හිමාලි සයුරංගි අද යුගදිවියට

මත්පැන්, දුම්වැටිවලින් තොරවීම ඔහුගේ හොඳම  ලක්ෂණයයි

එස්. එම්. එස්. එකකින් ඇරැඹුණු ආදරය අද මල් ඵල ගැන්වෙයි

ඇගේ කතා කරන නුවන් යුගලයන් අහිංසක සිනහවකින් ඔබ වශී වූ වාර අනන්තවත් ඇති. එහෙත් ඇගේ නෙත කිසිවෙකුගේ ආදරණීය නෙත් නොදුටුවේ කලාව වෙනුවෙන්ම කැප වූ නිසාමයි. කාර්යබහුලකම නිසාම මල් සර හී සර නොදුටු ඇයට, ගුවන් විදුලි මැදිරියකදී නෙතෙහි ඇඳි ඔහුගේ කඩවසම් රුව මකා දමන්නට නම් නොහැකි වුණි.

නෙතින් සිනාසී ඇරැඹූ මිතුදම ගොතන පෙම් කවි එකිනෙකාගේ සිත තුළටම සීමා වුණි. ඒත් තවදුරටත් සිය ප්‍රේමණීය හැගුමන් සිරගත කරලීමට නොහැකි වූ අසංග ඇගේ නමින් උපන් ආලයේ සංදේශය කෙටි පණිවුඩයකින් ඇයට යැවුවේය. ඔහු එලෙස සුරත පැතුවේ ඔබේ ආදරණීය යොවුන් රංගන ශිල්පිනී හිමාලි සයුරංගිගේය.

ඉතින් හිමාලි . . . ඊට පස්සෙ මොකද වුණේ?

ඒ එස්. එම්. එස්. එක දැක්කාම මම පොඩ්ඩක් ගැස්සුනා. හැබැයි මම දැනගෙන හිටියා එයා මට හිතින් ආදරය කරනවා කියලා. මොකද මම එයාව අවුරුදු හතරක් පහක්ම යාළුවෙක් විදිහට ඇසුරු කළා. එයා විතරක් නෙමෙයි ඉතින් . . . මමත් එයාට හිතින් ආදරය කළා. ඒත් එයා මට ආදරෙයි කිව්වාම මම මගේ කැමැත්ත එක පාරටම කිව්වේ නෑ.

ගෑනු ළමයි ටිකක් ආඩම්බර වෙන්න ඕනනේ. ඒ නිසා මං බොරුවට ටික කාලයක් ඉල්ලුවා. අපි දෙන්නා හමු වුණේ ගුවන් විදුලියේ වුණාට අපි දෙන්නාගේ ආදර කතාව ලිය වෙන්නේ නම් ‘අමා’ටෙලි නාට්‍යයේ දර්ශන තලයේ. ඇඩ් ලෑන්ඩ් ඇඩ්වර්ටයිසින් ඒජන්සිය එයාගේ. අමා ටෙලි නාට්‍යයේ මගේ ඔෆිස් එක වෙන්නෙ එයාගේ ඔෆිස් එක. ඒ නිසා අපි දෙන්නාට හම්බ වෙන්න අමුතුවෙන් දවස් ඕන වුණේ නෑ. හැබැයි වෙඩින් කාඩ් එක දෙනකන්ම කිසිම කෙනෙක් අපේ සම්බන්ධය ගැන දැනගෙන හිටියේ නෑ.

හිමාලිගේ හිත ඔහු ළඟ නැවතුණේ ඇයි?

විශේෂයෙන් මම අසංගගේ ගති ගුණවලට කැමැතියි. ඔහු හරිම සුහදශීලී වගේම ප්‍රියමනාප කෙනෙක්. මත්පැන්, දුම්වැටි භාවිතයෙන් තොර වීම තමයි මම ඔහුගේ දකින මූලිකම ගුණාංග.

එතකොට ඔහුගේ හිත හිමාලි ළඟ නැවතුණේ ඇයි?

අනේ ඒක නම් මම දන්නේ නෑ. මොකද, ඇයි මට ආදරේ කියලා මට තවම එයාගෙන් අහන්න බැරි වුණා.

දෙන්නා මංගල ගමන යන්නේ මාපිය ආශිර්වාදය මැද්දේ?

අපොයි ඔව්. එයා මගෙන් කැමැත්ත ලැබුණු ගමන් කළේ අපේ ගෙදරින් මං ගැන අහපු එක. අපේ ගෙදරින් වගේම එයාලගේ ගෙදරිනුත් අපට ආශිර්වාදය ලැබුණා.

මාපිය නෑ හිත මිතුරන් සමඟ අද දින මංගල ගමන් යන හිමාලි සයුරංගිටත්, අසංගටත් සරසවිය අපේ සුභපැතුම්!

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව