වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 18 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා

අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා

කළු මල්ලි නමට සරිලන වෘත්තියක නියැලෙන්නෙකි. තවත් අයුරකින් කිව්වහොත් සමාජයේ කළු චරිතයකි. ඔහුගේ වෘත්තීය කුඩා ළමයින් විදේශකයින්ට විකිණීමය. එම ජාවාරම ජයටම කෙරී ගෙන යයි. අශාන්ද එකී කුලකයයේ තවත් චරිතයකි. ලොවට පෙනෙන්නට ඔහු සිටිනුයේ වෙළෙඳ දැන්වීම් ආයතනයක හිමිකරුවකු ලෙසටය.

එහෙත් ඊට යටින් ඔහු වෙනමම වෘත්තියක යෙදෙයි. වෙළෙඳ දැන්වීම් කරනා මුවාවෙන් අශාන් ඒවාට සම්බන්ධවීමට කැමැති ආධුනික නළු නිළියන් කැඳවයි. ඔවුන් අතරින් රූමත් තරුණියන් වෙන් කොට ගනියි. කැමැත්ත අකැමැත්ත කෙසේ වුව ද අශාන් එම තරුණියන් ගණිකා වෘත්තියේ යොදවයි.

මේ දාමයේ තවත් පුරුකක් ලෙස ප්‍රදීප්ව හඳුන්වා දිය හැකිය. ඔහු ද සමාජයට පෙනෙන්නට ඉන්නේ අහිංසක ව්‍යාපාරිකයකු ලෙසය. සී. ඩී. විකිණීම ප්‍රදීප්ගේ ජීවනෝපායය. ඔහු කුඩා පරිමාණයේ කඩ කැබැල්ලක තම ව්‍යාපාරය ගෙන යයි. එහෙත් සිදු වන්නේ වෙන දෙයකි. හොඳ සී. ඩී. මුවාවෙන් ප්‍රදීප් අසභ්‍ය සී ඩී තැටි ද අලෙවි කරයි.

ඔහුගේ ඉලක්කය පාසල් ළමුන්ය. මේ අතරතුරදී නගරයේ මිනීමැරුමක් සිදු වෙයි. කළු මල්ලි, අශාන් සහ ප්‍රදීප් මේ හේතුවෙන් යම් තැති ගැන්මකට ලක් වේ. තිදෙනාට තිදෙනා නොදන්නවා වුව ද ඔවුන් එකම කතාවක චරිත වන්නේය. එහෙත් තිදෙනාට තිදෙනා කොතැනකදීවත් හමු වන්නේ ද නැත.

බාඳුරා නමින් තැනුණ සිනමාපටය එකී කතාව ඔස්සේ ගලා යයි. ක්‍රිස් ඇන්තනී එහි අධ්‍යක්ෂවරයා වේ.

බාඳුරා සිනමාපටයේ නළු නිළියන්:

දර්ශන් ධර්මරාජ්, මල්කාන්ති ජයසිංහ, වසන්ති රන්වල, සරත් චන්ද්‍රසිරි, අතුල ජයසිංහ, තක්ෂිලා රූපසිංහ, අශාන් ෆොන්සේකා, නිශාන්ති ජයරත්න, ගාමිණී සෝමරත්න, ටිරාන් වික්‍රමසූරිය, බියංකා උමයංගනී, පි. උමා, ලලිත් රාජපක්ෂ

කැමරා අධ්‍යක්ෂණය - සුමිත් අලහකෝන්

සංස්කරණය - ශාන් අල්විස්

සංගීත අධ්‍යක්ෂණය - රෙක්ස් රමේෂ් කුමාර්

සහාය අධ්‍යක්ෂණය - ලලිත් වරුණ රාජපක්ෂ

කලා අධ්‍යක්ෂණය - අනෙස්ටිනා ෆෙර්න්ඩෝ

අංග රචනය - රුචිර සංජීව

නිෂ්පාදන කළමනාකරණය - ප්‍රසාද් ඇන්තනී

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ක්‍රිස් ඇන්තනි