ති. නා. ගේ පුතු බෙනට්ගේ දු විවාහ වෙයි

‘මංගල ගමනට යන්න අවසරයි පියාණනි’

හෙළ සිනමාවේ අනාගතය උදෙසා සිනමාපට සුරකින තිස්ස නාගොඩවිතානයන්ගේ පුත් චරිත් නාගොඩවිතානගේ සෙනෙහසේ රැකවරණය ලබන්නට වරම් ලද ඇය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක බෙනට් රත්නායකගේ දියණියයි. චරිත්ගේත්, භාග්‍යාගේත් පැතූ පෙම් පැතුම් සඵල වුණේ පසුගියදා හිල්ටන් හෝටලයේදීය.

නෑදෑ හිත මිතුරන් ද ඇතුළු බොහෝ දෙනෙක් ඇවිදින් සිටියේ නව යුවළට සුබ පතන්නයි. සැඳෑ සක්මන, නිම් වළල්ල සහ ජීවිතය හොරු අරන් ටෙලි සිතුවම් ඔස්සේ පුංචි තිරය හැඩ කළ භාග්‍යා, සුලඟ සහ ඉර හඳ යට සිනමාපටයන් ද රංගනයෙන් වර්ණවත් කළාය.

ඉහළ සේයාරුවින් භාග්‍යාගේ මවුපියන් බෙනට් සහ සමන්මලී පහළ චරිත්ගේ මවුපියන්, තිස්ස සහ කුමාරි

චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ සහ බිරිඳගේ ආදරණීය සුබපැතුම්. බෙනට් සහ සමන්මලී පසෙකින්

චරිත්ටත්, භාග්‍යාටත් සුබ පතන්න පැමිණි සංගීතා සමඟ රොෂාන් බෙනට් සහ සමන්මලී පසෙකින්

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව