වර්ෂ 2024 ක්වූ මාර්තු 29 වැනිදා සිකුරාදා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
Three Billboards

Three Billboards

Outside Ebbing, Missouri

පසුගිය වසරේ රිදී තිරයේ දිග හැරුණු සිනමා නිර්මාණ අතර Three Billboards Outside Ebbing, Missouri  චිත්‍රපටයට සුවිශේෂි ස්ථානයක් හිමි වෙනවා. ලිංගික අතවර කර ඝාතනයට ලක් වූ දියණිය තම දෑතින් මිහිදන් කරන්න සිදු වූ මවකගේ ශෝකය සහ දියණියට යුක්තිය ඉටුකිරීමට ඇය ගන්නා උත්සාහය Three Billboards Outside Ebbing, Missouri  ඔස්සේ රූප පෙළක් සේ දිග හැරෙනවා.

මිල්ඩ්‍රඩ් හේයස් බොහොම කෙළින් වැඩ කරන මවක්. තම දියණිය දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් මාස හතක් ගත වන තෙක් ඒ පිළිබඳ සොයා බලා කිසිවෙකුත් අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් පොලිසිය කෙරෙහි ඇයට ඇති වන්නේ කෝපයක්. නගරයේ විශාල දැන්වීම් පුවරු තුනක් කුළියට ගන්නා ඇය, තම දියණියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ දිගින් දිගටම සිදු කරන ලෙස ඒ ඔස්සේ පොලිසියට බලකර සිටියි.

මේ හේතුවෙන් පොලිසිය සමඟ ගැටුම් ඇති වුවත් එම ගැටුම් මැඩගනිමින් තම අරමුණ කරා යාම ඇයගේ අධිෂ්ඨානය යි. ඇයට තම දියණිය වෙනුවෙන් යුක්තිය ඉටුකළ හැකි වේවි ද? දියණිය මේ තත්ත්වයට පත්වීමට හේතුව සේම පොලිස් නිලධාරින් මේ සම්බන්ධව කොතෙක් දුරට පැමිණ තිබේද ? ඔවුන්හට තවත් කළ හැක්කේ කුමක් ද ? යන්න පවසන්නේ, Three Billboards Outside Ebbing, Missouri  චිත්‍රපටය යි.

Three Billboards Outside Ebbing, Missouri  තිරරචනය කර අධ්‍යක්ෂණය කර තිබෙන්නේ බ්‍රිතාන්‍ය - අයර්ලන්ත ජාතික අධ්‍යක්ෂවරයකු වන මාර්ටින් මැක්ඩොනාග් විසින්. ඔහුට මෙම චිත්‍රපටය වෙනුවෙන් තිරරචනයට මඟ පෙන්වා ඇත්තේ, 1998 වසරේදී දකුණු අමෙරිකාවේ සංචාරය කරමින් සිටියදී නෙත ගැටුණු දැන්වීම් පුවරු දෙකක්. එම දැන්වීම් පුවරු අපරාධයක් සම්බන්ධයෙන් පොලිසියේ අසාර්ථකත්වය ඉස්මතුකර තිබූ අතර එයින් දස වසරකට පසු එය සිනමා නිර්මාණයක් බවට පත් කර තිබෙන්නේ නිෂ්පාදනයටද ඔහුගේ දායකත්වය ලබා දෙමින්.

ඒ අනුව මැක්ඩොනාග් මෙම සිදුවීම ශක්තිමත් කාන්තා චරිතයක් හා මුසු කොට නිර්මාණය කළ Three Billboards Outside Ebbing, Missouri  චිත්‍රපටයේ මිල්ඩ්‍රඩ් හේයස්ගේ චරිතයට පණ පොවන්නේ අමෙරිකානු ජාතික නිළි ෆ්‍රාන්සස් මැක්ඩොර්මන්ඩ් විසින්. වූඩි හැරෙල්සන්, සෑම් රොක්වෙල්, ජෝන් හවෝක්ස්, පීටර් ඩින්ක්ලේජ් ඇතුළු පිරිසක් ද රංගනයෙන් දායක වී ඇත. 74 වැනි වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී මංගල දර්ශනය පැවති Three Billboards Outside Ebbing, Missouri  චිත්‍රපටය ප්‍රේක්ෂක මනාපය සේම විචාරක අවධානය ද දිනා ගත් චිත්‍රපටයක් බවට පත් වී සිටින්නේ ධ්ර්ච්ඡ දර්ශකයේ 8.2/10ක් සහ රොටෙන් ටොමැටෝස්හි 92%ක් ලෙස දක්වමින්.

එය අමතක නොවන රංගනයන් ගෙන එන බොහොම තියුණු අඳුරු හාස්‍යමය සිනමා නිර්මාණයක් ලෙස රොටෙන් ටොමැටෝස් ප්‍රමුඛ විචාරය සඳහන් කර සිටියි. ප්‍රමුඛ විචාරක ජේම්ස් බෙරර්ඩිනෙලි පවසන්නේ, Three Billboards Outside Ebbing, Missouri  යනු, කම්පනය ඇති කරවන අවස්ථා සමඟින් ඛේදවාකයක් ප්‍රස්තුත කරගත් නොපැහැදිලි ගමනකට ප්‍රේක්ෂකයා කැඳවා ගෙන යන නිර්මාණයක් බවයි.

විචාරක ඇන්ටන් බිටෙල් ගේ අදහස නම්, මෙම විශාල දැන්වීම් පුවරු ත්‍රිත්වයේ පෙනෙනවාට වඩා විශාල කතාවක් අන්තර්ගත වී ඇති බවයි. එහිදී විවිධ පුද්ගලයින් තුළ පවතින ආතතිය, පන්තිය, ස්ත්‍රී - පුරුෂ බව, ආගමිකත්වය, එකිනෙකාට සමාව දීම හා පළිගැනීම යන මේ සියලු දේ එක් කළ විට අමෙරිකාවේ වර්තමානයේ පවතින තත්ත්වය ගැනත් යම් අරුතක් ගෙන එන බව ඔහු සඳහන් කර සිටියි.

Three Billboards Outside Ebbing, Missouri  මේ වසරේ ලොව ප්‍රධානතම සිනමා උලෙළ කිහිපයකදීම සම්මානයට පාත්‍ර වූ චිත්‍රපටයක් ලෙසින්ද විශේෂ යි. 90 වැනි ඔස්කාර් සම්මාන උලෙළේදී සම්මාන හතක් වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත් වී ඒ අතරින් හොඳම නිළිය සහ හොඳම සහය නළුවා (සෑම් රොක්වෙල්) සම්මාන ද්විත්වයෙන් එය පිදුම් ලැබීය. 75 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය, හොඳම නිළිය, හොඳම සහය නළුවා සහ හොඳම තිරරචනයට හිමි සම්මාන එයට හිමි විය.

 බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය, හොඳම නිළිය ඇතුළුව සම්මාන පහකින් පිදුම් ලැබීය. අමෙරිකානු ඩොලර් මිලියන 12ක පිරිවැයකින් නිර්මාණය කළ Three Billboards Outside Ebbing, Missouri  මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 158.6ක ආදායමක් වාර්තා කර ඇත.