වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

බලනවා නම් චිත්‍රපට

අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.

This Must Be The Place

‘දිස් මස්ට් බි ද ප්ලේස්’ පෝලෝ සොරෙන්ටිනෝ විසින් අධ්‍යක්ෂණය කළ නවතම හොලිවුඩ් චිත්‍රපටයක්. මෙහි සීන් පීන්, ෆ‍්‍රැන්සිස් මැක්ඩ්‍රොමාන්ඩ්, ජූඩ් රිෂ්, ඊව් හේව්කින් ප්‍රධාන චරිත නිරූපණය කරති.


Wreck - It Rlph

‘රෙක් ඉට් රැල්ප්’ හොලිවුඩයේ ජනප්‍රිය ත්‍රිමාණ සජීවිකරණ විකට චිත්‍රපටයක්. රිච් මුරේ විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය සඳහා ජෝන් සි. රෙයිලි, සාරා සිල්වටෑන්, ජැක් මැක්බ්‍රෙයර්, ජෝන් ලින්ච් දායකත්වය ලබා දෙති.

Sons of Ram

ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ කුෂාල් රුයා විසින් අධ්‍යක්ෂණය කළ ‘සන්ස් ඔෆ් රාම්’ හින්දි චිත්‍රපටය රාම කුමරු වටා ගෙතුන කතා පුවතක් ඇතුළත් ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයක්. ආදිත්‍ය කපාඩියා, සුනිධි චවුහාන්, ඩිවානෂ් දෝෂි ඇතුළු පිරිසක් මේ සඳහා දායකත්වය ලබා දෙති.

1920 : Evil Returns

භූෂාන් පටේල් අධ්‍යක්ෂණය කළ ‘1920 : එවිල් රිටර්න්ස්’ ක්‍රියාදාම හින්දි චිත්‍රපටයක්. අෆ්ටාබ් ශිව්දාසනි, මියා බජ්පායි, සාගර් සාකියා, විද්‍යා මල්වාදෙ මෙහි ප්‍රධාන චරිලත නිරූපණය කරති.

Cloud Atlas

ටොම් ටික්වර්, ඇන්ඩි වචොස්කි සහ ලැරී වචොස්කි විසින් අධ්‍යක්ෂණය කළ ‘ක්ලවුඩ් ඇට්ලස්’ ජර්මානු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. ස්ථාන හයකදී එකිනෙකට වෙනස් වෙලාවන්හිදී සිදුවන එකිනකට සම්බන්ධ පැටලිලි සහගත කතා හයක් වටා ගෙතුන මෙම චිත්‍රපටයේ ටොමි හැන්ක්ස්, හෝලි බෙරි, හග් ග්‍රාන්ට්, ජිමී ස්ඩ්‍රගස්, හියුගො වේවින් ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති.

Stolen

සීමන් වෙස්ට් අධ්‍යක්ෂණය කළ ‘ස්ටෝලන්’ හොලිවුඩ් චිත්‍රපටයේ නිකොලස් කේග්, ජෝෂ් ලූකස්, මාලින් අක්රෙමන්, එම්.සී. ගෙයිනි, සැමි ;ග්ල්, මාර්ක් වෙලි ප්‍රධාන චරිත නිරූපණය කරති.

Alex Cross

‘ඇලෙක්ස් ක්‍රොස් ත්‍රාසජනක චිත්‍රපටය රොබි කෘහින්ගේ අධ්‍යක්ෂණයකි. ටේලර් පෙරි, මැතිව් ෆොක්ස්, එඩ්වඩ් බර්න්ස්, රාවෙල් නිකොලස්, සිසලි ටෙසන් සහ ජෙන් රෙනෝ ඇතුළු පිරිසක් මෙහි චරිත නිරූපණය කරති.

Chakravyuh

‘චක්‍රරාව්‍ය’ නවතම හින්දි චිත්‍රපටය ප්‍රකාශ් ජාහ් ගේ අධ්‍යක්ෂණයකි. ත්‍රාසජනක සිදුවීම් ඇතුළත් මෙහි අර්ජුන් රම්පාල්, අභේ ඩියෝල්, මනෝජ් බජ්පායි, කබීර් බේඩි, ඕම් ජූරි, අන්ජලි පටේල්, ඊෂා ගුප්තා සහ සමීරා රෙඩ්ඩි ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති.