වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

බලනවා නම් චිත්‍රපට

අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.

Playing For Keeps

‘ප්ලෙයින් ෆෝ කීප්ස්’ පාපන්දු ක්‍රීඩකයකු වටා ගෙතුන කතා පුවතක් ඇතුළත් ආදරය, හාස්‍ය මුසු වූ චිත්‍රපටයක්. ගේබ්‍රිල් මියුසිනෝ විසින් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 105 ක ධාවන කාලයකින් යුතු වේ. ජෙරාඩ් බට්ලර්, ජෙසිකා බෙල්, උමා තරමන්, කැතරිනා සිටා ජෝන්ස් සහ ඩෙනිස් ක්වෙයිඩ් ප්ලෙයින් ෆෝ කීප්ස්හි ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබා දෙති.

Ghost Rider : Spitit of Vengeance

‘ස්පිරිට් ඔෆ් වෙන්ශ්න්ස්’ චිත්‍රපටය 2007 වසරේ තිරගත වූ ‘ගොස්ට් රයිඩර්’ චිත්‍රපටයේ මීළඟ චිත්‍රපටයයි. වීර කතාවක් පදනම් වූ ස්පිරිට් ඔෆ් වෙන්ශ්න්ස් 3 ච් චිත්‍රපටය මිනිත්තු 95 ක ධාවන කාලයකින් යුතුවේ.

නෙව්ඩිනල් ටේලර් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි නිකලස් කේජ්, සීරන් හින්ඩිස්, වයොලන්ට් ප්ලෙසිඩෝ, ජොනි විට් වොර්ත්, ක්‍රිස්ටෝපි ලැම්බර්ට්, අයිඩ්‍රිස් එල්බා ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති.

Journey 2 :
The Mysterious Island


‘ද මිස්ටිරියස් අයිලන්ඩ්’, ‘ජර්නි’ චිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටයයි. ත්‍රිමාණ සජීවිකරණ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය මිනිත්තු 94 ක ධාවන කාලයකින් යුතු වේ. බ්‍රැඩි පේටන් විසින් අධ්‍යක්ෂණය කළ ‘ද මිස්ටීරියස් අයිලන්ඩ්’ ඕවෙන් ජොන්සන්, ජෝෂ් හචර්සන්, මයිකල් කේන්, වැනිසා හඩ්න්ස්, ලුයිස් ගස්මාන්, ක්‍රිස්ටින් ඩේවිස් චරිත නිරූපණය කරති.

Chronicle

‘ක්රොනික්ල්’ මිනිත්තු 83 ක ධාවන කාලයකින් යුතු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකි.

ජෝෂ් ට්‍රැන්ක් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ඩේන් ඩිහැන්, ඇලෙක් රුසෙල්, මයිකල් බී. ජෝර්ඩින්, මයිකල් කෙලී, ඇෂ්ලි හින්ෂෝ චරිත නිරූපණය කරති.

Nobody Walks

‘නෝබොඩි වොල්ක්ස්’ ඇමරිකානු චිත්‍රපටය රුසෝ යන්ග් ගේ අධ්‍යක්ෂණයකි. ජෝන් ක්‍රසින්කි, ඔලිවියා ත්‍රිලර්බි, රොස්මෙරී ඩිවිට්, ජේන් ලිවී ප්‍රධාන චරිත නිරූපණය කරන මේ සඳහා 2012 වසරේ සන්ඩෙන්ස් චිත්‍රපට උළෙලේ විශේෂ ජූරි සම්මානයක් හිමි විය.

The Cup

‘ද කප්’ 2002 වසරේ මෙල්බන් තුරඟ තරඟාවලියේදී ඩේමියන් ඔලිවර්ස්ගේ ජයග්‍රහණය ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපටයක්. සීමොන් වින්සර් අධ්‍යක්ෂණය කළ ‘ද කප්’ පැය එකකුත් මිනිත්තු 46 ක ධාවන කාලයකින් යුතු වේ.

බ්‍රයන් මාටින්, ස්ටෙෆන් කරි, ජෝඩි ගෝඩ්න්, ඇලිස් පාකින්සන්, ෂොන් මයිකල්ෆ්, මාටින් සක්ස්, කොලීන් හෙවෙට් ප්‍රධාන චරිත නිරූපණය කරති.

Agent Vinod

‘ඒජන්ට් විනෝද්’ හින්දි ක්‍රියාදාම චිත්‍රපටයක්. මිනිත්තු 152 ක ධාවන කාලයකින් යුතු ‘ඒජන්ට් විනෝද්’ ශ්‍රීරාම් රාග්හවන්ගේ අධ්‍යක්ෂණයකි.

සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර රවී කිෂාම්, ප්‍රේම් චොප්රා, රාඕ කපූර්, ගුල්ෂාන් ග්‍රෝවර්, මාර්යම් ෂකරියා සෙසු චරිත සඳහා දායකත්වය ලබා දෙති.

Ekk Deewana Tha

‘ඒක් දීවානා තා’ ආදරණීය කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයක්. ගෞතම් මෙනොන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ඒ. ආර්. රහ්මන් විසිනි. ප්‍රතීක් බබ්බාර්, ඇමී ජැක්සන්, මනු රිෂි ඇතුළු පිරිසක් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.