දුෂ්‍යන්ත ගැන අලුත් ආරංචියක්

Part A - I
Just the Fact

යුහි මුජේවෝ මිල්ගයි
ජුරායි ඉකනසර්
පිසාමි පේයා රකි
කොයිමේ එකසි ගුල් ගයි

Just the Fact I Got the Chance to Smile at her
I feel so good to night
Feels like the love of my
you are the joy of my life
Part B
She’s gotta the smile like the sweet halle barry
She gets me high like a vodka cranberry
you are the one is my life cos your’s so
sweet as a butter cup but you’re the topping
cher’y
Part A - II
Just the fa

වුදේකතේ මුජේ හසි
ආදාපු සේ බරි
නාසාකි තේ කිලි
සාස මේරි කුම්ගයි

Just the fact I got the chance to holla back
I feel so good to night
Part C

හාලේ දිල් අබකේයා කහේ
කෙයා හුචං කෙයාබයා කරේ
ආකෝකේ ඉස්හසින මෙලනේ
දිල් ජුරායා මෙරා ඉසකේලනේ

All she did was wave her hair
Didn’t see m like she even care
This feeling I’m feeling seem s so vare
Would yo be my baby now would you dare?
Part D
now she’s running ofter through my mind
Helplress like a baby now cant find
The reasons how she gets me so
crazyond wild
Can some body tell me all these reasons why

කාබොමේ හිර්පල් හේ වෝ මෙරේ
උස්කිනි කයාලෝමේජානෝ මේ
දර්ගද සෝනා සෝනා දගිර්ගයි මුජේ
දේක හොරා හානුමේ කාබු මේ

ඔහුට නර්තනය කජුකනවා වැනිය. ගායනය ද ඊට දෙවැනි වන්නේ නම් පුදුමයකි. ඩාන්සිං ස්ටාර් ලෙස කිරුළු පළන් හෙතෙම මයිකල් ජැක්සන් ලෝලියකු බව නොරහසකි.

දුෂ්‍යන්ත් වීරමන්.

තාරුණ්‍යයේ සිත් වසඟ කළ ගායක සන්තුෂ් වීරමන්ගේ බාල සොයුරා වූ දුෂ්‍යන්ත් කලින් කල වෙනස් අත්හදා බැලීම්හි නියෙලෙමින් කලා ලොව තුල අලුත් පුවත් ගෙන එන්නට සමතෙකි. මෙවරද ඔහු තවත් එවැනිම නිර්මාණ කාර්යයකට මුල පුරා සිටී.

දුෂ්, ඔබම කියන්න ඒ ගැන?

බොලිවුඩ් ගායක සෝනු නිගම් එක්ක මං සිංදුවක් කළා. එහි මික්සිං කටයුතු මේ දිනවල සිදුවනවා. මේ ආරංචිය මං හා හා පුරා කියා පවසන්නේ ‘සරසවිය’ට.

ඔබට සෝනු සමඟ නිර්මාණ කාර්යයක යෙදෙන්න අවස්ථාව උදා වෙන්නේ?

මං කරළිය නමින් ප්‍රසංග මාලාවක් කළා මතක ඇති. මං එය ඇමරිකාවේදී වේදිකා ගත කළා. ඒක දැකලා තිබුණා ඉන්දීය නිෂ්පාදකවරයකු වූ ආදේශ් ශිවාස්කර්. චල්තේ චල්තේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඔහුයි. ඔහු මගේ විස්තර සෝනු මුණ ගැහිච්ච වෙලාවක කියලා තිබෙනවා. සෝනුත් නිකමට කැමැත්ත පළ කරලා මගෙත් එක්ක සිංදුවක් කියන්න. ආදේශ් මං ගැන තොරතුරු හොයලා මගේ මැනේජර් කෙනකුගේ මාර්ගයෙන් මං ගැයූ ගීත තුනක් ඉල්ලුවා. අලුත්ම මෙලඩියකුයි, ජේත්තු නෝනේ සහ කරළිය යන ගීත තුන මං ඔවුන්ට යැව්වා. ඉන් ජේත්තු නෝනේ තමයි තේරිලා තියෙන්නේ. ඉතිං මං කිව්වා ජේත්තු නෝනේ මීට කලින් ලංකාවේ රිලීස් කරපු එකක්. ඒක නැවත සෝනුත් එක්ක කළොත් එහි විශේෂත්වයක් නොමැති නිසා අලුත් මෙලඩියට වචන ටිකක් දාලා වොයිස් කරමු කියලා.

කොහේදිද සිංදුව පටිගත කළේ?

මුම්බායිහි රාගා ඒ. වී. ශබ්දාගාරයෙයි අපි වොයිස් කළේ. මමත් මගේ මිතුරු රාහුල් සේත් සිංදුව ලිව්වේ. ‘ජස් ද ෆැක්ට්’ යනුවෙන් ගීතය නම් කළා.

කොහොමද සෝනුත් සමඟ වැඩ කිරීම?

මට නම් මහ ලොකු විශේෂත්වයක් දැනුණේ නැහැ. සාමාන්‍ය පටිගත කිරීමක් වගේ වැඩේ සිද්ධ වුණා. හැබැයි මෙහෙම දෙයක් තියනවා. සෝනු නිගම් කියන්නේ මෑතකාලීනව බොලිවුඩ්වල නිර්මාණය වූ චිත්‍රපට ගණනාවක ජනප්‍රිය වූ ගීත රැසක් ගැයූවෙක්. ඔහුත් එක්ක සිංදුවක් කළ පළමු ලාංකේය ගායකයා වීම පිළිබඳ පුංචි ආඩම්බරයක් එවෙළේ හිතේ ඇති වුණා.

භාෂා ප්‍රශ්නයක්වත් මතු වූයේ නැද්ද?

අපි දෙන්නා මොන භාෂාවක වුණත් විශ්ව මාධ්‍යයක් භාවිත කරමිනුයි මේ නිිර්මාණය කළේ. එහෙයින් භාෂාව පිළිබඳ ප්‍රශ්න මතු වූයේ නැති තරම්. අනික මේක ඉංග්‍රීසි සහ හින්දි මිශ්‍ර ගීතයක්නේ.

මෙවැනි කාර්යයන් මඟින් ඔබේ යටි අරමුණ ජාත්‍යන්තරයෙත් ජනප්‍රිය පුද්ගලයකු වෙන්නද?

සමහර විට. ලංකාවේ කෙනෙක් පිටරටකට ගිහින් දෙයක් කරලා ගෙනෙන කීර්තිය රටට මිසක තමාට නෙවෙයි. අනික මගේ අගය මෙරටේ අය දන්නේ නැති වුනාට ජාත්‍යන්තරය ඒක හොඳට දන්නවා. ඒකයි වෙනත් රටවලින් මාව අගයලා සම්මානයක් හරි ලබා දුන්නේ.

ඔබේ වදන්වල ස්වභාවයට හදිසියේම කලකිරීමක් මුසු වුණා කියලා මට දැනෙනවා?

මෙහෙමයි. මං වෘත්තීය ගායකයෙක්. නිකම්ම නිකම් සාම්ප්‍රදායික කෙනකු වගේ නෙවෙයි. මං බොහෝ විට අලුත් දෙයක් කලාම වැඩිපුරම විවේචන ආවා මිසක් හොඳක් කිව්වෙම නැහැ. මගේ දක්ෂතාවයන්වලින් මෙරට ප්‍රයෝජනයක් ගත්තේ නැති වගයි මට නම් දැනෙන්නේ.

අපි හැම තිස්සෙම ‘සංස්කෘතිය’ බදාගෙන අලුත් දෙයක් හොයන්නේ නැතිව අඳුරේ අතගගා ඉන්නවා. කවුරු හරි ලයිට් එකක් දැම්මොත් අනික් කෙනත් රැල්ලට ඒ වගේ වෙනත් ලයිට් එකක් දමා කලින් කෙනාව කොපි කරනවා. සියලු දෙනා ඒක කරනවා. ඉන් ඔබ්බට ගොස් දෙයක් හිතන්නෙම නැහැ.

අපි ‘සංස්කෘතියේම’ කියන විදිහට හිටියා නම් ටයි කෝට් කලිසම්, ගවුම් නොහැඳ රෙද්දෙ හැට්ටෙ, සරම විතරක් ඇඳන් ඉන්න ඕනේ. පුදුමෙ කියන්නේ ටයි කෝට් ඇඳපු උදවියම තමයි සංස්කෘතිය ගැන පම්පෝරි ගහන්නේ. මගේ මතකයේ හසරැල් ගීතය රේඩියෝ චැනල් කිහිපයකින්ම ප්‍රතික්ෂේප කළා. දැන් ඒවායේම ඒ සිංදුව දවසට දෙතුන් වතාවක් ප්ලේ කරනවා.

අම්මෝ ඇති ඇති. අපි සෝනුගේ කතාවෙන් ගොඩක් දුර ගියා. ආයෙත් එතැනට ආවොත්. මා දැනගන්නට කැමැතියි සෝනුගේ සහ දුෂ්ගේ ගීතය රසික රසිකාවන්ට අසන්නට ලැබෙන්නෙ කවදාද කියලා?

දැනටමත් ඒක රිලීස් කරලා තියෙන්නේ. මං හිතන්නේ රේඩියෝ ස්ටේෂන් දෙක තුනකම සිංදුව වාදනය කරනවා.

ගීතයට වීඩියෝවක් කරන්න බලාපොරොත්තුවක් තියනවාද?

බලාපොරොත්තුවක් තියනවා. සල්ලි තමා නැත්තෙ.

ඩාන්සිං ස්ටාර් චිත්‍රපටයෙන් පසු ඔබව සැලකිය යුතු නිර්මාණයකින් අප දුටුවේ නැහැ?

ඇත්ත. ඒත් සිද්ධාර්ථ සහ ද කොමන් මෑන් නම් වූ චිත්‍රපට දෙකක මං රඟපෑවා. ඉදිරියේදී ඒවා තිරගත වේවි. චිත්‍රපටවල රඟපෑවට ටෙලි නාට්‍යවලට නම් එන්නේ නෑ නෑමයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව