කරළිය

මාර්තු 01 වැනිදා

* අනුර මාපිටිගමගේ ‘පරපෝෂිතයෝ’ ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහ විදුහල් රංග ශාලාවේ.

03 වැනිදා

* සරත් කුලාංග ගේ ‘දෙයියොත් දන්නේ නෑ’ මරදාන ටවර රඟහලේ.

04 වැනිදා

* මත්තේගොඩ විධායක ව්‍යවසායකයින්ගේ සංගමය මඟින් අසරණ, ආබාධිත අයට ආධාර පිණිස අරමුදල් එක් රැස් කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන හෙන්රි ජයසේනගේ ‘’හුණුවටයේ කතාව’ කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ.

* ප්‍රසන්න විතානගේ ‘දෙබිඩ්ඩෝ’ මරදාන ටවර් රඟහලේ.

06 වැනිදා

* ධනුෂිකා නයන කුමාරිගේ ‘ජනේලයෙන් පනින්නද’ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ.

* මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ මඟුල් පරස්ථාව සමඟ ඒකට මට හිනා හිනා පානදුර නගර ශාලාවේ.


සුද්දෙක් 75 වැනි වරටත් ඔබ අමතයි

උදයසිරි වික්‍රමරත්න රචනා කොට නිර්මාණය කළ ‘සුද්දෙක් ඔබ අමතයි’ වේදිකා නාට්‍යයේ හැත්තෑ පස් වැනි දර්ශනය මාර්තු මස 02 වැනිදා මරදාන ටවර් රඟහලේදී වේදිකා ගතවේ.

ජයලත් මනෝරත්න, මාදනි මල්වත්තගේ, නලීන් ප්‍රදීප් උඩුවෙල රංගනයෙහි යෙදෙන ‘සුද්දෙක් ඔබ අමතයි’ හි සංගීත නිර්මාණයෙන් ලලිත් වික්‍රමරත්න සහාය වේ. රංග සමරකෝන් වේදිකා ආලෝක කරණයෙන් ද, ප්‍රියන්ත සිරිකුමාර අංග රචනයෙන්ද, ස්විනීතා පෙරේරා ඇඳුම් නිර්මාණයෙන් ද, රොහාන් සමරදිවාකර පසුතල නිර්මාණයෙන් ද, චන්දන නිශාන්ත ශබ්ද පරිපාලනයෙන් ද, චතුර ගමනායක සමඟ රෝහිත ජයකොඩි වේදිකා පරිපාලනයෙන් නිර්මාණ දායකත්වය සපයයි. මෙහි ප්‍රධාන සංවිධායක සුසිල් වික්‍රමසිංහය.

සංක්‍රමණය 06 වැනිදා

ප්‍රවීණ මාධ්‍යවේදී ඩී. එෆ්. කාරියකරවන ශූරීන් ලියූ ‘සංක්‍රමණය’ නම් වූ අලුත්ම නවකතාව මෙම මස 06 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ට මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.
 

පොඩි ජෝතිගේ සුදු අත ගන්න කියා දොරට වඩී

නෙදර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ගායක තුවාඩ් ජොල්ඩර්ස්මා නොහොත් පොඩි ජෝති ගී ගැයූ ‘සුදු අත ගන්න කියා’ සංයුක්ත තැටිය පසුගියදා දොරට වැඩිණ. මෙහි ගී පද රචනා ආනන්ද පද්මසිරිගෙනි.

යුග ගායනයෙන් සුප්‍රියා අබේසේකර, හේමලාල් ගීතදේව, තරුණි අනුරා සහාය වේ. හේමලාල් ගීතදේව, ජයන්ත ගමගේ හා ග්‍රේෂන් ආනන්ද සංගීතවත් කළ මෙම සංයුක්ත තැටිය ආනන්ද සහ මිත්‍ර කුමාර ජයසිංහගේ ඉදිරිපත් කිරීමකි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ආනන්ද පද්මසිරි ගී පද රචනා කළ ‘සුදු අත ගන්න කියා’ සංයුක්ත තැටිය ගෝඩ් පාදර් චිත්‍රපටයේ නිෂ්පාදක ටෙරන්ස් ටිටෝට පිළිගන්වන අයුරුයි. නිළි ගයනි පෙරේරා හා මිත්‍ර කුමාර යන අය පසෙකින් සිටීති.

හේමාලි විජේරත්නගේ පියා අභාවප්‍රාප්ත වෙයි

විදුනැණ පුවත්පතෙහි ප්‍රධාන කර්තෘවරිය මෙන්ම කලක් සරසවිය පුවත්පතෙහි උප කර්තෘවරිය ලෙස සේවය කළ හේමාලි විජේරත්න මහත්මියගේ ආදරණීය පියාණන් වූ ආර්. එම්. විජේරත්න මහතා අභාවප්‍රාප්ත විය.

ඒ මහාතගේ දේහය රුවන්වැල්ල ගලපාත නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසාන කටයුතු 01 වැනිදා (එනම් අද) පවුලෙහි සුසාන භූමියේදී සිදු කෙරේ. හේමාලිගේ පියාණන් වෙනුවෙන් සරසවිය සිය සාතිශය සංවේගය පළ කරයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව