වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




FeedBack

කෙටි පණිවුඩ අයුරින් ප්‍රතිචාර එවද්දී ඒවා ඉතාම කෙටියෙන් සහ සංෂිප්තව අපි බලාපොරොත්තු වෙමු. එමෙන්ම එම අදහස් එවන්නේ කාගේ කුමන නිර්මාණයන් වෙනුවෙන්දැයි සහ ඔබේ නම ද ඇතුළත් කළ යුතුවේ. 0752805047 මේ දුරකතන අංකය ඔබේ කෙටි පණිවුඩ වෙනුවෙනි. ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය තැපැල් හා සටහන්පත් උදෙසා වෙන් වේ.

ගාමිණීගේ ඇත්ත කීමේ ගුණය

රංගන ශිල්පී ගාමිණී අම්බලංගොඩ ගායනා කරන ‘සතේ නැතුව මං එන මහ පාරේ හිඟන්නෙක්, හිඟා නොකන මං ඊටත් වැඩිය හිඟන්නෙක්’ යන ගීතය නිර්මාණය වීමට පාදක වූයේ තමාගේම අත්දැකීමක් බවත් එම අත්දැකීම ද රූපවාහිනී වැඩසටහනක් මඟින් ප්‍රකාශ කිරීම එතුමාගේ අවංකකම සහ නිහතමානීත්වය ප්‍රකට කිරීමකි.
 

චම්පිකා නෙරංජනී ගලප්පත්ති

බටගන්විල, ගාල්ල

සුන්දර බිරිඳ පෙන්වන අයට ස්තුතියි

දැනට කඩුවෙල නිව්රේඛා සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කරන සුන්දර බිරිඳ ඇත්තෙන්ම සුන්දර සිනමා නිර්මාණයකි. ධර්මදාස වල්පොල, ලතා වල්පොල, ජී. එස්. බී. රාණි පෙරේරාගේ මියුරු ගීතාවලියෙන් ද, රීටා, ලීනා, අශෝක, එල්. එම්, ක්ලැරිස්, ආනන්ද ජයරත්න ඇතුළු පිරිසගේ සිත්කලු රංගනයත් නිසා එය පැරැණි චිත්‍රපටයක් යැයි සිතන්නටත් බැරිය. එවන් චිත්‍රපට ප්‍රදර්ශනය කරන නිව්රේඛාහි අධිපතිතුමාටත් එවැනි වටිනා චිත්‍රපට ආරක්ෂා කරන තිස්ස නාගොඩවිතානයන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.
 

රංජනී අමරසිංහ

වල්පොළ

වින්සන්ට් පෝල්ට දීර්ඝායු වේවා

ගායක වින්සන්ට් පෝල් පීරිස් මහතාට දීර්ඝායුෂ පතමි.

වියානි ගුණවර්ධන

වෙන්නප්පුව.

ලතාගේ ගීත නෑ

ඔබගේ සැප දුක් දැන ගැනීමටත් ඔබට නිරෝගී සුව පැතීමටත් දීර්ඝායුෂ පැතීමටත් අපි සැමදා කැමැතියි. රූපවාහිනී නාලිකාවල ඔබගේ ගීත අපට නොපෙනෙන්නේ අපගේම අවාසනාවටයි.
 

උමංගා ද සිල්වා

මොරටුව

සිබිල් වෙත්තසිංහට

මනසට යහගුණ සුවඳම රන්දා
නව පරපුරට ලොව මග හෙළි කර දුන්දා
දිනු මවුබිමට නිති කිත් පැසසුම් කැන්දා
දිගුකල් දිනේවා අපේ සිත්තර නැන්දා
 

නන්දා මාම්පිටිය

අනුරාධපුර

පොතානේගම

සොමීගේ චිත්‍රපට නෑ

ප්‍රබල රංගනවේදියකු වන සොමී රත්නායක ‘හිතට දුකක් නැති මිනිහා’ චිත්‍රපටයේ කළ රංගනය කිසිම දිනක අමතක නොවේ. ඔබ නිර්මාණය කළ චිත්‍රපටය එනතුරු අප බලා සිටිමු.
 

ආනන්ද පෙරේරා

ශ්‍රාවස්ථිපුර

එල්. එම්. නාමය සාදාතනිකයි

සුරතලී චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි එල්. එම්. පෙරේරා මිය යන විට චිත්‍රපට හැටපහක පමණ රඟපා ඇත. එල්. එම්. නමින් ප්‍රේක්ෂක හදවත් තුළ ළැගුම් ගත් ඔහු වඩාත් ප්‍රචලිත වූයේ විකට ශිල්පියකු ලෙසය. හතර මුල් කරගෙන ඔහු හතර මහ නිධනය, හතර කේන්දරේ, හතර වටේ, හතර පෙරළිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. හතර වරම් නම් චිත්‍රපටයක් කිරීමට ඔහු අදහස් කරන ලදී. නමුත් එයට දෛවය හරස් විය. එදා චිත්‍රපට සංස්ථාව ධහි කිරීමේ කාර්යයේදී එම සටනේ පතාක යෝධයකු සේ කටයුතුª කළ එල්. එම්. පෙරේරා කලාවේදියා සදා සිහිපත් කළ යුතුය.
 

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

දුම්බර පැදුර ලස්සනයි, ඒත්. . .

දිනපතා රාත්‍රී දහයට ලක් ගුවන් විදුලි නාලිකාවෙන් ප්‍රචාරය වන දුම්බර පැදුර මම දිනපතා ශ්‍රවණය කරමි. එහි ඇති පුංචි විරාමයන් විශාල ප්‍රමාණයෙන් වන නිසා රස වින්දනයට බාධා ගෙන දේ. ඒ පිළිබඳ එහි නිෂ්පාදක මහතාගේ අවධානය යොමු වේවා.
 

සුරවීර නාකන්දල

ධර්ගා නගරය

මිෂෙල්ට සුබපැතුම්

ප්‍රසන්න ජයකාඩිගේ කර්ම චිත්‍රපටයේ අමන්දාගේ චරිතය ඉතා අපූරුවට රඟන මිෂෙල් හර්ෆට්ට මගේ සුබපැතුම්.
 

අයිලීන් සෝවිස්

රාගම

රෝයි - සුමනා ආයේ ඕනෑ

ජනප්‍රිය සිනමා රංගන ශිල්පී යුවළක් වන රෝයි - සුමනා දිගුª කාලයකින් රිදී තිරයේදී අප නොදුටුවෙමු.
 

ආර්. බී. මූණමලේ රංබණ්ඩාර

බමුණාකොටුව

සෙනසුරු මාරුව ගැන කණගාටුයි

උදයකාන්ත වර්ණසූරියගේ සෙනසුරු මාරුව ඔහුගේ තවත් එක් චිත්‍රපටයක් පමණක් බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. චිත්‍රපට රාශියක් නිර්මාණය කළ අධ්‍යක්ෂවරයකු වශයෙන් උදයකාන්ත සතු පරිණතභාවය මෙය තුළ දක්නට නොලැබීම චිත්‍රපටයේ ප්‍රධානම දුර්වලතාවයයි. මුල් භාගයේ ප්‍රේක්ෂකයා යම්කිසි අවධානයකට හසුකර ගත්ත ද, මෙහි මැද සහ අවසානය චිත්‍රපටයේ විශ්වාසනීයත්වය ගිලිහී යයි. කර්මාන්තයක් ලෙස මෙරට චිත්‍රපට ක්ෂේත්‍රය ගොඩ නැගීම වෙනුවෙන් කළ සේවයට මාගේ ප්‍රාණාමය හිමිවන අතර මොහුට යමක් කිරීමට හැකියාව තිබියදී එය නොකරන්නේ මන්ද යැයි ගැටළුවකි.

නළු නිළියන් හැසිරවිම සහ ශිල්පීය දක්ෂතා අතින් සෙනසුරු මාරුව සාර්ථකය.

මංජුල පෙරේරා, කටුනේරිය
 

වයි එෆ්. එම් .සත්වැනි සංවත්සරය වෙනුවෙන්

2005 වර්ෂයේ ඇරැඹි තාරුණ්‍ය උදෙසාම වෙන් වූ නාලිකාවක් ලෙස ඉතිහාසයට එක්ව මේ දක්වා වසර හයක් පුරා අති විශාල තරුණ හදවත් ප්‍රමාණයකට සමීප වූ වයි එෆ්. එම්. නාලිකාවටත් එහි තනුජා, තරංග, දිනිත්, දිලිනි, සංඛ, නිලූ, නදීෂ්, නික්, නුවන්, ඉරෝෂන්, රක්ෂික, ස්ලෑෂ් ඇතුළු වයි කණ්ඩායමටත් සුභාශිංෂන පිරිනමමි.

අනුරාධා එස්. විදානපතිරණ

මාතර

සාරංග දිසාසේකර ඉතා කඩවසම්

හංසි, කරසානගල

රොෂාන් රණවනගේ රංගනය අප ගොඩක් අගය කරමු
 

අශෝක, වත්සලා, චන්දන
අම්බලන්තොට

අනූෂා දමයන්ති තරම් නර්ථනයෙන් දස්කම් පානා තවත් යෞවනියක් නැහැ. නමුත් ඇය මෑතකාලිනව එයට පමණක් යොමු වුණා වැඩියි. රඟපෑමත් කරන්න.
 

ලක්මාල්

ගල්ගමුව
 

*******************************************************************************************************************************************************

මේ කෙටි පණිවුඩ ප්‍රතිචාර තීරයයි

ජාතික රූපවාහිනියේ ‘සුභානි රාත්’ අතිශය සුන්දර සංගීත වැඩසටහනකි. එහි නිවේදන කටයුතු කරන ජනප්‍රිය නිළි යශෝධා විමලධර්ම සහ සම්මානනීය අධ්‍යක්ෂ විනීතා කරුණාරත්න තමයි එහි සාර්ථකත්වයේ මූලික රහස.
 

සරත් සමරවීර

අටකලන්පන්න

නව ගීත අතර උදය ශ්‍රී ගේ මගෙ හීනය ගීතය ගොඩක් ආදරණීයයි.
 

ශාක්‍යා

බලන්ගොඩ

මේරියන්ස් සංගීත කණ්ඩායමේ රෝස් අලගියවන්න වේදිකාවේ ඉදිරිපත් කිිරීම් සිත් ගන්නා සුළුයි.
 

සදුනි නිමේෂා

කඳාන

‘කොපමණ අඟනන් සිටියත් සිනමාවේ, නුඹවන් නළඟනක් නොමැත රිද තිරේ’ අවිහිංසකාවිය විටෙක, තවත් විටෙක නපුරුය. පෙම් කැකුළ නුඹයි අපේ.

දිල්හානි අශෝකමාලවියේ ඔබ වෙනුවෙනුයි ඒ අකුරු ගැළපුම .
 

සංක

පානදුර

කඩවසම් මේනක දිදුලන තරුවකි පුංචි තිරේ.
 

චාමින් ධම්මික

කෑගල්ල

අමිල අබේසේකර මුතුවරුසා වර්ණ ගන්වයි.
 

ශෂිකා එරන්දි

රත්තනපිටිය

ඒ. එස්. පී. පැදුරු පාටිය දුර්වල වැඩසටහනකි.
 

දිල්ශාන්

කළුතර

නදී චන්ද්‍රසේකර ටෙලි නාට්‍ය අතර සිටි අහිංසක සුරූපී රංගන ශිල්පිනියකි. ඇය මෑතකාලීනව නිහඬව සිටීම මහත් පාඩුවකි.
 

චම්පිකා

ගාල්ල

අතුල - සමිතා එක්ව ගැයූ ගීතය ‘ඉවසයිද මන්දා’ ගීය අපව අමන්දානන්දයට පත් කරයි.
 

තරුෂි

බණ්ඩාරගම

කේෂාන් ශෂින්ද්‍ර පිපිමල් නාට්‍යයේ පිපි මලයි.
 

පුබුදි

මාතර

අයි. ටී. එන්. නාලිකාවේ විකාශය වන පරණ ටවුම නාට්‍යයේ දෙබස්වලට මං කැමැතියි.
 

රත්නා

අලව්ව

රන් එෆ්. එම්. නාලිකාවට ජයවේවා.
 

නිමල්

අඟුලාන

ආත්මා ලියනගේ ගේ කටහඬට ළං වෙන්නවත් කාටවත්ම බැහැ.
 

මලිති

කුඩලිගම

ඩිනක්ෂි ප්‍රියසාද්ගේ රංගන හැකියාව තව තවත් දියුණු වී දිගු ගමනකට ආසිරි.
 

නවීන්

මහනුවර

මලී නාට්‍යයේ අජිත් ලොකුගේ කැපී පෙනෙන රංගනයක නිරත වන අතර ඔහු දක්ෂ අධ්‍යක්ෂවරයකු බව ද කිව යුතුය.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

අප සිත් සනසන සෑම කලාකරුවකුටම ගොඩක් පින්
 

අයෝමාල්

අවිස්සාවේල්ල