සළ රූ ගී සර

ධවල පුෂ්පය

ලඳක් ළඳක් දුටිමි ළඳක්
ලස්සන ළඳක් හා හා
ලස්සන ළඳක්

සුදට සුදේ හහා ගවුම ඇඳන්
හිස් වැස්මක් සුදට සුදයි
නෙතඟ බැලුම් සිත පොපියයි
ඉර හඳ මිහිකත නලවයි
ඈ දැකුමෙන් හද සැනසේ

දෙබැම සලා ඉඟි පාමින්
මුදු තෙපුලින් මා සනසයි
බඹරු ඇදෙන මල් යහනකි
අඳුර නසන රන් පහනකි
ඈ දැකුමෙන් හද සැනසේ

ගඟකි අමා සිසිල ගෙනා
මහද දිනූ ඔමරිලතා
කොමළ සිනා නුරා බැලුම්
මහද රැඳුනු සොඳුරු ලියකි
ඈ දැකුමෙන් හද සැනසේ

පද රචනය - කේ. ඒ. ඩබ්. පෙරේරා

සංගිතය - ග්‍රේෂන් ආනන්ද

ගායනය – මර්වින් පෙරේරා

අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව