සිංහළ සිනමා විස්තරය

එදත් සූරයා අදත් සූරයා

තිරගත වූ දිනය – 1972 අප්‍රියෙල් 07
ඉදිරිපත් කිරීම - ඇස්. ආර්. ෆිල්ම්ස්
නිෂ්පාදනය - සරත් රූපසිංහ
කැමරාකරණය සහ අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස්
කතාව සහ දෙබස් - ආරියරත්න කහවිට
සංස්කරණය – බර්නාඩ් රෙජිමෝල්ඩ්
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට්
සටන් අධ්‍යක්ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි
නැටුම් - හෙලන් කුමාරි
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, එම්. එස්. ප්‍රනාන්දු, ලතා වල්පොල
ගීත සංඛ්‍යාව - 07
ගීත -
සුදු පාට මීදුම් ගලාලා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
කොයි යන්නේ බඳ – එච්. ආර්. ජෝතිපාල
අහා හැඩයි රූපේ - එම්. එස්. ප්‍රනාන්දු, ඇන්ජලින් ගුණතිලක
වන් ටූ ත්‍රී බේබි – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
මේ සුබ උපන් දිනේ – ලතා වල්පොල
ආදරයෙන් වෙන් වීලා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
මා පාවී යයි – ලතා වල්පොල
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ සහ සමාගම
නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, සේනාධීර රූපසිංහ, සෝනියා දිසානායක, ඇන්තනි සී. පෙරේරා, හෙලන් කුමාරි, බාබ්රා ප්‍රනාන්දු, බේබි සුරේඛා, එච්. ඩී. කුලතුංග, සම්පත් ශ්‍රී නන්දලෝචන, ලයනල් දැරණියගල, බන්දු මුණසිංහ, එඩී. ජූනියර්, පියදාස විජේකෝන්, විජය කුමාරණතුංග, මයිකල් පෙරේරා, අග්‍රා සජීවනී, පර්ල් වාසුදේවි, ශාන්ති ලේඛා, බී. ඇස්. පෙරේරා, ඇකේසැන්ඩර් ප්‍රනාන්දු, වොලී නානායක්කාර, එඩ්නා සුගතපාල ගාමිණී, සැෆයාර් ඇතුළු සිනමාස් සිනමා ශාලා 22 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.


සුජීවා

තිරගත වූ දිනය – 1972 අප්‍රියෙල් 12
ඉදිරිපත් කිරීම - දේව් ෆිල්ම්ස්
නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, තිර නාටකය, කතාව - ජෝ දේව් ආනන්ද
දෙබස් හා සහාය අධ්‍යක්ෂණය – රංජිත් පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය – ඒ. ටී. අරසු, ජෝ දේව්
ආනන්ද, එම්. ඒ. ගෆූර්, ඒ. කුමාරසිංහ
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට්
නැටුම් - හෙලන් කුමාරි
සටන් අධ්‍යක්ෂණය – බන්දු මුණසිංහ
නාද සංයෝජනය – ටී. සෝමසේකරන්, නිමල් වීරක්කොඩි
සංගීත අධ්‍යක්ෂණය – ටී. ඇෆ්. ලතීප් (පසුබිම්
සංගීතය) ඇම්. ඇම්. ඒ. හක් (ගීත තනු)
ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්
ගීත -
චන්දන ඇල්ලෙන් නාලා - ජෝතිපාල (ධර්මසිරි ගමගේ)
මගේ හද වෙණ පිරි මැදලා - ඇන්ජලින් (කරුණාරත්න අබේසේකර)
නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ - ජෝතිපාල, ඇන්ජලින් (කරු)
ඈත වන පෙත සරසාලා - සුජාතා අත්තනායක (ධර්මසිරි ගමගේ)
ආදරණීය බබෝ ළඟටම – එම්. එස්.,ඇන්ජලින් (ඇම්. ඇම්. ඒ. හක්)
කිස් නම් හාදුවවේ - ජෝතිපාල, ඉන්ද්‍රරාජ් ඇන්ඩ්
ද ගැජුවෙට්ස් (කරු)
අලුත් කලාවක් සොයා ගත්තා - ෆෙ‍්‍රඩී සිල්වා (ප්‍රේමකීර්ති)
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින්
ගුණතිලක, ෆෙ‍්‍රඩී සිල්වා, එම්. එස්. ප්‍රනාන්දු, සුජාතා අත්තනායක
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ධාවන කාලය – පැය 2 විනාඩි 15
රසායනය – ඒ. අයි. ජොහාර්
නළු නිළියන් -
රෝයි ද සිල්වා, කාන්ති ලංකා, නීටා ප්‍රනාන්දු, ස්ටැන්ලි පෙරේරා, එච්. ආර්. ජෝතිපාල, හෙලන් කුමාරි, ටියුඩර් හපුආරච්චි, ධර්ම ශ්‍රී රණතුංග, විජය කොරයා, ෆෙ‍්‍රඩී සිල්වා, දොන් සිරිසේන, මේබල් බ්ලයිත්, ෆරීනා ලායි, අග්‍රා සජීවනී, බන්දු මුණසිංහ, බැසිල් ද සේරම්, බී. ඇස්. පෙරේරා, අනූෂා ගීතාංජලී, සීතා කුමාරි


සිංගප්පූරු චාලි

තිරගත වූ දිනය – 1972 මැයි 19
නිෂ්පාදනය – එම්. කේ. ඩයස්
අධ්‍යක්ෂණය - ඩොමී ජයවර්ධන
කතාව, දෙබස් සහ තිර රචනය – ඇන්තනි සී. පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය – ඇන්ඩෲ ජයමාන්න
සහය අධ්‍යක්ෂණය - ෂර්ලි විජේරත්න
සංස්කරණය - රෙජිනෝල්ඩ් බර්නාඩ්
කලා අධ්‍යක්ෂණය – ඩී. එස්. හෙට්ටිආරච්චි
වේශ නිරූපණය – ඩී. ඩී. ඇන්තනි
සැකසුම – විජය චිත්‍රාගාරය
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමලාල් දන්වත්ත (ගී තනු)
ෂෙල්ටන් පෙරේරා (පසුබිම සංගීතය)
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
ගීත ගායනය – එම්. එස්. ප්‍රනාන්දු, නිහාල්
ජයවර්ධන, ලතා වල්පොල, ටෝනි හසන්,
ඒ. ජේ. ප්‍රනාන්දු, සුජාතා අත්තනායක
ගීත සංඛ්‍යාව - 05
ගීත -
මල් යහනාවකි ලෝකේ - එම්. එස්. ප්‍රනාන්දු
අද අරුමැති විසිතුරු රැයකි – ලතා වල්පොල
ගිලී මලෙත් ඇත සුද්දෝ - ඒ. ජේ. ප්‍රනාන්දු
වසන්තේ ජීවන ලිය ගොමුවේ -
සුජාතා අත්තනායක, ටෝනි හසන්
ආරාධනා සේ හමු වෙන්න -
සුජාතා අත්තනායක, නිහාල් ජයවර්ධන
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ - මරදාන
නළු නිළියන් -
ඩොමී ජයවර්ධන, සන්ධ්‍යා කුමාරි, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, ඇන්තනි සී. පෙරේරා, හෙලන් කුමාරි, පූජිත මෙන්ඩිස්, ප්‍රැන්සිස් පෙරේරා, රොබින් ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ඇල්ෆ‍්‍රඩ් එදිරිමාන්න, හියුගෝ ප්‍රනාන්දු, නිහාල් ජයවර්ධන, රාජා නිහාල් ද සිල්වා, දොන් සිරිසේන, බී. එස්. පෙරේරා, ලිලියන් එදිරිසිංහ, නවනන්දන විජේසිංහ, චන්ද්‍රා කළුආරච්චි, සීතා කුමාරි, විමලා ජයවර්ධන, අනෝමා ඩයස් (ළමා)
මංගල දර්ශනය වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාවේදී අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.


අද මෙහෙමයි

තිරගත වූ දිනය – 1972 මැයි 22
තිර රචනය, නිෂ්පාදනය, කාර්මික අධ්‍යක්ෂණය – රොබින් තම්පෝ
ඉදිරිපත් කිරීම – ආර්. ටී. චිත්‍රපට
අධ්‍යක්ෂණය - කේ. වෙන්කට්
කතාව සහ දෙබස් - කුරුවිටගේ ලයනල් සිල්වා (‘තුලාබාරම්’ ද්‍රවිඩ චිත්‍රපටය ඇසුරිනි)
කැමරා අධ්‍යක්ෂණය – එස්. පද්මනාදන්, තුවන් කිචිල්
සංස්කරණය - තෝමස් ප්‍රනාන්දු, එස්. පාක්‍යනාදන්, ජෝසප් ඇල්ෆ‍්‍රඩ්
කලා අධ්‍යක්ෂණය – ඩැනිස්ටර් පෙරේරා
වේශ නිරූපණය - ලෙනී කුරුප්පු
ශබ්ද පරිපාලනය, ගීත පටිගත කිරීම –රිචට් ද සිල්වා
රසායනාගාර කටයුතු - ලංකා චිත්‍රාගාරය
සංගීත අධ්‍යක්ෂණ්‍ය - පී. එල්. ඒ. සෝමපාල,
ආර්. මුත්තුසාමි
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, වික්ටර් රත්නායක,
ලතා - ධර්මදාස වල්පොල
ගීත සංඛ්‍යාව - 05
ගීත -
ජීවිතේ තරුණ කාලේ - එච්. ආර්. ජෝතිපාල
සිසිලේ සීතලේ - ජෝතිපාල, ඇන්ජලින් ( සිරිල් ඒ. සීලවිමල)
දැල් වූ පහන් නිවී ගියා - වික්ටර් රත්නායක
ජීවිත ගමනේ බාධක - ලතා වල්පොල
මකරන්ද රසගොන්න – ලතා -ධර්මදාස වල්පොල
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ සහ සමාගම
නළු නිළියන් -
ඔස්වල්ඩ් ජයසිංහ, රුවිනා දීපානි, ඇන්තනි සී. පෙරේරා, නීටා ප්‍රනාන්දු, දේවිකා කරුණාරත්න, චිත්‍රා සොයිසා, ලිලියන් එදිරිසිංහ, පියදාස විජේකෝන්, මාටින් ගුණදාස, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බී. ඇස්. පෙරේරා, ඇග්නස් සිරිසේන, පියරත්න එම්. සෙනරත්, දොන් සිරිසේන, රත්නාවලී කැකුණවෙල, දේව් කුමාර්, සෝමා කුමුදිනි, රාම්නාත්


අතීතයෙන් කතාවක්

තිරගත වූ දිනය – 1972 ජූනි 15
නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය - ආර්. බී. ඒ. චිත්‍රපට සමාගම
කැමරා අධ්‍යක්ෂණය – ඇන්ඩෲ ජයමාන්න, චන්ද්‍ර එස්. පෙරේරා
සංස්කරණය හා කාර්මික අධ්‍යක්ෂණය - ටයිටස් තොටවත්ත
සහාය අධ්‍යක්ෂණය – ආනන්ද ජයරත්න
පසුබිම් කථනය - හෙන්රි ජයසේන
සේයා පට මුද්‍රණය – රෑන්ස් රසායනාගාරය - ලන්ඩන්
රසායන කටයුතු - ජේ. ආතර් රෑන්ක්
චිත්‍රාගාරය - ඩේවිඩ් පිල්න්
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ගායනය – නන්දා මාලිනී
ගීත සංඛ්‍යාව - 01
‘අතීතයේ දියණියනේ - තේමා ගීතය
නළු නිළියන් -
මෙහි නළු නිළි චරිත දෙකක් පමණි (ළමා) ඒ ජීවහත්ත සහ දිසාලා ලෙස - නිමල් දයාරත්න සහ ඌෂා සමරසිංහ
* මෙම චිත්‍රපටය කොළඹ එම්පයර් සහ තවත් සිනමා ශාලා දෙකක පමණක් තිරගත විය.
* මංගල දර්ශනය කොළඹ රීගල් සිනමා ශාලාවේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
* සත්ව ජීවන චර්යාවන් අළලා වර්ණයෙන් නිපද වූ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව