FEEDBACK

වෙන්නප්පුවේ සුබපැතුම්

සිනමාහල් වැසී යන යුගයක කලක් මෙරට පුරා ප්‍රසිද්ධ සිනමා ශාලාවක් වූ පසුව අභාවයට ගිය වෙන්නප්පුව ශ්‍රී ලංකා සිනමාහල රමෝගා තියටර්ස් නමින් කුස පබා චිත්‍රපටය සමඟ යළිත් ප්‍රදේශවාසී සැමට චිත්‍රපට නැරැඹීමට අවස්ථාවක් ලබාදීමට කටයුතු කිරීම ගැන අගය කරමි. එය ඉතා ප්‍රශංසනීයයි.

ඈන් නිලන්ති ප්‍රදීපිකා - වයික්කාල.

සරත් කොලවරි

රිදී රැයක් ප්‍රසංගයේදී කොලවරි ගීතයට සරත් කොතලාවල මැවූ රංගනය අති සාර්ථකයි.

චානක ප්‍රේමනාත්

පැරකුම් මාවත,

ඇල්පිටිය.

සුභානි රාත්‍රී උසස්

විනීතා කරුණානායක නිෂ්පාදනය කරන ‘සුභානි රාත්‍රි’ ඉතාම උසස් මට්ටමක පවතියි. එය පැරැණි සහ අලුත් දෙවර්ගයෙන්ම ගීත ඊට ඇතුළත් නිසා එහි තවත් වටිනාකමකින් යුක්තයි.

මත්තේගොඩ -

අජිත් ජෝතිය කරසිංහ

රංජිත් එදිරිසිංහට ප්‍රණාමය

සෑම අඟහරුවාදා දිනකම අපට පුදන ‘භාරත ගී වින්දන’ ගෙනෙන ඔබට අපගේ හෘදයාංගම ප්‍රණාමය.

උදාරා විජය ප්‍රනාන්දු
 

සෙල්වම් ගුණ

සංජය ලීලාරත්නගේ සෙල්වම් සතු සුවිශේෂී ගුණාංග කිහිපයකි. ඉතිහාසයේ ප්‍රථම වතාවට සන්නද්ධ අරගලයකට සෘජු ලෙසම දායක වූ තරුණයෙක් මෙහි ප්‍රධාන භූමිකාව රඟ දැක්වීම ප්‍රමුඛතම කාරණාවයි. එසේම අග්‍රගණ්‍ය නළු ජෝ අබේවික්‍රමගේ සහ නිළි රැජන මාලිනී ෆොන්සේකා කලකට පසු එකම චිත්‍රපටයක රඟපානු දැකීමද අපගේ අසීමිත සතුටට හේතු වෙයි.

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය.

වඩුගේ ජෝති මතකය

ඔබ ලියූ සදාදර ජෝති පොත ඉතාම රසවත්ව ජෝතිගේ ජීවන තොරතුරු අළලා ලියූ පොතක් ලෙස අගය කරමි. එය ජෝතිගේ වියෝව සඳහන් කර අඩකින් නිමා කර තිබීම තුළ ඇති වූයේ සංවේගයකි.

යළිත් එහි ඉතිරි කොටස් සමඟ ඉදිරිපත් කරන බව සරසවියෙන් දැන්වීම ගැන රසික මගේ සතුට මේ සමඟ දන්වමි.

ධර්මා ඒකනායක - මාතලේ.

ඇන්ටන් ග්‍රෙගරි
 

 

සිනමාවලෝකනයට ආචාරය

අධ්‍යක්ෂණය, සහය අධ්‍යක්ෂණය, කාර්මික අධ්‍යක්ෂණය, සංස්කරණය ඇතුළු නිෂ්පාදන අංශ රැසකට දායක වෙමින් සිංහල සිනමාවට කළ අනුපමේය මෙහෙවර වෙනුවෙන් ඇන්ටන් ග්‍රෙගරි මහතාණන්ට උපහාරයක් ලෙස ‘ඇන්ටන් ග්‍රෙගරි සිනමාවලෝකනය’ නමින් කෘතියක් එළි දැක්වීම පිළිබඳ පළමුව මාගේ ආචාරය පිරිනමමි. දෙවනුව එහි කර්තෘ මාධ්‍යවේදී බන්දුල කේ. ආරියපාලට තුති පුදමි.

පොල්ගහවෙල - කාන්ති වික්‍රමසිංහ

ජයසිරිගේ රඟමඬල

ලාංකේය කලා කෙත තුළ තමන්ට ආවේණික රංග කලාවක් ප්‍රේක්ෂක අපට තිළිණ කළ රංගවේදියකි ඩබ්ලිව්. ජයසිරි.

ඔහුගේ රංගනය සිනමාව, රූපවාහිනිය, වේදිකාව එකම රගමඬලක් කළ කලාකරුවෙකි.

ඔහුගේ රංගන භාවිතයට අලුත් අංගයක් එකතු කළ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු මා දකිමි.

අශෝක හඳගම එක් අයකි. අනෙක් කෙනා රාජිත දිසානායකයි. ඔවුන්ගේ නිර්මාණ තුළදී ඔහු වඩාත් කැපී පෙනිණ.

මීගමුවේ

අජිත් ලක්මාල්

රන් - රන් වැඩක

හැට හැත්තෑව දශකයේ සැබෑ දක්ෂ ගායක ගායිකාවන් ගැයූ ගීත ඒ අයුරින්ම අසන්නන්ට ලබා දෙන රන් එෆ්. එම්. නාලිකාවට තුති. එතුළින් ප්‍රචාරය වන වයර්ලස් ගීත ඇතුළු බොහෝ වැඩසටහන් ඉහළ තත්ත්වයක පවතී.

නිමල් කුලසේකර- මොරටුව.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව