වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ම ත ක පො ත

ම ත ක පො ත

ඔන්න බබෝ බිල්ලෝ ඇවිත්

මේ ‘ඔන්න බබෝ බිල්ලේ එනවා’ චිත්‍රපටය රූගත කෙරන අතරතුරදී ගත් ඡායාරූපයක්. දැන් නවීන තාක්ෂණය සමඟ ග්‍රැෆික් නිර්මාණය වුවත් එවැනි පහසුකම් නොතිබුණු යුගයක ඉතා සූක්ෂම අන්දමින් දෘශ්‍ය ප්‍රයෝග යොදා ගනිමින් නිර්මාණය කළ චිත්‍රපටයක් තමයි ‘ඔන්න බබෝ බිල්ලෝ එනවා’ චිත්‍රපටය. මේ මොරිස් දහනායක, දොන් සිරිසේන, බී. එස්. පෙරේරා, ශාන්ති ලේඛා පළමු චිත්‍රපටයෙන්ම හොඳම නිළිය වන්නට වාසනාව ලැබූ ස්වර්ණා කහවිට වට කරගන සහාය අධ්‍යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි රූගත කිරීම් අතරතුරේදී දෙබස් කියලා දෙන අවස්ථාවක්. එහා සිට මේ දෙස බලාගෙන ඉන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලෙනින් මොරායස්.

හඬ හතරක් - එක ගීයක්

මේ ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ ‘ඔන්න මාමේ කෙල්ල පැනපි’ චිත්‍රපටයේ ගීතයක් පටිගත කළ අවස්ථාවක්. අපේ ගී ලොවේ කිසිදා නොමැකෙන අමරණීය හඬවල් හිමි සිව් දෙනෙක්. ඇන්ජලින් ගුණතිලක, අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල සමඟින් ධර්මදාස වල්පොල මේ රන්වන් රන් රූපේ ගීතය ගායනා කළ ආකාරයයි. පළමු වතාවට මේ හඬවල් හතර එක්කර එක ගීතයක් නිිර්මාණය කිරීමේ අදහස පහළ වෙලා තියෙන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ ලෙනින් මෙරායස්ට තමයි.