වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 26 වැනිදා සිකුරාදා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
වස්සානයේ සඳ පායයි

වස්සානයේ සඳ පායයි

සොඳුරු ළෙන්ගතු මිනිස් සබැඳියාවන් ඔස්සේ ආදරය හා ජීවිතය පිළිබඳ අපූර්ව සිනමාපටයක ආශ්වාදය විඳ ගන්න පසුගිය දින අපට හැකි විය.

මධුර චාරිකාවෙන් පසු උදයකාන්ත වර්ණසූරිය රැගෙන එන නවතම ආදරණීය සිනමා චාරිකාවෙනි. ඒ වස්සානයේ සඳ සිනමාපටයයි. එහි මංගල දර්ශනය පසුගිය දින කොළඹ රීගල් සිනමා ශාලාවේදී චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න ඇතුළු කලාකරුවන් පිරිවරාගෙන පැවැත්විණි.

සිංහල සිනමාවට නව අරුත් තේමාවක් කර ගනිමින් සිනමාපට 20 ක් පමණ නිර්මාණය කළ උදයකාන්ත මෙදින ද විශේෂ කටයුත්තක් සිදු කළහ.

ඒ නවතම සිනමාපටයේ කතා සාරාංශය කරගත් නවකතාව, තිර පිටපත, ගීත ඇතුළත් සංයුක්ත තැටිය දොරට වැඩීමෙනි. එහි ප්‍රධාන දෙසුම ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගමත්, ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙනියත් සිදු කළහ.

වස්සානයේ සඳ එච්. ඩී. ප්‍රේමසිරි, මහේෂ් කේ. බණ්ඩාර, උදයකාන්ත වර්ණසූරියගේ සම නිෂ්පාදනයකි. කතාව, තිර රචනය හා අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසූරියගෙනි. මේ මංගල දර්ශනයේ ඔබ නුදුටු තැන් සොයා සරසවිය කැමරා ඇස රැන්දූ තැන්ය.