වර්ෂ 2024 ක්වූ මාර්තු 29 වැනිදා සිකුරාදා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්

පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්

ද ලිට්ල් මර්මේඩ්

සුරංගනා කතා ප්‍රිය නොකළ කිසිවෙකුත් අප අතර නොමැති තරම්. සුරංගනා ලෝකයක ජීවත් වෙන්න ඇති ආසාව ඕනෑම පුද්ගලයෙකු තම කුඩා වියේදී ප්‍රාර්ථනා කළ දෙයක්. විවිධාකාර චරිත අතරේ පුංචි දිය කිඳුරියන් කුඩා දරුවන්ගේ සුරංගනා ලෝකය හැඩ කරන්නට පැමිණෙන අපූරු චරිතයක්. මේ දිනවල පොඩිත්තන්ගේ නිවාඩු කාලය නිසා ළමා කතන්දර, ළමා චිත්‍රපට වෙනුවෙන් ලොකු ඉඩක් වෙන් වෙලා. ඒ විදියට පුංචි දියකිඳුරියගේ කතාව සමඟින් The Little Mermaid නැවතත් රිදි තිරයට ඇවිත්.

පුංචි දියකිඳුරිය ගැන සිහිපත් කරන විට පළමුවෙන් සිහියට නැඟෙන්නේ ඩෙන්මාර්ක් ජාතික ලේඛකයකු වන හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්. සුරංගනා කතා ලොව පියා ලෙසින් විරුදාවලි ලද ඔහු අතින් ලියවුණු විශ්ව කීර්තියට පත් සුරංගනා කතා අතරේ පුංචි දියකිඳුරියටත් විශේෂ ස්ථානයක් හිමියි. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් විසින් රචිත The Little Mermaid කෘතිය එළිදැක්වුණේ 1837 වසරේදීයි. එයින් පසුව මේ දක්වා මෙම සුරංගනා කතාව පාදක කොට ගෙන සංගීතමය වේදිකා නාට්‍ය, කාටුන, පරිගණක සජීවකරණ චිත්‍රපට, රූපවාහිනි කතාමාලා වැනි නිර්මාණ රැසක් බිහි වී තිබෙනවා.

එපමණක් නොව ඩෙන්මාර්කයේ සංකේතයක් ලෙසින් කෝපන්හේගන් වරාය ආසන්නයේ ඇති පුංචි දියකිඳුරිය ප්‍රතිමාවද මේ සමඟින් බැඳී පවතිනවා. 1909 දී ලොව ප්‍රධාන පෙළේ බීර සමාගමක හිමිකරුවෙකුගේ පුතෙකු හට මෙම පිළිරුව නිර්මාණය කිරීමේ අදහස පහළ වී ඇත්තේ, කෝපන්හේගන් නුවර රාජකීය නාට්‍ය ශාලාවේ රඟදැක්වූ The Little Mermaid වේදිකා නාට්‍ය නිර්මාණය නැරඹීමෙන් අනතුරුවයි. එම පිළිරුව නිර්මාණ කරන ලද්දේ එකල දක්ෂ කැටයම් හා මූර්ති නිර්මාණ ශිල්පියකු වූ එඩ්වර්ඩ් එරික්සන් විසින්.

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ The Little Mermaid සුරංගනා කතාවට අනුව මේ පුංචි දියකිඳුරිය මුහුදට අධිපති කිඳුරු රජුගේ සත් වැනි දියණිය යි. ගොඩබිම මනුෂ්‍යයන්ගේ ලෝකය පිළිබඳ දැන ගැනීමට උනන්දුවෙන් පසු වන මෙම කිඳුරිය විසින් දිනක් මුහුදේ කුණාටුවකට හසුව අනතුරකට ලක් වූ නැවක සිටි රජ කුමරෙකු බේරා ගැනෙනවා. තමා බේරා ගත්තේ කිඳුරියක බවත් ඒ කිඳුරු කුමරිය තමා වෙත ආදරයෙන් බැඳී සිටින බව ඔහුට දැන ගන්නට ලැබෙන්නේ නැහැ. රජ කුමරා වෙත ආදරයෙන් බැඳුනද එම ආදරයට දැවැන්තම බාධකය වන්නේ ඇය මිනිස් දුවක නොවීමයි. තමන් පිළිඳබද රජ කුමරාට හඳුන්වා දීම වෙනුවෙන් තම මත්ස්‍ය සිරුරට මිනිස් ආත්මයක් ලබා ගැනීමට ඇය සිය මිහිරි කටහඬ කැප කිරීමට තීරණය කරනවා. මේ කිසිවක් නොදත් රජ කුමරා වෙනත් කුමරියක සමඟින් විවාහ ගිවිස ගැනීම නිසා කිඳුරියගේ බලාපොරොත්තු සියල්ල සුන් වෙනවා. නමුත් ඇයට යළිත් කිඳුරියක වීමට ඇති එකම මඟ වන්නේ මායාකාර කිණිස්සකින් කුමරා මරණයට පත් කර ඔහුගේ රුධිරය තම දෙපා මතට වැටීමට සැළැස්වීමෙන්. තමන් පණ මෙන් ආදරය කළ කුමරා මරණයට පත් කිරීමට නොහැකි කිඳුරිය මරණයට ලක් වී මුහුදේ පෙණ පිඬුවක් බවට පත් වෙනවා.

මුල් සුරංගනා කතාව මෙසේ වුවත් පසුව හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් විසින් එහි අවසානය කිඳුරිය සුළඟේ දියණියක බ​වටப පත් කර තුන්සිය වසරක් අවසානයේ යහපත් කල් ක්‍රියාව ඇය දිව්‍යාත්මයක් වන ලෙසින් වෙනස් කරනු ලැබුවා. කෙසේ වෙතත් වෝල්ට් ඩිස්නි විසින් 1989 වසරේ තිරගත කළ The Little Mermaid චිත්‍රපටයේ අවසානයේදී නම් දියකිඳුරියට රජ කුමරා සමඟින් සතුටින් ජීවත්වීමේ වාසනාව හිමි වෙනවා.

මේ දිනවල රිදී තිරයේ දැක ගන්නට ලැබෙන The Little Mermaid චිත්‍රපටයත් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ The Little Mermaid සුරංගනා කතාව ඇසුරෙන් නිර්මාණය වී තිබෙන්නක්. එහිදී මිත්තණියක විසින් මිණිපිරියන් දෙදෙනාට මුහුදු ජීවිතය අතහැර එන පුංචි දියකිඳුරියගේ කතාවක් පවසනවා. කුඩා මිනිපිරියන් දෙදෙනා මේ කතාව විශ්වාස නොකරන නිසා මිත්තණියහට තමන් කුඩා වියේදී මුහුණු දුන් සිදුවීමක් පවසන්නට සිදුවෙනවා. වසර ගණනකට පෙර වැදගත් පුවත් කිසිවක් නොමැතිව සිටින පුවත්පත් වාර්තාකරුවෙකු වන කැම් හැරිසන් හට ඥාති දියණියක නිසා අපූරු පුවතක් අසන්න ලැබෙනවා. ඒ අනුව සර්කස් සංදර්ශනයකට යන මේ දෙදෙනාට එහි වීදුරු පෙට්ටියක සිටින රූමත් දියකිඳුරියක දැක ගැනීමට ලැබෙනවා. ඒ සමඟින් කුඩා දැරියක කිඳුරියක වීමට කළ ප්‍රාර්ථනයක් ගැනත් ඔවුන්ට අසන්න ලැබෙනවා. මන්තරකරුවෙකු විසින් දියකිඳුරිය අල්ලා ගෙන බලය ලබා ගැනීමට ගන්නා උත්සාහය ව්‍යර්ථ කිරීම මේ දෙදෙනාගේ අරමුණ බවට පත් වෙනවා.

නෙට්ෆ්ලික්ස් විසින් ඉදිරිපත් කර පසුගිය අගෝස්තු 17 වැනිදා සිට තිරගත කිරීම ඇරඹි The Little Mermaid අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, බ්ලේක් හැරිස් විසින්. විලියම් මෝස්ලි, පොපී ඩ්‍රේටන්, ලොරේටෝ පිරෙල්ටා, අර්මන්දෝ ගුතියරෙස්, ශර්ලි මැක්ලයින් ඇතුළු පිරිසක් එහි රංගනයෙන් දායක වී සිටිනවා. අමෙරිකානු ඩොලර් මිලියන 5ක කුඩා පිරිවැයකින් නිමවා ළමා ලොව හැඩ කිරීමට පැමිණි නව The Little Mermaid චිත්‍රපටයේ කුඩා ළමයින්ට රස විඳීය හැකි බොහෝ දේ ඇතුළත් බව විචාරකයන් පවසනවා. කෙසේ නමුත් එහි කතාව අපැහැදිලි සේම දෘශ්‍ය ප්‍රයෝගයන්හි සාර්ථකත්වයක් දැකිය නොහැකි බවත් ඔවුන්ගේ අදහසයි.