වර්ෂ 2024 ක්වූ සැප්තැම්බර් 16 වැනිදා සඳුදා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
චිත්‍රපට කලාවේ උණුසුම් පුවත්

ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ

පාසල් කාලය ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ සුන්දරතම කාලය යි. කිසිම විවාදයක් නැහැ. ඒ කාලය තරම් සැහැල්ලුවෙන් ගත කළ සුන්දර කාලයකට අපි හැමෝම ගොඩක් ආශා කරන්නේ ඒ නිසා. කෙළි කවටකම්, දඟකාරකම්, පුංචි පුංචි රණ්ඩු සරුවල්, ඒ වගේම පැවසූ නොපැවසූ ආදර කතා මේ කිසිවකින් පාසල් කාලයේ අඩුවක් නැහැ. වසර ගණනක ඒ කාලය පුරාවට කිසිම තැනක දුක හිතෙන තැනක් ඇත්තෙම නැහැ. නමුත්, අනාගතයේ යළි කිසි දිනෙක ඒ කාලය අප ජීවිතවලට නොඑන බව දැනෙනා විට දී ඇතිවන දුක නම් හැමෝටම ඉතිරි වෙනවා. වසර ගණනාවක් ගත වෙලා එදා එකට සිටි මිතුරු මිතුරියන් යළිත් හමු වෙන්න අවස්ථාවක් ලැබෙනවා නම්, ඇත්තටම කෙතරම් සතුටක්ද? කේ. රාමචන්ද්‍රන් මැදි වයසේ පසුවන සංචාරක ඡායාරූප ශිල්පියෙක්. ඡායාරූප කලාව සමඟින් රටපුරා සැරිසරන විටදී බොහෝ දුර ගෙවා ඔහු එක්තරා ප්‍රදේශයකට පැමිණේ. රාමචන්ද්‍රන් කුඩා කල ඉගෙනුම ලද පාසල පිහිටා තිබෙන්නේ ද මෙම ප්‍රදේශයේමය. 

....සම්පූර්ණයෙන් කියවන්න
 

Halloween

සෑම වසරකම ඔක්තෝබර් 31 වැනිදා ලොව පුරා බොහොමයක් රටවල් සමරනු ලබන හැලෝවීන් උත්සවය දැන් අපේ රටටත් ආගන්තුක වූ එකක් නොවෙයි. බටහිර ජාතීන් විසින් දුෂ්ට ආත්ම පළවා හැරීම වෙනුවෙන් පවත්වන්නට යෙදුණු මෙම උත්සවය වර්තමානය වන විට විලාසිතාවක් බවට පත් වී අවසන්. ‘හැලෝවීන්’ හෙවත් ‘මළවුන්ගේ රාත්‍රිය’ සැමරීම වෙනුවෙන් බොහෝ දෙනා සාද පවත්වන අතර ඒ වෙනුවෙන් විශේෂ ඇඳුම් පැලඳීම්වලින් සැරසෙන ආකාරය ද දැකිය හැකියි. මෙය කුඩා දරුවන්ට විනෝදය ගෙන දෙන්නක් බවට පත් වී ඇති අතර ඔවුන් විවිධාකාර ඇඳුම් ඇඳ රාත්‍රිය එළඹෙත්ම මල්ලක් රැගෙන රසකැවිලි එකතු කිරීමට නිවෙසෙන් නිවෙසට යන අතර සෑම නිවෙසෙක් ඉදිරිපිටම වට්ටක්කා ගෙඩියකින් සකසා ආලෝකමත් කළ සැරසිල්ලක් තැබීමට ද අමතක නොකරයි. ගිම්හානයේ අවසානය සමඟ පුරාණ යුරෝපීයයන්ගෙන් පැවතෙන කෙල්ටික්වරුන් විසින් සමරනු ලබන සාවින් උත්සවය ඇසුරෙන් හැලෝවීන් බිහිවුණු බව කියවෙයි. 

....සම්පූර්ණයෙන් කියවන්න