වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘අංගාරා ගඟ ගලා බසී’ මුහුරත් උළෙල දා

‘අංගාරා ගඟ ගලා බසී’ මුහුරත් උළෙල දා

අසූව දශකයේ අතිශයින්ම ජනප්‍රිය වූ රන්ජිත් ධර්මකීර්තිගේ ’අංගාරා ගඟ ගලා බසී’ වේදිකා නාට්‍යය නව නිෂ්පාදනයක් ලෙසින් ආරම්භ කිරීමේ මුහුරත් උළෙල පසුගියදා බත්තරමුල්ලේ දි පැවැත්විණි.

අප අතරින් වියෝ වූ ප්‍රේමසිරි කේමදාසයන්ගේ මියුරු සංගීතයෙන් ද, ආචාර්ය අජන්තා රණසිංහගේ ගීත රචනයෙන් ද, ප්‍රවීණ නළු නිළියන් හා ගායක ශිල්පීන් ශීල්පිනියන්ගේ දායකත්වයෙන් ‘අංගාරා ගඟ ගලා බසී’ එකල ජනතාව අතර ජනප්‍රිය විය. එහි නව නිෂ්පාදනයේදී සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන් පිරිසක් හා කවිතා වැඩසටහනේ තෝරාගත් ගායන ශිල්පීන් ඇතුළු නව පරපුරේ නළු නිළියන් හා ගායන ශිල්පීන් හා ශිල්පිනියන් පිරිසක් සහභාගි වේ.

හෙන්රි ජයසේනයන්ගේ හා ආර්. ආර්. සමරකෝන් යන නාට්‍යකරුවන්ගේ පද රචනාවන්ගෙන් හැඩ වූ ගීත ඇතුළත් ‘අංගාරා ගඟ ගලා බසී’ හි සහාය අධ්‍යක්ෂක ප්‍රසන්නජිත් අබේසූරියයි. රංග වස්ත්‍ර නිර්මාණයෙන් ස්වීනීතා පෙරේරා ද, වේදිකා පසුතල නිර්මාණයෙන් ලලිත් ජයලාල් යන ශිල්පීහු සහභාගි වෙති.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ මුහුරත් උළෙලේදී නාට්‍යයෙහි සියලුම ශිල්පීන් හා ශිල්පිනියන් සේයාරුවට මුහුණ දුන් අයුරුයි.