වර්ෂ 2024 ක්වූ නොවැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල

ජගත් ඇපලදෙනිය කුලුඳුල් සිනමා නිර්මාණය

එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල

එදිනෙදා ජීවිතය තුළදී අපට විවිධාකාර වූ කතාන්දර අසන්නට ලැබේ. ඒවා එක් එක් අංශ යටතේ අප බෙදා වෙන් කොට තිබේ. මේ ලියැවෙන කතාව වැටෙන්නේ හාස්‍යෝත්පාදක ගණයටය. මෙහි කතා නායකයින් දෙදෙනකි.

ඉන් එක් අයකු බෙනීය. අනෙක් කෙනා බොනීය. දෙන්නා එකම රුවක කපාපු පලු දෙකක්ය. තවත් සරලව කිිවහොත් එකම රුවින් යුක්තය. බෙනී සහ බොනීව එක ළඟ තැබුවහොත් බෙනී කවුද බොනී කවුද කියා හඳුනා ගන්නට බැරිය.

මේ දෙදෙනා හමු වී නැති බැවින් තමන්ගේ රුව ඇති තවත් අයකු සිටින වග දෙදෙනාම දන්නේ නැත. එහෙත් බෙනී සහ බොනී ගැන එක් අයකු දනියි. ඒ ඥාණාපාලය. ඥාණපාල යනු බෙනීගේ සහායකයාය. ධනවත් ව්‍යාපාරිකයකු වන බෙනීගේ දුක්ගන්නාරාල මේ ඥාණපාලය.

ඒ නිසාම ඥාණපාලට විඳින්නට තිබෙන අකරතැබ්බ ද බොහෝය. බෙනීට මෙවර ඥාණපාලගේ උදවු අවශ්‍ය වන්නේ කාර්යාල සේවිකාවන් තම කාරය වට කරගත් මොහෙතකයි. මේ සේවිකාවන් පිරිවරට එලෙස බෙනීව වට කර ගන්නට උපදෙස් ලැබෙන්නේ සකුන්තලාගෙනි.

බෙනී හා ඇය පෙමින් වෙලී සිටියි. එය එක්තරා අන්දමින් අවිහිංසක අසම්මත ප්‍රේමයකි. මෙදින බෙනී සිය කාර්යාලයට එන්නේ අලුත් සුරූපිණියක සමඟිනි. එය සකුන්තලාට රුස්සන්නේ නැත. මේ හේතුවෙන් සකුන්තලා තවත් පිරිසක් සමඟ බෙනීගේ කාරය වටලනු ලබයි.

මෙවන් වූ අකරතැබ්බ නිසා තමන් මෙන් තවත් අයකු සිටී නම් කෙතරම් අගනේ ද කියා සිතයි. ඔහු ඥාණපාල මාර්ගයෙන් බොනීව ගෙන්වා ගන්නේ එබැවිනි. එතැන් පටන් බෙනී බොනී වෙයි බොනී බෙනී වෙයි.

අහිංසක දුප්පතකු වන බොනී එක සැරයට සිදු වූ වෙස් මාරුව නිසා බොනී අපහසුතාවයට පත් වේ. ඒ තත්ත්වය දෙගුණ තෙගුණ වන්නේ බෙනීගේ ණයකාරයින් බෙනී යැයි සිතා බොනීගේ පසුපස එලවාගෙන ඒමට පටන් ගැනීමත් සමඟිනි.

මෙම කතා පුවත ඇතුළත සිනමාපටය නම් කොට ඇත්තේ එලඩබල කියාය. එලඩබල නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ ජගත් ඇපලදෙණිය වේ. මෙහි බෙනී සහ බොනී ලෙස ද්විත්ව චරිත මවනුයේ නැසීගිය ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී විජය නන්දසිරි විසිනි.

එල ඩබල රංගනයෙන් හැඩ කරන පිරිස,

රොනී ලීච්, මානෙල් වානගුරු, වසන්ති රංවල, ශිරෝමිකා ප්‍රනාන්දු, රුවංගි රත්නායක, සුරේනි සෙනරත්, නුවංගි ලියනගේ, ධනංජනා ජයසුන්දර, චංචලා වර්ණසූරිය, නිල්වලා විශ්වමාලි, අචල වල්පොළ, ජගත් ඇපළදෙනිය, තුෂානි ද සිල්වා, අතුල ජයතිස්ස.

කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න සහ සජිත වීරප්පෙරුම

කලා අධ්‍යක්ෂණය - චන්ද්‍රජිත් දේවාදිත්‍ය

සහාය අධ්‍යක්ෂණය - හේෂාන් මියුරංග

නිෂ්පාදන කළමනාකරණය - චමින්ද රොද්‍රිගෝ

අංග රචනය - වසන්ත පූර්ණවංශ සහ ගයාන් මාපලගම

කතා සංකල්පය - රුවන් රත්නායක

සංගීතය - චමින්ද සෙනරත් දසනායක සහ සාගර විජේරත්න

පසුබිම් ගායනය - දීපාල් සිල්වා

ගී පද රචනය - ජගත් ඇපලදෙනිය