වර්ෂ 2024 ක්වූ මාර්තු 29 වැනිදා සිකුරාදා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා

'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා

SAMIRA WEERASINHA

සමීර වීරසිංහ සංගීතයට හෝ ගීතයට ආගන්තුකයෙක් නොවනවා සේම පුවත්පත් මහගෙදරට මෙන්ම සරසවියටද ඔහු කිසිසේත් ආගන්තුකයෙකු නොවන්නේමය. එය එසේ වන්නට හේතු කාරණා බොහොමයකි. ඉන් වැදගත් වන්නේ පුවත්පත් මහගෙදරට ඔහුගේ හැකියාවෙන් අමිලව දක්වන ලද දායකත්වයයි. සමීර අපට පළමුව මුණගැහෙන්නේ මින් සිව්වසරකට පමණ ඉහතදීය. ඒ ලොව ප්‍රථම වතාවට ගුවන්විදුලි මාධ්‍යයක් හා මුද්‍රිත මාධ්‍යයක් එක්ව ප්‍රවෘත්ති සේවාවක් ලේක්හවුසියේ ආරම්භ කරන ලද මොහොතේදීය. ඒ දිනවල දිනමිණ සිටි එෆ් එම් නාළිකාවේ ප්‍රචාරය වූ තේමා වාදන මෙන්ම ඊට සමාන්තරව ඩී. ආර්. විජේර්ධන මැදිරිය තුළ පටිගතවූ වැඩසටහන් බොහොමයක සංගීත අධ්‍යක්ෂවරයා වූයේද සමීර විරසිංහයි. එකී වැඩසටහන් අතර රටේ සංවර්ධනය පිළිබඳ කතිකාවතක් ගොඩනැගෙන වැඩසටහන් මෙන්ම සරසවිය පුවත්පත අනුග්‍රහයෙන් කලා ලොව රසබර තොරතුරු සමඟ නිර්මාණය වූ වැඩසටහන් ද බෙහොමයකි. එසේ හෙයින් ඔහු අපට ආගන්තුකයෙකු නොවන වග ඔබට පැහැදිලි වනු ඇත. පසුගිය දිනෙක සමීර නැවත සරසවියට පැමිණෙන්නේ 'විශ්ම' යක්ද සමඟයි. ඒ පිළිබඳ සමීර අපත් සමඟ කතාබහ කළේ මෙලෙසිනි.

'විශ්ම' රන්දික විජේමාන්න විසින් 5ඉ ඍඥදබභපඥඵ වෙනුවෙන් නිර්මාණය කරන සංගීතාත්මක චිත්‍රපටයක්. මෙහි රොෂාන් පිලපිටිය, සාරංග දිසාසේකර, උමයංගනා වික්‍රමසිංහ, ඩිනක්ෂි ප්‍රියසාද්, ඇතුළු නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

සමීර ආරම්භය සටහන් කළේ එලෙසිනි.

* ඔබ චිත්‍රපට සංගීතයට ආධුනිකයෙක්ද?

'විශ්ම' මගේ පළමු සිනමා සංගීත නිර්මාණ අත්දැකීම. ඒ සඳහා සංගීතය පිළිබඳ මා සතු දැනුම මෙන්ම මෙතෙක් නිර්මාණකරණය ඔස්සේ ලද අත්දැකීම් උපයෝගී කරගෙන දැඩි කැපවීමෙන් යුතුව හැකි උපරිමයෙන් මගේ දායකත්වය ලබා දුන්නා.

* ඒ සඳහා ඔබට අවස්ථාව ලැබෙන්නේ කෙලෙසින්ද?

එහි නිෂ්පාදකවරයා මා විසින් කළ ගී නිර්මාණ කිහිපයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා. ඒ අනුව මා ඔහු වෙත නිර්මාණය කළ ගීත කිහිපයක් ලබා දුන්නා. ඉන් පසුව එකක් ඔහු මෙම සිනමා නිර්මාණය සඳහා යොදා ගන්නා බව මා හට දැනුම් දුන්නා. අනතුරුව ඉතිරි නිර්මාණත් ඔහු ඒ සඳහා යොදා ගත්තා.

* චිත්‍රපටයක සංගීත නිර්මාණය කිරීමේදී එහි පසුබිම පිළිබඳ විමසීමක් අත්‍යාවශ්‍යයි?

අනිවාර්යෙන්ම. 'විශ්ම' සංගීතාත්මක චිත්‍රපටයක්. දෘශ්‍ය මායාවන්, ආදරය, දෙමව්පිය දූ දරු බැඳීම්, ජාතික එකමුතුව පිළිබඳවත් එහි කතාබහට ලක්වෙනවා. ඒ සියල්ල පිළිබඳ ඉතාම විමසිලිමත් වෙමින් සංගීතමය තේමාව අඛණ්ඩව පවත්වාගනිමින් තමයි මා මෙහි සංගිතය නිර්මාණය කළේ.

* සංගීතය ඇතුළු චිත්‍රපටයේ අනෙකුත් කටයුතු මේ වන විට අවසන්?

චිත්‍රපටයේ රූගත කිරීම් මේ වන විට අවසන්. ඒ සඳහා එහි තේමාවට අනුකූලව ගීත 8 ක් මා නිර්මාණය කළා. තවමත් එහි සංස්කරණ කටයුතු සහ හඬකැවීම් සිදුවෙමින් පවතිනවා. ඒ අනුව පසුබිම් සංගීතය නිර්මාණය කෙරමිනුයි පවතින්නෙ.

* මෙහි පසුබිම් ගී ගායනයෙන් සහභාගිවන ශිල්පීන් පිළිබඳ සඳහන් කළොත්?

මමත් සමඟ නෙලූ අධිකාරී, කල්පනා කාවින්දි සහ ඔනෙල් දම්සත් මෙහි ගායනයෙන් සහභාගි වෙනවා.

* 'විශ්ම' චිත්‍රපටයෙන් අනතුරුව ඔබට සිනමා සංගීතයට පිවිසෙන්නට මාවත විවර වුණා?

ඔව්. මේ වනවිට මෙහි දෙවන චිත්‍රපටයෙත් වැඩ ආරම්භ කරලා තිබෙනවා. ඒත් එක්කම තවත් නිර්මාණ දෙකක් සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වන්නට මට ආරාධනා ලැබී තිබෙනවා.

* ඔබගේ සංගීත පසුබිම බිළිබඳ සඳහන් කරනවා නම්?

මම ඉන්දියානු, බටහිර, අප්‍රිකානු සංගීතය මෙන්ම සංගීත සංධ්වනි පිළිබඳ ගැඹුරින් හදාරා තිබෙනවා. දැනටමත් මම ඩ්චදඵ ඛඪථථඥප, කචදදඪ, ඕඥඥබඩධමචද යන ලෝකප්‍රකට සංගීතඥයින්ගේ නිර්මාණ මෙන්ම ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වැනි අපේ ප්‍රවීණයන්ගේ නිර්මාණ අදටත් අධ්‍යයනය කරනවා.

* ඔබ ගුරුවරයෙක්?

ඔව් මම සංගීතය උගන්වනවා. එමෙන්ම නවක ගායක ගායිකාවන් හට බොහෝ ගීත නිර්මාණය කර දී තිබෙනවා. ගායන ශිල්පිනී මේඛලා ගමගේ විසින් ගායනා කරන ගීතයක් සහ කල්පනා කාවින්දි විසින් ගායනා කරන ගීතයක් මෑතකදී මා නිර්මාණය කළා. ඒ සමහරෙක රූප රචනා ද මේ වන විට නිකුත් වී තිබෙනවා.

* ඔබ මූලික වශයෙන් ගී නිර්මාණ සඳහා පමණයි දායක වන්නේ?

නෑ. වෙළෙඳ දැන්වීමේ සිට චිත්‍රපට දක්වා ඕනෑම නිර්මාණයක් සඳහා මා දායක වෙනවා. මම වෘත්තීය සංගීතඥයෙක්. ඒ කෙසේ වෙතත් වාණිජමය පරමාර්ථයෙන් වෘත්තියේ නියැලෙන ශිල්පියෙක් නොවෙයි.

* ක්ෂේත්‍රයේ වර්තමානය ඔබට දැනෙන්නේ කෙලෙසින්ද?

විවිධ වකවානුවලදී, විවිධ රැළි මතු වුණත්, වින්දනීය ගුණාත්මක නිර්මාණ බිහිවනවා අඩුයි. ඒ බොහෝ නිර්මාණවල අන්තර්ගතවෙන්නේ, සංගීතයේ මිහිරියාව වෙනුවට දෙසවනට අමිහිරි වෙනත් පරාසයක ශබ්ද පමණයි. ඒවා රසවිඳින්නට නොහැකිවනවා මෙන්ම ශ්‍රාවක සිත් තුළ පහන් හැඟීමක් ජනිත කරවන්නට ද අසමත් වෙනවා.

* ඔබගේ ඉදිරි ගමන කෙබඳුද?

විශ්ව සංගීතය ඇසුරුකරගනිමින්, අඛණ්ඩ අධ්‍යයනයක් තුළ වඩාත් සුමිහිරි වින්දනීය නිර්මාණකරණයට යොමුවෙන්න තමයි බලාපොරොත්තුව.

සමීර වීරසිංහ සම්ප්‍රදායෙන් ඔබ්බට ගමන් කළ සංගීතඥයෙකි. එලෙස තම දැනුම සුවහසක් සිසු දරු දැරියන්හට බෙදා දෙමින් හෙට දිනයේ නව පරපුරක් තනන්නට වෙර දරන්නෙකි. ඔහුගේ නිර්මාණ සෑම විටම නැවුම් මෙන්ම යාවත්කාලීනය. 'විශ්ම' හරහා සමීර ඔබ වෙතට ගෙනෙන විශ්මය සුවිශේෂි වන්නේද ඒ නිසාවෙනි.

සටහන- දිනේෂ් හේවාවිතාරණ

ඡායාරූප- නිශ්ශංක විජේරත්න