වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘අමේසින් බීට්’ කොන්සර්ට් 17 දා ශාන්ත ජෝශප් විද්‍යාලයේ

 ‘අමේසින් බීට්’ කොන්සර්ට් 17 දා ශාන්ත ජෝශප් විද්‍යාලයේ

හැත්තෑව, අසූව දශකවල සහ නව පරපුරේ අතිශය ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ එකමුතුවෙන් හැඩ ගැන්වෙන ‘අමේසින් බීට්’ ලයිව් ඉන් කොන්සර්ට් මෙම මස 17 වැනිදා සවස කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

අනිල් භාරතී, ඩැල්රින් සුබී, ප්‍රියන්ත ප්‍රනාන්දු, ඉන්ද්‍රාණි පෙරේරා, ලාංකිකා පෙරේරා, රොනී ලීච්, ලකීදේවා සමඟ ලහිරු පෙරේරා,තීක්ෂණ අනුරාධ, සංඛ දිනෙත්, සුරනි ද මෙල්, උදේශ් ඉන්දුල, රුක්ෂාන් පෙරේරා, දුෂ්යන්ත් වීරමන් සහ ශානිකා මදුමාලි යන අයගේ ගැයුමින් ප්‍රසංගය හැඩ ගැන්වීමට නියමිතය.

සංගීතය රුක්ෂාන් කරුණානායක ප්‍රමුඛ චයිම්ස් ඔෆ් ද සෙවන්ටීස් සහ සහන් සිල්වා ප්‍රමුඛ ග්ලෝරි සංගීත කණ්ඩායම් වලිනි.

රංගන දායකත්වය දොන් ගයි විසින් සහ නර්ථනය සංඛ ප්‍රසාද් ප්‍රමුඛ සෝලා හිට්ස් නර්ථන කණ්ඩායම විසින් සිදු කරයි.

රාවතාවත්ත සූරතාවයන්ගේ රාජේශ්වරියගේ දෙව් මැදුරේ සංවිධානයක් වන මෙම ප්‍රසංගයේ සියලුම ආදායම් එම දෙව් මැදුරේ ගොඩනැගිල්ලේ අරමුදල සඳහා වෙන් කෙරේ.