අමෙරිකාව සමග වහසි බස් පවසමින් ඉරානය සම්මානය ඩැහැගනී

84 වැනි ඇකඩමි සම්මාන

84 වැනි ඇකඩමි සම්මාන උළෙල පසුගිය සඳුදා නිම වූයේ දි ආටිස්ට් චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙසත් එහි අධ්‍යක්ෂ මයිකල් හසානාවිසියස් හොඳම අධ්‍යක්ෂ ලෙසත් සම්මානය දිනා ගැනීමෙනි.

14 වන වතාවටත් හොඳම නිළිය සම්මාන නාම යෝජනා දිනූ මෙරිල් ස්ට්‍රිප් මෙවර හොඳම නිළිය වූවාය. ඒ දි අයන් ලේඩි චිත්‍රපටය උදෙසාය.

මේ සියල්ලට වඩා මෙවර උළෙලේ වැදගත්ම සම්මානය වූයේ හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා ඉරානයේ අ සෙපරේෂන් චිත්‍රපටය සම්මානය දිනීමයි.

ඉරානයත්, අමෙරිකාවත් එකිනෙකා එරෙහිව අවි අමෝරා ගන්නට තැත් කරද්දී ඉරාන චිත්‍රපටයක් ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂා චිත්‍රපටය වීම විශේෂ කරුණකි. අස්ගර් ෆරාස් මෙහි අධ්‍යක්ෂවරයාය.

මෙවර සම්මාන උළෙලේ සම්මානයන් ඒ ඒ චිත්‍රපටයන් දිනා ගත්තේ මෙපරිද්දෙනි.

අ සෙපරේෂන් (ඉරානය)

හොඳම චිත්‍රපටය - දි ආටිස්ට්

අධ්‍යක්ෂ - මයිකල් හසානාවිසියස් (දි ආටිස්ට්)

නළුවා - ශින් ඩ්‍රජාර්ඔත් (දි ආටිස්ට්)

නිළිය - මෙරිල් ස්ට්‍රිප් (දි අයන් ලේඩි)

සහාය නළු - ක්‍රිස්ටෝපර් ප්ලමර් (බිගිනර්ස්)

සහාය නිළිය - ඔක්ටේවියා ස්පෙන්සර් (ද හෙල්ප්)

ස්වීය තිර රචනය – මිඩ්නයිට් ඉන් පැරිස්

දි ආටිස්ට්

පරිවර්තිත තිර රචනය - ද ඩෙසඩන්ට්ස්

සජීවිගත වෘතාන්ත චිත්‍රපටය – රැංගෝ

විදේශ භාෂා චිත්‍රපටය - අ සෙපරේෂන් (ඉරානය)

වාර්තා වෘතාන්ත - ඇන්ඩිෆීටඩ්

වාර්තා - කෙටි – සේවිං ෆේස්

සජීවි ක්‍රියා – කෙටි - ද ෂෝ

සජීවි රූප - කෙටි – ද ෆ්‍රැන්ටාස්ටික් ෆ්ලයිං බුක්ස් ඔන් මිස්ටර් මොරිස් ලෙස්මෝ

සංගීතය – දි ආටිස්ට්

ගීතය - ද මපට්ස් (මෑන් ඔ මපට් ගීතය)

ශබ්ද සංස්කරණය – හියුගෝ

ශබ්ද මිශ්‍රණය – හියුගෝ කලා

අධ්‍යක්ෂණය - හියුගෝ

කැමරාකරණය - හියුගෝ

වේශ නිරූපණය – දි අයන් ලේඩි

ඇඳුම් නිර්මාණය –දි ආටිස්ට්

සංස්කරණය - ගර්ල් විත් ද ඩ්‍රැගන් ටැටූ

දෘෂ්ටි ප්‍රයෝග - හියුගෝ

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව