වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සුහානි රාත් අද සිට 10.10 ට

සුහානි රාත් අද සිට 10.10 ට

බොහෝ දෙනෙකුගේ ආදරයට පාත්‍ර වූ ජාතික රූපවාහිනියේ විකාශය වන ‘සුහානි රාත්’ හින්දි ගීත වැඩසටහන අද (15 වැනිදා) සිට රාත්‍රී 10.10 ට විකාශය වේ.

‘සුහානි රාත්’ හින්දි ගීත වැඩසටහන විනීතා කරුණාරත්නගේ අධ්‍යක්ෂණයකි. මේ වැඩසටහන මෙහෙය වන්නේ රංගන ශිල්පිනී යශෝධා විමලධර්මයි.

දඹානේ ගුණවර්ධන ලියූ ‘දඩබිමෙන් දඩබිමට’ 20 දා දොරට වඩී

වැදි ගෝත්‍රිකයකු අතින් සිය ජන ජීවිතය නිරූපණය කරනා දඹානේ ගුණවර්ධන ලියූ ‘දඩබිමෙන් දඩබිමට’ නවකතාවේ නවතම මුද්‍රණය මෙම මස 20 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ට මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.