නිකිණි වැස්සට ජගත් හරසර

ප්‍රංශයේ වෙසෝල් 8 වැනි ආසියාතික චිත්‍රපට පිළිබඳ අන්තර් ජාතික සිනමා උළෙලේදී රටවල් හතළිහක චිත්‍රපට 200 කට වැඩි සංඛ්‍යාවක් තරග වැදුණු අතර නිකිණි වැස්ස හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගත්තේය.

එමෙන්ම උළෙලේ පිරිනැමෙන නෙට්පැක් ජූරියේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ද ලැබුණේ නිකිණි වැස්ස චිත්‍රපටයටය.


ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී. ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන්ගේ එකසිය විසිහය වැනි ජන්ම දින පින්කම් මාලාවේදී එතුමන්ට පින් පතා පැන් වැඩූ අයුරු.

වමේ සිට නීති අධ්‍යක්ෂ රසාංග හරිශ්චන්ද්‍ර, ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, ඩී. ආර්. විජේවර්ධන මහතාගේ පුත් රංජිත් විජේවර්ධන, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් යන මහත්වරුන් සහ සේවක සේවිකාවන්


මලල්ගොඩ සාක්කිය සමඟ දයා වයමන් නැවතත්

දයා වයමන්ගේ 51 වැනි නාට්‍ය නිර්මාණය වූ ‘මලල්ගොඩ සාක්කිය’ හි මුහුරත් උළෙල පසුගියදා කොළඹ 07 ඔටස් ක්‍රීඩා සමාජ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ විනෝජා නිලන්ති, පත්මසිරි කොඩිකාර, සිංහල සංස්කෘතික ආයතනයේ උප ලේකම් ගාමිණී ද සිල්වා, මහාචාර්ය මුදියන්සේ දිසානායක, අග්‍රාමාත්‍ය සම්බන්ධිකරණ ලේකම් කීර්ති ශ්‍රී වීරසිංහ, ජනාධිපති ගේ ජ්‍යෙතිෂ්‍ය උපදේශක සුමනදාස අබේගුණවර්ධන, මෙම නාට්‍යයෙහි නිෂ්පාදක දේශමාන්‍ය ගාමිණී එස්. වීරසිංහ, අතුල එස්. කුලරත්න, තිලක් කුමාර රත්නායක, ඊ. ඩී. එස්. හේන්ගොඩ හා නාට්‍ය අධ්‍යක්ෂ දයා වයමන් යන පිරිස එම උත්සව අවස්ථාවට සහභාගි වූ අයුරුයි.


වීර්යා රූ ගැන්වීම් 15 දා

සුනිල් අරුණ වීරසිරිගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වීර්යා හි රූගත කිිරීම් මෙම මස 15 වැනිදා සිට නුවර සහ නුවරඑළිය යන ප්‍රදේශයන්හි පටන් ගැනේ.

ලකී ඩයස්, ශ්‍රියාණි අමරසේන, ඇන්ටන් ජූඩ්, සරත් කොතලාවල, ජගත් චමිල, ශේෂාද්‍රි, අංජුලා රාජපක්ෂ, කුමාර තිරිමාදුර, නිරෝෂන් විජේසිංහ, රම්‍යා වනිගසේකර, දුලීකා මාරපන, රොඩ්නි වර්ණකුල, මිහිර සිරිතිලක, ඥානාංග ගුණවර්ධන, සුජානි මේනකා යන නළු නිළියන්ගෙන් වීර්යා හැඩවේ.

කාන්ති වීරසිරි නිෂ්පාදන විධානයෙන් ද, ලාල් පාගොඩආරච්චි තිර රචනයෙන් ද, අයේෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරාකරණණයෙන් ද, ප්‍රමෝද් නාරායන සහ අමිත් ගුරුලවෙල සංගීතයෙන් ද, ප්‍රියන්ත පතිරගේ සහය අධ්‍යක්ෂණයෙන් ද, බිලී වෝන් සටන් අධ්‍යක්ෂණයෙන් ද දායක වන වීර්යා හී නිෂ්පාදන කළමනාකරණය සුමිත් ප්‍රසන්නගෙන් වන අතර නිශ්චල ඡායාරූප මහේෂ් නිශාන්තගෙනි.


ඇතුවත් බෑ නැතුවත් බෑ අද වැඩ අරඹයි

ස්විට් ඒන්ජල්ගෙන් අනතුරුව එරංග සේනාරත්න තවත් සිනමාපටයක් රිදී තිිරයට ගෙන ඒමට සූදානම් වෙයි. ඇතුවත් බෑ නැතුවත් බෑ යනුවෙන් නම් කර ඇති එහි මුහුරත් උළෙල අද නුගේගොඩ සංහිඳ හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

මෙය එරංගගේ සයවැනි සිනමා නිර්මාණය වේ. සුරයහන ගිනි ගනී, ගිනි ගත් මධුසමය, රෝස පැටික්කි, සිනාසුනා ආදරෙන් සහ ස්වීට් එන්ජල් ඔහු මීට ප්‍රථම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරවේ.

රංගන ප්‍රේමරත්න, සුරේෂ් ගමගේ, ශෙහාරා ජයවීර, තුෂාරි වේහැල්ල, සුසාන් ප්‍රනාන්දු, ගාමිණී ජයලත් ඇතුළු පිරිස චරිත මවන මෙහි කැමරාව දයා සූරියආරච්චි මෙහෙයවයි. සංකල්ප දසනායකගේ සංස්කරණයකි.

නන්දන විජයකුමාර කලා අධ්‍යක්ෂවරයාය. පුෂ්පකුමාර බණ්ඩාරගම අංග රචනා ශිල්පියාවේ. සෝමරත්න මාලිම්බන නිෂ්පාදන කළමනාකරු වන මෙහි කතාව දෙබස් එරංග ගෙනි.

දමින්ද සෝලංගආරච්චි, එස්. ටී. ජයවීර, සංකල්ප දසනායක සමඟ ඩිලනි රොෂාන්ති සේනාරත්න යන අය ඇතුවත් බෑ නැතුවක් බෑ නිෂ්පාදනය කරති.


කුලියාපිටියට ලක්බිම

කුලියාපිටිය ප්‍රදේශශයේ සිනමා රසිකයන් වෙනුවෙන් නවතම සිනමා ශාලාවක් ‘ලක්බිම’ සිනමා නමින් පසුගියදා විවෘත කෙරිණ. මෙය ඊ. ඒ. පී. මණ්ඩලයට අයත් ‘ඒ’ ශ්‍රේණියේ සිනමා ශාලාවක් වන මෙය ආසන තුන්සියයකින් සමන්විතය.

මෙහි පළමු වරට තිරගත වූ චිත්‍රපටය කුස පබා වේ.


වස්සානේ සෙනෙහස හෙට තිරයට

ඩෙන්සිල් ජයවීරගේ වස්සානේ සෙනෙහස සිනමා සිතුවම මෙම මස 02 එනම් හෙට සිට බොරැල්ල රිට්ස් ඇතුළු එල්. එෆ්. ඩීී. මණ්ඩයේ සිනමා ශාලාවන්හී තිරගත වීම ඇරැඹේ.

විජේරත්න වරකාගොඩ, ජනක් ප්‍රේමලාල්, වීණා ජයකොඩි, උදිත් අබේරත්න, සඳනි සුලක්නා, උමයංගනා වික්‍රමසිංහ, චන්දික නානායක්කාර, මනෝහාරි විමලතුංග, රොඩ්නි වර්ණකුල, මිහිර සිරිතිලක, රාජසිංහ ලෝලුවාගොඩ, ගාමිණී කුමාර, චාමි සේනානායක, ශ්‍රියානි මහවත්ත, ප්‍රසාද් ගලප්පත්ති, ගුණවර්ධන හෙට්ටිආරච්චි, පවිත්‍රා වික්‍රමසිංහ, උදාරා ලක්සරණි, චමන්දි ගුණතිලක, ජූඩ් රැල්ෆ් අනොල්ඩා, සුබෝධනී ප්‍රියදර්ශනී, අනුපමා කබ්රාල්, ධර්මපාල සුදුමල් කන්ද, දයා විමලසූරිය, තිලක් ලියනගේ ඇතුළු පිරිස වස්සානේ සෙනෙහස රංගනයෙන් හැඩ කරති.

එම්. ඒ. ගෆූර්ගේ කැමරා අධ්‍යක්ෂණයකි. ජීවන් බණ්ඩාර සහය අධ්‍යක්ෂවරයාය. ප්‍රසාද් උඩුගලසූරිය කලා අධ්‍යක්ෂණයෙන් එක්ව තිබේ. දුලාජ් ධනුෂ්ත, නිලුපුලී දිල්හාරා, බුද්ධික උෂාන්, නිවන්ති චමෝදනී, සේනානි පංච මධුරි, ආකර්ෂණී චන්ද්‍රකාන්ත් පසුබිම් ගායන ශිල්ප ශිල්පිණියෝය.

ආචාර්ය අජන්තා රණසිංහ සමඟ සමන් චන්ද්‍රනාත් වීරසිංහ ගී පද රචනයෙන් දායක වෙති. ප්‍රදීපා ආරියවංශගේ නර්ථන නිර්මාණයකි. චාමර සමරවික්‍රම නිෂ්පාදන කළමනාකරුය. ගාමිණී කොස්තාගේ අංග රචනයකි. විධායක නිෂ්පාදනයෙන් පුණ්‍ය සඳමාලි සහ ධර්මප්‍රිය සහභාගි වෙති. ඩෙන්සිල් ජයවීර, ආනන්ද බණ්ඩාර, වස්සානේ සෙනෙහස සංස්කරණය කොට තිබේ. ගී තනු නිර්මාණය සරත් ද අල්විස්ගෙනි.

වස්සානේ සෙනෙහස සුදත් ධර්මප්‍රිය සමඟ උපුල් ප්‍රියන්ත නිෂ්පාදනය කරති. චිත්‍රපට හැට ගණනකට අධික ප්‍රමාණයක් සංස්කරණය කළ ඩෙන්සිල් ජයවීරගේ පළමු සිනමා නිර්මාණය ලෙස වස්සානේ සෙනෙහසයි. එහි කතාව, දෙබස් රචනය ද ඩෙන්සිල් විසින්ම නිම කොට ඇත.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව