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
අපේ ගමට පුරහඳක් පායලා - මොරිස් දහනායක ඇතුළු පිරිස
සැපතයි මට මහජන සේවේ – එච්. ආර්. ජෝතිපාල
සැලේ සැලේ මාළු පැටව් – ලතා වල්පොල, ධම්මිකා වල්පොල
ඔන්චිල්ලා තරු වැල් - ඇන්ජලින් ගුණතිලක
සන්තානේ වේදනාවන් – එච්. ආර්. ජෝතිපාල

ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන
චිත්‍රපටයේ මුල් නම - දෙකටන යෝධයා

නළු නිළියන් - ලයනල් දැරණියගල (සවුදන් ජෙමා), ගීතා කුමාරසිංහ (විනෝදනී), ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (යුරේනියස්), පියදාස ගුණසේකර (කහතුඩුවේ රාලහාමි), සෝනියා දිසා (නොක්කි), මොරිස් දහනායක (ධර්මේ), දෙනවක හාමිනේ (සව්දන් ජෙමාගේ ආච්චි), රූබි ද මෙල්, ජී. ඩබ්. පෙරේරා, බන්දු මුණසිංහ, මාක් සමරනායක, ශාන්ති ලේඛා, බී. ඇස්. පෙරේරා, ඩී. ආර්. නානායක්කාර, දොන් සිරිසේන, ලිලියන් එදිරිසිංහ, පියදාස විජේකෝන්

ප්‍රදර්ශනය – ගාමිණි, ප්ලාසා, අනූෂා - මහරගම, ඕඩියන් - මහනුවර, රාජ් – මීගමුව, සමුද්‍රා - වත්තල ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – දින 36 වන විට මුල්
ශාලා 5 කට සීමා විය. මහරගම අනූෂා හි දින 48 ක්ද, ගාමිණී හා ප්ලාසා හි දින 53 බැගින් ද තිරගත විය.

සුභානි

තිරගත කළ දිනය – 1978 ඔක්තෝම්බර් 17
ඉදිරිපත් කිරීම – ගනේෂ් චිත්‍රපට
නිෂ්පාදනය – වී. පී. ගනේෂන්
සංස්කරණය සහ අධ්‍යක්ෂණය – එස්. වී. චන්ද්‍රන්
නිෂ්පාදන සහාය – පී. සතාසිවම්, ඇම්. අයි. ලාල්, සෙල්වරාජා
තිර නාටකය සහ දෙබස් – අරුණ ශාන්ති
සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් කිංස්ලි
කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්
කැමරා සහාය – ජී. ඒ. ජී. පෙරේරා, එච්. ඒ. ඇල්බට්, සී. ප්‍රනාන්දු
සංස්කරණ සහාය – නිව්ටන් වීරසිංහ, උපාලි අමරතුංග, සුනිල් උපාලි
කලා අධ්‍යක්ෂණය – ඇන්ටන් ගුරුසාමි
කලා සහාය – ඇස්. ඩී. ඇලෝසියස්, ඩී. ජේ. ජයමාන්න
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
කොණ්ඩා නිර්මාණ - සෑම් පෙරේරා
නාමාවලිය – බී. පී. පෙරේරා
නිශ්චල ඡායාරූප - මයිකල් වික්ටෝරියා
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ්‍රමනියම්
ශබ්ද සහාය - ශ්‍රී ලාල් මැන්ඩිස් වීරසිංහ, ආනන්ද අමරසිංහ
රසායනාගාර පාලක – ඇස්. තිරනාවුකරසු
රසායනාගාර සහාය – වී. සිවදාසන්, රන්දෙනි ජයවර්ධන, සී. ආර්. රාජා
සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල
නිෂ්පාදන කළමනාකරු - යූ. ඇස්. ඇස්. හමීඩ්
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි

ගීත -සිදු වූ දේ ගැන තැවිලා -  මොහිදින් බෙග්
පද –කරුණාරත්න අබේසේකර
නීල නයන සැලේ - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක,
පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන
හිනැහෙනවා බැස යන – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
පද – කරුණාරත්න අබේසේකර
පොඩි දරුවෙනි සිරි ලංකාවේ – ඇන්ජලින් ගුණතිලක
කාගේ කවුදෝ ඔබ මා - ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ඇන්ජලින් ගුණතිලක

ගීත පොත් - ශාන්ති පොත්හල, ආනන්ද පොත්හල
ගීත තැටි - ජෙම්ටෝන්

නළු නිළියන් - ටෝනි රණසිංහ, අලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සෝනියා දිසා, ජෙනිටා සමරවීර, බැප්ටිස් ප්‍රනාන්දු, ඇන්තනි සී. පෙරේරා, බී. ඇස්. පෙරේරා, එඩී ජයමාන්න, දොන් සිරිසේන, අරුණ ශාන්ති, සොමී රත්නායක, ශාන්ති ලේඛා, කුසුම් කොන්දේගම, නෙලී ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, පියදාසවිජේකෝන්, චන්ද්‍රපාල පර්ඩිනන්ස්, ටියුඩර් කරුණාතිලක, ඩී. එම්. විජේසේකර, දේවිකා කරුණාරත්න, කල්‍යාණි කරුණාරත්න, සුජීවා ලලි, නිර්මලා ජයවීර, චන්දි රසිකා, ෆෙ‍්‍රඩී සිල්වා, සුනිල් වෙස්ලි පෙරේරා, එල්. එච්. ප්‍රේමදාස

ප්‍රදර්ශනය – රිට්ස්, අශෝකා, රොක්සි, ජයන්තා - ගම්පහ, රත්නාවලී – ජාඇල, ලැවීනියා - නුගේගොඩ, මානෙල් - මොරටුව, කුවීන්ස් - ගාල්ල ඇතුළු තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – රිට්ස්, අශෝකා, රොක්සි, ක්වින්ස් - ගාල්ල යන සිනමාශාලා තුළදී දින 54 කි.

දුටුගැමුණු

තිරගත වූ දිනය – 1979 ඔක්තෝම්බර් 19
ඉදිරිපත් කිරීම – ගිවා ස්ටුඩියෝස්
නිෂ්පාදන – අධ්‍යක්ෂණය, සංස්කරණය සහ රූ සැලසුම් හා පණ ගැන්වීම – ගිවන්ත අර්ථසාද්
කතාව සහ තිර නාටකය - සරත් කැල්ලපත, ක්‍රිශාන්ත මේදිස්
දෙබස් රචනය – ක්‍රිශාන්ත මේදිස්
කැමරා අධ්‍යක්ෂණය – දිනේෂ් ප්‍රියසාද්
කැමරා සහාය – රන්සිරි පීරිස්, ක්‍රිශාන් ප්‍රනාන්දු
නාද සංයෝජනය - ඩොනල්ඩ් අයිවන් (ජෝ නෙත් ශබ්දාගාරය)
රූ සැලසුම් සහාය - මහේෂ් අබේවික්‍රම
පිටපත් මුද්‍රණය – ලංකා චිත්‍රාගාරය
සැකසුම – රජයේ චිත්‍රපට අංශය, ලංකා චිත්‍රාගාරය
පසුබිම් සංගීතය සහ සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක, තිරාජ් ලෙස්ටර්
ගීත ප්‍රබන්ධය - සිරිල් ඒ. සීලවිමල, ක්‍රිශාන්ත මේදිස්, නෝටන් ප්‍රනාන්දු, ගිවන්ත අර්ථසාද්
ගීත සංඛ්‍යාව - 07

ගීත -දියමුලක් නැති නිරුදක කතරේ – ටී. එම්. ජයරත්න මුතුවරුසාවක් වසින
ඉසව්වේ – වික්ටර් රත්නායක
නිලුපුල් නෙත් කැලුම් වසා - කාංචනමාලා ජයවර්ධන
අපි රාජ්‍ය සේවයට - සෝමසිරි ප්‍රනාන්දු
විමුක්තිය කොතනද - සෝමසිරි ප්‍රනාන්දු, තිරාජ් ලෙස්ටර්
බළලුන් දෙදෙනාගේ ගීතය – තිරාජ් ලෙස්ටර්
මුළු ලොව දස දෙස - නෙල්සන් මේදිස් ඇතුළු පිරිස

ගීත කැසට් පට – පී. බී. රෙකෝඩින්
ධාවන කාලය – විනාඩි 90
දිග ප්‍රමාණය – අඩි 8703
සහාය චිත්‍ර ශිල්පීන් – අජිත් පීරිස්, අයන්ති ප්‍රනාන්දු, සුජිත් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලන සහාය – එඩ්වඩ් බෝපේ ආරච්චි

චරිතවලට හඬ කැවීම : සිරිල් වික්‍රමගේ (දුටුගැමුණු), හෙන්රි ජයසේන (කාවන්තිස්ස), ෆීලික්ස් ප්‍රේමවර්ධන (නන්දිමිත්‍ර), ගීත ප්‍රනාන්දු, ගිවන්ත අර්ථසාද්, ක්‍රිශාන්ත මේදිස්, ලොයිඩ් ප්‍රනාන්දු, අජිත් මෙන්ඩිස්, අජිත් ප්‍රනාන්දු, සුනිල් ප්‍රනාන්දු මංගල දර්ශනය – රාජ්‍ය ඇමැති ආනන්ද තිස්ස ද අල්විස් මහතා සහ මොරටුව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරෝන් ප්‍රනාන්දු මහතා ප්‍රධානව සැවෝයි සිනමා ශාලාවේදී පැවැත්විණ.

විශේෂතා - ශ්‍රී ලංකාවේ ප්‍රථම වෘතාන්ත කාටුන් චිත්‍රපටය

ප්‍රදර්ශනය - සැවෝයි, ඕඩියන්, ක්‍රවුන්, මානෙල්,

වෙම්බ්ලි - මහනුවර ඇතුළු පස්වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී තිරගතවීම අරඹන ලදී.