රන්ජන්ගෙන් කළ ගුණ හරසර

වසර පහක්ම අඛණ්ඩව පීපල්ස් අවෝඩ් සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා ලෙස කිරුළු පළන් රන්ජන් රාමනායකට වටිනා සිතුවිල්ලක් පහළ වෙලා. ඒ මෙතෙක් තමාට උදව් පදව් කළ සියලු හිතවතුන්ට පුංචි උපහාර උළෙලක් පවත්වලා කෘතගුණ දක්වන්න.

ඒ සඳහා ඔහු තෝරා ගත්තේ රාජගිරිය සව්රින් හෝටලය. රන්ජන්ව තරුවක් කිරීමට වචනයකින් හෝ තල්ලුවක් දුන් සෑම කෙනෙකුම එදා එතැනට පැමිණිලා සිටියා. මේ එහි අවස්ථා කිහිපයක් අප ඡායාරූප ශිල්පි අමිත් එස්. සේනාරත්න සිය කැමරාවේ සටහන් කර ගත් අයුරුයි.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පොල් තෙල් පහන දල්වමින්. රන්ජන් පළමුවරට රඟපෑවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ක්‍රිස්තු චරිතය චිත්‍රපටයේය. රොබින් ප්‍රනාන්දු ද සේයාරුවේ වෙති. ක්ෂේත්‍රයේ වැඩිහිටියකුගේ සුබපැතුම්, රෝයි ද සිල්වා
රන්ජන් වසර ගණනාවක ජනප්‍රිය නළුවා ලෙස දිනා ගත් සම්මාන මැද. රන්ජන් රඟපෑ පිටගම්කාරයෝ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ තිස්ස අබේසේකර වෙනුවෙන් අසංකා අබේසේකර
මහාචාර්ය කාලෝ ෆොන්සේකා සභාව අමතමින්. සුනිල් ටී. ගෙන් තවත් චිත්‍රපටයක්ද?

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව