Q & A

ආරාධනා ලැබුණොත්

පූජා ඔබ කුස පබාහි පබා ලෙස ඉතා අනර්ඝ රංගනයක යෙදෙනවා. මාගේ දැනීමේ හැටියට එය අනර්ඝයි. නමුත් මින් පසු චිත්‍රපටවල රඟ නොපාන බව කියනවා. එය ඇත්තක්ද?

අයිලින් සෝවිස්-රාගම,වැලිසර.

මීට පෙරත් එහෙම අදහසක් තිබුණා. විවාහයෙන් පසුව චිත්‍රපටවල රඟ නොපාන එක ගැන. ඇත්තටම දැන් නම් මට ඒක හරියටම කියන්න බැහැ. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ටිකක් හිතලා බලලා ඒ ගැන තීරිණයක් ගන්නවා.


මේ දිනවල අමෙරිකාවේ

නෙහාරා පීරිස්ට,

ළඟදී මීපාවල පෝද්දල ප්‍රදේශවල රූගත කිරීම් තිබෙනවාද?

කේ. කේ. යූ.

කරුණානායක

මීපාවල, පෝද්දල.

මම මේ දිනවල ඇමරිකාවේ මැසචුට් ප්‍රාන්තයේ සිටින්නේ ‘ආදරණීය නයගරා’ කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සමඟ.

ලංකාවට පැමිණි පසු ඔබේ ප්‍රදේශයේ රූගත කිරීම් තිබුණොත් මා එනවා. මට ඔබ හමු වූ අවස්ථාවේ සුහදව කතා කළා හොඳට මතකයි.


මෙන්න බයිලා

පර්සි රාජපක්ෂට,

ඔබේ වාද බයිලා අපි ගොඩාක් ආසවෙන් රස විඳිනවා. රේඩියෝ, බෑන්ඩ් ෂෝවල මෙන්ම රූපවාහිනියේ දැන් නිතර දකින්න නැත්තේ ඇයි?

සුසන්ත සම්පත්

පිටිගල.

පසුගියදා දැයට කිරුළ සරසවිය වේදිකාවෙන් මා ඇතුළු මගේ පිිරිස බයිලා ප්‍රසංගයකට සහභාගී වුණා. රටේ විවිධ තැන්වල මට ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. පසුගිය කාලයේ ජාතික රූපවාහිනියෙන් එසේ වාද බයිලා වැඩසටහනක් විකාශය වුණා. ඇත්තටම වාද බයිලා කියන්නේ සජීවී කලාවක්. ඒ සඳහා අවස්ථානුකූලව වදන් භාවිත කරන්නට මනා පුහුණුවක් තිබිය යුතුයි. අපට ප්‍රසංග තිබුණත් නැතත් නිරන්තර පුහුණුවේ යෙදෙනවා.


තව හිතලා බලන්නට ඕනෑ

සුරේෂ් ගමගේට,

ඔබ දක්ෂතා සපිරි නළුවෙක්. රංගන පාසලක් ආරම්භ කර එයින් ඔබ ලැබූ කුසලතා නව පරපුරකට ලබා දෙන්න අදහසක් නැතිද?

විරාජ් දුෂ්මන්ත ප්‍රනාන්දු

ආරච්චිකට්ටුව.

ඔබේ අදහසට මා ඉතාමත් ඉහළින් ගරු කරනවා. ඇත්තටම ඉදිරියේදී විවේකය ලැබුණොත් එවැනි කටයුත්තක් අරඹන්න හිතලා බලන්න ඕනෑ. මේ දිනවල නිර්මාණ කිහිපයකම රූගත කිරීම් නිසා මට ඒ ගැන හිතන්න වෙලාවක් නැහැ. නමුත් මා ලත් දැනුම ආධුනික ශිල්පීන්ට දායාද කරන්න හිත යට හරිම උනන්දුවක් නම් තියෙනවා.


මචං චරිතය මරු

දර්ශන් ධර්මරාජ්ට,

මාතා හී ඔබ රඟන චරිතයත්, ගාමණී හි ඔබ රැඟූ චරිතයත්, මචං හි චරිතයත් තුළින් ඔබ වඩාත් දක්ෂව රූපණය කළේ මචං චරිතය යන්න මගේ අදහසයි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

අජිත් ලක්මාල්- මීගමුව.

මාගේ අදහසේ හැටියට නම මා මේ හැම චරිතයකටම කැමැතියි. නමුත් මචං හි මා රඟපෑ චරිතය වෙනස්ම ආරක කතාවක්. අනිත් චරිත මිලිටරි චරිත වුවත් එහි රඟපෑමට යමක් තිබුණා. කෙසේ වෙතත් මට ලැබෙන ඕනෑම චරිතයක් මගේ උපරිමයෙන් මම රූපණය කරනවා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව