වර්ෂ 2024 ක්වූ මාර්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය

විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය

Predator

ඩච්, නමැති දක්ෂ කොමාන්ඩෝ භටයා සහ ඔහුගේ කණ්ඩායම මධ්‍යම අමෙරිකාවේ එක්තරා කලාපයකට පිවිසෙන්නේ ගුවන් භටයෙක් බේරාගැනීමේ මෙහෙයුමක් සඳහායි. වැඩි වේලාවක් නොගොස් කණ්ඩායමේ එකිනෙකා බැගින් දඩයම් කරන නොපෙනී සිටීමේ හැකියාවෙන් යුතු යම්කිසි සත්ත්වයෙක් මෙම මරණයන් සිදු කරන බව ඔවුන්ට වැටහේ. පිටසක්වලින් මෙහි පැමිණි බුද්ධිමත් භයානක ජීවියකු වන මෙම විලෝපියා නැවැත්වීමට භට කණ්ඩායමට හැකි වෙයිද ?

මේ කතාවේ අවසානය දකින්නට හැකි වූයේ, 1987 වසරේ තිරගත වූ සුපිරි නළු ආනෝල්ඩ් ස්වාසනේගර් ප්‍රධාන චරිතය රඟපෑ  Predator  (විලෝපියා) චිත්‍රපටයෙන්.  Predator  ඉහළ ආදායමක් වාර්තා කළ චිත්‍රපටයක් පමණක් නොව විචාරකයන් අතර ද ප්‍රසංශාවට ලක් වූ විශිෂ්ට චිත්‍රපටයක්.  Predator  චිත්‍රපට පෙළේ පළමුවැන්න මෙය වූ අතර,  Predator -2(1990),  Predator ඵ (2010), යන චිත්‍රපට මෙහි මීළඟ කොටස් ලෙසින් රිදී තිරයට පැමිණියා. ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම විසින් නිර්මිත චිත්‍රපට මාලාවක් වූ  Predator , එම සමාගම විසින්ම නිර්මාණය කෙරුණු  Alien චිත්‍රපට මාලාව සමඟ ප්‍රිඩේටර් චරිතය මුසුකළ  Alien vs. Predator (2004) සහ Aliens vs. Predator: Requiem  (2007) යන චිත්‍රපටද එක් කළ විට එකම චිත්‍රපට මාලාවක් ලෙසද සැලකිය හැකියි.

8 වසරක් නිහඬව සිටි ප්‍රිඩේටර්, නැවතත් මිහිතලය මත පා තබා ඇත්තේ 2018 සැප්තැම්බර් 14 වැනිදා ය. විශ්වයේ ඈත කොනක සිට අමෙරිකාවේ කුඩා නගරයකට සේන්දු වුණු ප්‍රිඩේටර් මෙවර ශක්තියෙන්, බුද්ධියෙන් මෙන්ම භයානක අතින්ද පැරණි ප්‍රිඩේටර්ට වඩා ඉහල බව කියවෙන අතර විශ්වයේ දස දෙස සැරිසරා අනෙකුත් ජීවීන්ගේ ජාන හා ස්වකීය ජාන මුසු කරගනිමින් වඩාත් දියුණු සත්ත්ව විශේෂයක් බවට පත් වී ඇත. බිහිසුණු ප්‍රිඩේටර්ගේ පුනරාගමනය මනුෂ්‍ය සංහතියම විනාශය කරා රැගෙන යාම වැළැක්වීමට පෙළගැසුණු මෙවර වීරයන් වන්නේ, විශ්‍රාම ගිය සොල්දාදුවන් පිරිසක් සහ විද්‍යා ගුරුවරයෙක් බව කතා සාරාංශයෙහි සඳහන් වෙයි.

ෂේන් බ්ලැක් විසින් අධ්‍යක්ෂණය කෙරුණු ප්‍රිඩේටර්, ජෝන් ඩේවිස් විසින් නිෂ්පාදනය කර ඇති අතර, ෆ්‍රෙඩ් ඩෙකර් සහ ශේන් බ්ලැක් විසින් එය රචනා කර තිබේ. බොයිඩ් හොල්බෘක්, ජේකබ් ට්‍රෙම්බ්ලේ, ඔලිවියා මුන්, තෝමස් ජේන් ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් මෙහි චරිත වලට පණ පොවන මෙම චිත්‍රපටය බෙදාහරිනු ලබන්නේ, ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් ආයතනය විසිනි. මිනිත්තු 107 කින් සමන්විත The Predato  චිත්‍රපටය, අමෙරිකානු ඩොලර් මිලියන 88 ක පිරිවැයක් දරා නිර්මාණය කර තිබේ.

IMDB හි 6.1/10 ක ලකුණු ප්‍රමාණයක් සටහන් කරන ප්‍රිඩේටර්, රෝටන් ටොමැටෝස් හි විචාරක ප්‍රතිචාරයන්ගෙන් සටහන් කරනු ලබන්නේ 34% ක තරම් අඩු ලකුණු ප්‍රමාණයක් බවද සඳහන් කළ යුතුයි. රෝටන් ටොමැටෝස් හි පොදු විචාරය මෙම චිත්‍රපටය ගැන දක්වන්නේ, මෙවැනි අදහසක්. “ප්‍රිඩේටර්හි ප්‍රචණ්ඩත්වය ඕනෑවටත් වඩා ඇති නමුත් එහි අගක් මුලක් නැති හිස් ක්‍රියාදාම නිසා අවසානයේ මෙම චිත්‍රපටයද සාර්ථක විය යුතු චිත්‍රපට මාලාවක මගහැරුණු අවස්ථාවක් පමණයි” යනුවෙන්. බොහෝ විචාරකයින් මෙම චිත්‍රපටය හඳුන්වා දී ඇත්තේ අතරමං වූ, අවුල් ජාලාවක් වූ, විවිධත්වයෙන් තොර වූ චිත්‍රපටයක් ලෙසින්.