වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




මතක පොත

මතක පොත

සුදු පාට මීදුම් ගලාලා...

මේ අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල ඇන්ජලින් ගුණතිලක සමඟින් ‘එදත් සූරයා අදත් සූරයා’ චිත්‍රපටයේ ‘සුදු පාට මීදුම් ගලාලා’ ගීතය ගායනා කළ අයුරු. හැඳල විජය ස්ටුඩියෝහි මේ ගීතය පටිගත කිරීමේ අවස්ථාවට එදා ඇන්ටන් ග්‍රෙගරි, සරත් රූපසිංහ, ලෙනින් මොරායස්, කරුණාරත්න අබේසේකර සහභාගි වුණා. එදා වගේම අදත් කා අතරත් මේ ගීය ජනප්‍රිය වුවත් එදා මේ අවස්ථාවට එක් වූ අය අතරින් අද අප අතර සිටින්නේ චිත්‍රපට අධ්‍යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි සහ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක පමණයි. ඒ විතරක් නෙවෙයි විජය ස්ටුඩියෝ එකවත් අද නැහැ.

සිංහල සිනමාවේ එදා මෙදාතුර කෙතරම් විකට චිත්‍රපට බිහි වුණා ද? ‘අල්ලපු ගෙදර’ චිත්‍රපටය ඒ අතර හොඳම විකට චිත්‍රපටයක්ය. මේ අල්ලපු ගෙදර චිත්‍රපටයේ මුහුරත් උළෙලේ අවස්ථාවක්. මේ ඡායාරූපයේ පෙනී සිටන අය අතුරින් අද අප අතර සිටින්නේ ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ක්ලැරිස් ද සිල්වා, වී. වාමදේවන් පමණයි. මේ අතර සිටින ජෝ අබේවික්‍රම, බී. එස්. පෙරේරා, හර්බට් අමරවික්‍රම, සන්ධ්‍යා කුමාරි, රූබි ද මෙල්, එම්. මස්තාන්, ඒ. වී. එම්. වාසගම්, ඇන්තනි සී. පෙරේරා, හියුගෝ ප්‍රනාන්දු ඇතුළු පිරිස අද අප අතර නැතුවා සේම විජය චිත්‍රාගාරය සහ අල්ලපු ගෙදර චිත්‍රපටයේ හොඳ පිටපතක්වත් අපට ඉතිරි වෙලා නැහැ.