වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සතියේ ගීතය

සතියේ ගීතය

තුංමං හන්දිය

අතීතයෙන් ගඟ ගලා බසී
සිඳී බිඳී ගල්පර අතරේ
සිනා සිසී සුදු පෙණ පොකුරේ
ගලා බසී ගඟ ගලා බසී

පිපී බිඳෙන දිය බුබුලේ
වලා රොදක දුර ආකාසේ
සොබා සොඳුරු සිරි මෙලොවේ
ඔබේ ඇසිනි මා දුටුවේ

පද රචනය – මහගමසේකර

සංගීතය – ගායනය – පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව

අධ්‍යක්ෂණය – මහගමසේකර