JOURNEY - 2

කළ නොහැකි දේ විශ්වාස කරන්න ඇදහිය නොහැකි දේ සොයා යන්න

2012 වසරේ මුල් කාර්තුව හොලිවුඩය තරමක් අති ධාවනකාරී අවධියක් පසු කරන සැටියකි. මන්ද වසරේ පළමු මාස දෙක ගෙවී යද්දී ත්‍රාසය, භීතිය, වීරත්වය පිිරි චිත්‍රපට ගොන්නක් එකිනෙකා පරයා යමින් සිනමා පේ‍්‍රක්ෂකාගාරය ආක්‍රමණය කරන්නට වූ නිසාය.

‘Safe House’, ‘Under World Awakenaing’, ‘The Vow’  වැනි තරගකාරී චිත්‍රපට ගොන්නට එක්වන අලුත්ම චිත්‍රපටය ‘Journey 2 – The Mysterious Island’ ලෙස නම් කර තිබේ. 2008 දී එරික් බ්‍රිචිග් ගේ අධ්‍යක්ෂණයෙන් බිහි වූ  ‘Journey to the Center of the Earth චිත්‍රපටයෙහි දෙවන කොටස ගුප්ත දූපතක් පදනම් කොට ගෙන 2012 දී මෙසේ ඉදිරිපත් කොට තිබේ.

බියු ෆ්ලින් පළමු චිත්‍රපටයේ මෙන්ම මෙයට ද නිෂ්පාදකවරයා වන අතර චාලට් නගින්ස් හා ට්‍රිප් වින්සන් එහි සහාය නිෂ්පාදකවරුය. බ්‍රයන් ගන් හා මාක් ගන් ගේ තිර රචනයට මෙවර අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ බ්‍රැඩ් පීටන්ය.

අතිශයින්ම ත්‍රාසජනක විද්‍යා ප්‍රබන්ධයක් වන ‘ජර්නි 2’ 3ච්තාක්ෂණයෙන් රූගත කොට තිබේ. ෂෝන් ඇන්ඩර්සන් යනු දාහත් හැවිරිදි නව යෞවනයෙකි.

ඒ තරම්ම සමාජශීලී නොවන ඔහු කිසියම් ගුප්ත සංඥා පද්ධතියක් පිළිබඳ අවධානයෙන් පසු වෙයි.

ඔහුගේ සුළු පියා වනුයේ හැන්ක් පාර්සන්ස්ය. යම් වචන හුවමාරුවකින් අනතුරුව සුළු පියා සමඟ එක්වන ෂෝන් ඇන්ඩර්සන් මෙකී සංඥාවන් සොයා පැසිෆික් කලාපයට යාමට පටන් ගනී

මොවුන්ගේ වීර චාරිකාවට නවකතාවලින් ඇති බලපෑම කුමක්ද? ‘කයිලානි’ නම් රූමත් යෞවනිය කවරෙක්ද? දූපතේදී මුහුණ දෙන අරුම පුදුම ගුප්ත දේ මොනවාද? මොවුන්ට දූපතේදී හමු වන්නේ කවරහුද? මෙකී ගැටලුවලට පිළිතුරු සොයා ගත යුත්තේ ‘ජර්නි 2’ නැරැඹීමෙන් පමණි.

මෙහිදී ජනප්‍රිය හොලිවුඩ් නළු ඩිවේන් ජොන්සන්, හැන්ක් පාර්සන්ස් හට පණ පොවන අතර ජෝෂ් හචර්සන්, ෂෝන් ඇන්ඩර්සන් තරුණයාට පණ පොවයි. වානේසා හජන්ස් කයිලානි ලෙස ජර්නි – 2 වෙත දායක වෙයි.

මුල් වරට ඕස්ට්‍රේලියාවේදී මෙම වසරේ ජනවාරි 19 වැනිදා සිට තිරගත කිරීම් ඇරැඹුව ද, හොලිවුඩයේ තිරගත කිරීම් ඇරැඹූයේ පෙබරවාරි මස 10 වැනිදාය.

සිකුරාදා දිනයක් වූ එදින හොලිවුඩයෙන් පමණක් ඩොලර් මිලියන 6.5 ක මුදලක් උපයා තිබේ

එම සති අන්තය අවසාන වන විට ඩොලර් මිලියන 27.6 ක මුලක් උපයා එය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළා තිබිණි.

දෙවන සති අන්තයේ පමණක් ජර්නි – 2 ඩොලර් මිලියන 20 ක මුදලක් උපයා ජර්නි 1 චිත්‍රපටයට වඩා තමන් සාර්ථක බව ජර්නි 2 ඔප්පු සිද්ද කොට තිබේ.

එමෙන්ම 2012 වර්ෂය තුළ මේ දක්වා මුළු ආදායම ඩොලර් මිලියන 100 ඉක්මවා ගිය දෙවන චිත්‍රපටය ද ජර්නි – 2 විය. එය දෙවැනි වූයේ තවත් ත්‍රාසජනක චිත්‍රපටයක් වූ ‘Under World Awakening’ චිත්‍රපටයට පමණි. නමුත් චිත්‍රපටයේ මුළු අයභාරය ඩොලර් මිලියන 70 ක් පමණි.

පුරා මිනිත්තු 94 ක් දිවෙන චිත්‍රපටයට බොහෝ මිශ්‍ර ප්‍රතිචාර ලෝකයෙන් ලැබෙන අතර ලාංකික ඉංග්‍රීසි ප්‍රේක්ෂකාගාරයට ද එය අද සිට විවෘතය.

 ‘Journey – 2 The Mysterious Island’ ත්‍රාසජනක චිත්‍රපටය තවත් වෝනර් බ්‍රදර්ස් බෙදා හැරීමකි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව